Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 15
1,003
Views

එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා. 15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයට පන්දුව පළුදු කිරීමේ චෝදනාව යටතේ තරග තහනමට ලක්ව සිටි හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ හිටපූ උප නායක ඩේවිඩ් වෝනර් යළි කැඳවා තිබීම විශේෂත්වයක්.

ලෝක කුසලානයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතයේ නායකත්වය ආරම්භක පිතිකරු එරොන් ෆින්ච්ට හිමිව ඇති අතර ජේසන් බෙහෙරෙන්ඩොෆ්,ඇලෙක්ස් කේරි , නේතන් කෝලට්ර නයිල් , පැට් කමින්ස් , උස්මන් කාවාජා , නේතන් ලයන් , ශෝන් මාෂ් , ග්ලේන් මැක්ස්වෙල් , ජායි රචඩ්සන් , මිචෙල් ස්ටාක් , මාකස් ස්ටොයිනිස් හා ඇඩම් සැම්පා යන ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියානු සංචිතයට ඇතුලත්.

කෙසේ වෙතත් වර්තමානයේ ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වු පීටර් හැන්ඩ්ස්කොම්බ් හා ජොෂ් හැසල්වුඩ් මෙවර ඔස්ට්‍රේලායානු ලෝක කුසලාන සංචිතයට ඇතුලත් නැහැ. එසේම ඇශ්ටන් ටර්නර් , මැතිව් වේඩ් හා ඩාර්සි ශෝට්ටද මෙවර ලොක කුසලාන සංචිතයේ ස්ථානයක් හිමි වී නැහැ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top