Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 16
2,778
Views
ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකදී තමා නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් පිලට ජයග්‍රහණය ගෙන ඒමට ප්‍රමුඛ දායකත්වයක් දැක්වූවා. 

ඔහුගේ දස්කම් නිසා විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ප්‍රබල රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල පරදවා කඩුළු 05 ක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත් වූ අතර, ලකුණු 31 කට කඩුළු 04 ක් බිඳ හෙළු ලසිත් මාලිංග තරඟයේ වීරයා ලෙසද නම් කෙරුණා. 

බැංගලෝර් පිල සිය පන්දුවාර විස්ස තුළදී කඩුළු 07 ක් දැවී ලකුණු 171 ක් රැස්කළ අතර, මුම්බායි ඉන්දියන්ස් පිල පන්දුවාර 19 කදී කඩුළු 05 ක් දැවී ලකුණු 172 ක් ලබමින් තරඟයේ ජය හිමිකර ගත්තා. 

මාලිංග ගේ සුපිරි පන්දු යැවීම පහතින්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top