Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 16
391
Views

පුංචි කාලේ ඉඳන් මම ඔය අවුරුදු ක්‍රීඩාවලට හරි ආසයි. ඒවට සහභාගී වෙනවා. හැබැයි මම වැඩිපුරම ආස කනාමුට්ටි බිඳමටයි, සංගීත පුටු තරගයටයි තමයි. මේ අවුරුද්දෙත් මම උගන්වන පාසලේ අවුරුදු උත්සවයේදිත් මම සංගීත පුටු තරගයට ඉදිරිපත් වෙලා ප්‍රථම ස්ථානය දිනාගත්තා. එක අවුරුද්දක මම හරි ආසාවෙන් හිටියේ කොට්ට පොර තරගයට ඉදිරිපත් වෙන්න. ඊට කලින් මම ඒ තරගයට ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. හැබැයි කොට්ට පොර ගහද්දි හරි ආසාවෙන් බලාගෙන ඉඳලා තියෙනවා.

ඉතින් එක අවුරුද්දක එක්තරා නාලිකාවක තිබුණු කලාකරුවන් සහභාගී වුණු අලුත් අවුරුදු උළෙලක මමත් කොට්ට පොර තරගයට ඉදිරිපත් වුණා. ආසාවටම තමයි ඉදිරිපත් වුණේ. ඔන්න ඉතින් බොහෝම අමාරුවෙන් පුටු තියලා අර කොටේට නැග්ගා. ඊට පස්සෙ තමයි ඒකෙ අමාරුව තේරුණේ. බුදු අම්මෝ අර කොටේ උඩ සමබරතාවයෙන් වාඩි වෙලා ඉන්නම බෑ. කකුල් දෙක තද කරලා තියාගන්න එපැයි. පුවක් කඳ උඩ පුදුම අමාරුවෙන් තමයි හිටියේ. හොඳ වෙලාවට මගේ කකුල් දෙක යට ඉඳගෙන කට්ටිය අල්ලාගෙන හිටියා. මේ හැම තරගයකම දිනන්න පොඩි උපක්‍රම තියෙනවා. ප්‍රතිවාදියා ගහද්දි ගැම්ම අරගෙන ඉවසගෙන ඉඳලා ඒ ප්‍රහාරය කොහොමහරි මඟහරින්නත් ඕනේ. ඔන්න ඉතින් ළඟ හිටපු අයගේ සපෝට් එකෙනුයි, පොඩ්ඩක් හොර කරලයි කොහොමහරි ඒ කොට්ටපොර තරගයෙන් මම දින්නා. හැබැයි ඉතින් ළඟ හිටපු අය යටින් මගේ කකුල් දෙක අල්ලගෙන හිටපු හින්දා හොඳයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top