Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 13
615
Views
එබනි චෙෂියර් 13 හැවිරිදි දැරියක්. ඇය ජිවත් වූයේ එංගලන්තයේ රේන්නෝල් නගරයේ. පසුගියදා ඇය හිටි හැටියෙම අසනීප වෙනවා.
 
සිහිසන් නොමැතිව ඇද වැටුුණු ඇය වහාම රෝහල වෙත ගෙනයනු ලැබු නමුත් ඇයට ජිවත් වෙන්න වාසනාව තිබුණේ නැහැ. ඇය මෙලෙස හිටි හැටියේ මරණයට පත් වීමට හේතුව කුමක්ද යන්න වෛද්‍යවරුන්ට පවා සොයාගත නොහැකි වුණා.
 
මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වුවත්, පොලීසියටද ඇගේ මරණය ගැන කිසිදු හෝඩුවාවක් ලැබෙන්නෙ නැහැ.

පසුව ඇගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලබනවා.
 
පවත්වනු ලබන මරණ පරීක්ෂණයේදී 'එක්ස්ටසි' නැමැති මත්ද්‍රව්‍ය ශරීරගතවීම නිසා ඇගේ මරණය සිදු වී ඇති බව හෙළි වුණා. 'එක්ස්ටසි' පෙත්තට මානසික උත්තේජනයක් ඇති කරමින් ශක්තිය, කම්පනය හා සතුට ඇති කරවීමේ හැකියාවක් ඇති කළ හැකි බව කියනවා.
 
එය කෙළින්ම කෙනෙකුගේ මධ්‍යම ස්නායු පද්ධතියේ උත්තේජනයක් ඇති කරනවා.
 
එසේම එය කෘතිම රසායනික සංශ්ලේෂිත ඖෂධයක් වන අතර එමඟින් චිත්ත ස්වභාවය හා ප්‍රතක්‍යෂ ඥානය (අවට පරිසරය පිළිබඳ අවබෝධය) වෙනස් කිරීමට හැකි බවත් ඇමරිකාවේ වෛද්‍යවරුන් කියනවා.
 
මෙම මත් උවදුර දැනට එංගලන්තයේ වේගයෙන් පැතිරීම හේතු කොටගෙන එයට එරෙහිව පොලීසිය විමර්ශන අරඹා ඇති බවද වාර්තා වනවා. කෙසේ වෙතත් එබනී චෙෂයර් නම් 13 හැවරිදි දැරිය මෙම මත්ද්‍රව්‍ය ලබාගනු ලැබුවේ කෙසේද යන්න දැනගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත්තේ ඇගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීමෙන් පසුවයි.
 
ඇගේ අකල්මරණයට හේතු වූ අබිරහසක් වුවත් මරණ පරීක්ෂණයට අනුව 'එක්ස්ටසි' නම් මෙම තහනම් මත්ද්‍රව්‍ය ඇගේ ශරිරයට ඇතුළු වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
 
ඇගේ වියෝවත් සමඟ මහත් කම්පාවට පත්ව ඇති ඇගේ මව "අනේ මගේ රත්තරන් කුමාරියේ, ඔයා නැතුව මගේ ජිවිතය විනාශ වෙලා වගේ දැනෙනවා... ඔයා නැතුව අපේ ජිවිත අතරමං වෙලා වගෙයි....." යනුවෙන් පැවසූ අතර ඇගේ සහෝදරයා හා සෙසු සාමාජිකයින් මෙන්ම රේන්හිල් පාසලේ දරුවන් මෙන්ම ගුරුවරුන්ද මහත් සේ ශෝකයට පත්ව සිටිනවා.
 
එහෙත් ඇයට මෙම මත්ද්‍රව්‍ය ලබාදුන්නේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් හෙළි වී නැහැ.
 
මේ අතර 'එක්ස්ටසි' නිසා එංගලන්තය පුරා සිදුවී ඇති මරණ සංඛ්‍යාව ඉහළ නැග ඇති බව වාර්තා වනවා.
 
මීට පෙර 19 හැවිරිදි තරුණියක්ද මේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා මරණයට පත්වූ බව මෆ් චෙස්ටර් ලෙීසිය වර්තා කර ඇති අතර ලාෆ්කැෂයර් ප්‍රාන්තයේ 16 හැවිරිදි ස්කයි නිකොල් හා ලිවර්පුල් ප්‍රදේශයේ 17 හැවිරිදි ෆාසා ඇලන් හා ස්ටිවින් ෂොල්ටින් යන තරුණ තරුණියන්ද එම මත්ද්‍රව්‍ය නිසා ජිවිතයෙන් සමුගෙන ඇති බව මැන් චෙස්ටර් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
 
මේ අතර ජනතා සෞඛ්‍ය ආයතනයේ මහාචාර්යවරයෙකු වන හැරී සම්නෝල් පවසන්නේ එම මත්ද්‍රව්‍ය ප්‍රමාණයෙන් වැඩියෙන් ගැනීම නිසා මේ අයුරින් මරණය සිදුවිය හැකි බවයි. මෙම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අය එක් පෙත්තකින් සීමා නොවී ඒවා වැඩිපුර ගැනීමට පුරුදු වී සිටීම ඊට හේතුව වී ඇති බවත්, මාත්‍රාව වැඩිවීම නිසා මේ අයුරින් මරණය සිදුවිය හැකි බවත් ඔහුගේ අදහස වී තිබෙනවා.
 
මේ අතර ලැන්කැෂයර් ප්‍රාන්තයේ ට්‍රැෆඩ් නගරයේදී 13 හැවිරිදි දරුවෙකුට මෙම මත්ද්‍රව්‍ය දීමට තැත් කළ 15 හැවිරදි දරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. මත්ද්‍රව්‍ය ගනු ලැබු දරුවා දැඩි සත්කාර ඒකකයේ පසුවන බවත්, 15 හැවිරිදි දරුවා අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවත් පොලිසිය පවසනවා.
 
- රෝහණ ආර්යරත්න

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top