Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 15
1,133
Views
අකිල ධනුද්දර

අපි හැම පාරම අපේ ගෙදර තමයි චාරිත්‍ර ඉටු කළේ. ඒත් මේ පාර විශේෂයි. මොකද නෑදෑයො වැඩිවෙලා තියෙනවා. ඉතින් කොහොමහරි ප්‍රධාන නෑදෑයන්ගේ ගෙවල්වල යන්නම ඕනෙ. හැම නෑදෑ ගෙදරකටම විනාඩි පහකට හරි ගොඩවෙන්න ඕන. ඒ පුරුද්ද අපේ අප්පච්චි තමයි අපිට පුරුදු කළේ. ඉතින් කොහොම හරි අවුරුද්දට අපේ කලා ලෝකයේ හිත මිත්‍රයන්වත් ඒ වගේම ප්‍රේක්ෂකයන්වත් හමුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


අලුත් අමුත්තා එක්ක අවුරුද්ද සමරනවා

තිසුරි යුවනිකා

අවුරුද්ද කියන්නේ අපි පොඩි කාලේ ඉඳන්ම එනකම් බලාගෙන ඉන්න දෙයක්. වයසින් මුහුකුරා ගිහින් කියලා ඒකෙ වෙනසක් නැහැ. තවමත් එහෙමයි. ඉතින් හැමදාම වගේ මේ පාරත් පවුලේ අයත් එක්ක තමයි අවුරුද්ද සමරන්න හිතාගෙන ඉන්නේ. අනෙක් එක මේ පාර අපේ පවුලට අලුතින් අමුත්තෙකුත් එකතු වෙලා ඉන්නවා. ඒ මගේ සැමියා. ඉතින් පවුල් දෙකත් එක්කම අවුරුදු සමරන්න තමයි හිතන් ඉන්නේ. ඊට පසුවදා වෙනදා වගේම ගමේ යනවා.



මෙදාපාර අවුරුද්ද සමරන්නේ පුබුදුගේ ගෙදර

මාෂි සිරිවර්ධන 

අවුරුදු සමරන්න මහත්තයාගේ (පුබුදුගේ) ගෙදර යනවා. පොඩි කාලේ ඉඳන්ම අවුරුද්දට චාරිත්‍ර කරනවා. ඉතින් මහත්තයගෙ ගෙදරදී තමයි මේ පාර ඒ දේවල් කරන්නෙ. තාම මම එච්චර කැවිලි වර්ග හදන්න දන්නෙ නැති නිසා ඒ දේවල් හදන්න මහත්තයාගෙ අම්මට උදවු කරනවා.


හිරු එක්ක අවුරුදු සමරනවා 

මාධවී වත්සලා 

හැමදාම වගේ මේපාරත් විවිධ රූපවාහිනි වැඩසටහන් තියෙනවා. මම වැඩ කරන්නෙ හිරු නාළිකාවේ නිසා නාළිකාවේ ඉඳන් සජීවීව තමයි චාරිත්‍ර කරන්නේ. ඊට පස්සේ අපි අත්තම්මලගෙ ගෙදරත් යනවා. 



පවුලේ සාමාජිකයන් වැඩියි සතුටත් වැඩියි

 සජිත ඇන්තනී

අපි හැමදාමත් වගේ මේ පාරත් අපේ අම්මලගෙ ගෙදර ඒ කියන්නෙ ආච්චලගෙ ගෙදර යනවා. එයාලා හමුවෙලා චාරිත්‍ර කරලා කැවිලි කාලා අවුරුද්ද සමරනවා. අපේ පවුල ටිකක් කාර්යබහුලයි. ඉතින් අපි එකට එකතු වෙනවා කියන එක බොහොම විරල අවස්ථාවක්. දැන් අපේ පවුලෙ සාමාජිකයන් වැඩියි. ඉතින් සතුටත් වැඩියි.



අවුරුද්දට පස්සේ බැංකොක් යනවා

නිත්‍යවානි

විවාහයෙන් පස්සෙ එන පළමු අවුරුද්ද මේ පාර අපි සමරන්නෙ. අවුරුදු දවසට අපි කැවිලි හදලා දෙවියන්ට පූජා කරලා ඊට පස්සෙ අපි කෝවිලට යනවා. අවුරුද්දට පස්සෙ දවසෙ බැංකොක් යන්නත් සැලසුම් කරගෙන ඉන්නවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top