Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 13
547
Views
"කොහේ හිටියත් ප්‍රේමවන්තයා ප්‍රේමවන්තයාමයි.."

"ඒකට ලෑස්තිවෙන්න වෙලාවක් නැතිකම තියෙන්නේ.."

ප්‍රේක්ෂකයන් හරි බුද්ධිමත්. අපි ප්‍රේක්ෂකයන්ට හරියට දේවල් දෙනවා නම් පෙරළා ඔවුන්ගේ ආදරය අපට ලැබෙනවා. හොඳ හෝ නරක වේවා ඔවුන් අපට ලබාදෙන ප්‍රතිචාරවලට අපි ගරුකරනවා සහ ඒවා නිහතමානීව පිළිගන්නවා. ප්‍රේක්ෂකයො තමයි අංක එක.

පුංචි තිරයේ වැඩවලට සම්බන්ධ වුණාම සිනමාවට ආරාධනා ලැබෙනවා අඩු නැද්ද?
එහෙම එකක් කියනවා. හැබැයි අපි හැමදේකම මැද හිටිය නම් හරි. පුංචි තිරයේ වුණත් හැම නිර්මාණයටම යනවට වඩා අවශ්‍ය සහ ගැළපෙන නිර්මාණවලට සම්බන්ධ වුණාම ප්‍රශ්නයක් නැහැ. මට නම් හිතෙන විදියට අධ්‍යාපනය, වටපිටාව තේරුම් ගැනීම සහ තමන්ගේ දක්ෂතාවන් එන්න එන්න ඔපමට්ටම් කරගත්තොත් ටෙලි නාට්‍යයක රගපෑවත් චිත්‍රපටයක රඟපෑවත් කමක් නැහැ. ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණත් ඒ වෙනුවෙන් කැපවෙලා මහන්සි වෙලා ඒ දේ කළොත් ඒ සාර්ථකත්වය දැකලා සිනමාවටත් ආරාධනා ලැබෙනවා. මම මේ වෙනකොට චිත්‍රපට නවයකට සම්බන්ධවෙලා තියෙනවා. 

වැඩිපුරම කැමැති සිනමාවේ ප්‍රේමවන්තයා වෙන්නද..? පුංචි තිරයේ ප්‍රේමවන්තයා වෙන්නද..?
ඒ දෙකෙන් ඕන එකක්. ප්‍රේමවන්තයා තමයි මම කැමැති. මොන මාධ්‍යයේ හිටියත් ප්‍රේමවන්තයා එකයිනේ. 

පුංචි තිරය, සිනමාව කියලා ඔබේ බෙදීමක් නෑ වගේ...?
ප්‍රේක්ෂකයන්ට හොඳ දේවල් දෙන්න ඕනි කියන තැන තමයි මම ඉන්නෙ. නළුවෙක් වුණාම ටෙලි නාට්‍ය, චිත්‍රපට, වේදිකා නාට්‍ය වගේ හැම පැත්තකටම සම්බන්ධ වෙන්න ලැබෙනවා නම් ගොඩක් හොඳයි. තමන්ගේ දක්ෂතාවන් ඕනම පැතිකඩකින් ප්‍රේක්ෂකයන්ට නිරූපණය කරලා රස වින්දනයක් ලබා දෙන්න පුළුවන් නම් ඒක ඒ කලාකරුවාගේ තියෙන වටිනාකමක් සහ දක්ෂතාවක්. 

සූර්යා වෙනස් වෙනස් චරිතවලින් දකින්න ලැබෙනවා. ප්‍රේමවන්තයාටම කොටු වෙන්න සූර්යාට සිද්ධ වෙලා නැහැ වගේ?
මේ කාලේ තාරුණ්‍යයත් එක්ක ආදරවන්තයාගේ චරිතයට ගොඩක් ආරාධනා ලැබෙනවා. තව ටිකක් වයසට යනකොට ආදරවන්තයාගේ චරිතය කරන්න බැරිවෙයිනේ. ඒත් මම එක චරිතයකට කොටුවෙන්න කැමැති නැහැ. මම මෙතෙක් කරපු ටෙලි නාට්‍යවල විවිධ චරිත නිරූපණය කළා. 

සූර්යා කියන ගායකයාට මොකද වෙලා තියෙන්නේ?
ඒ ගායකයත් එහෙමම ඉන්නවා. “මගේ නේ” ගීතයෙන් පස්සේ ගීත දෙකක් කළා. “අනුරාගිනී සහ ඉඟිකාරී කියලා. ඒ දෙකේ මියුසික් වීඩියෝ කරලම ප්‍රේක්ෂකයන්ට භාරදෙන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. රූපගත කිරීම් එක්ක ඒකට ලෑස්ති වෙන්න නිදහස මදිකමක් තියෙනවා. හැමදාම මගේ නිර්මාණ දකින්න නැතිවෙයි. හැබැයි ඉඳලා ඉඳලා ප්‍රේක්ෂකයන්ගේ හදවතට දැනෙන්න නිර්මාණ කරන්න තමයි මගේ බලාපොරොත්තුව. 

සූර්යා එළිමහන් ප්‍රසංග වේදිකාවේ දකින්න ලැබෙන්නේ අඩුවෙන්?
ඔව්. එළිමහන් ප්‍රසංගවලට සහභාගි වෙනවා. නමුත් අඩුවෙන්. ඒ අකැමැත්තක් නිසා නෙවෙයි. ගෘහස්ථ ප්‍රසංගවලට තමයි වැඩිපුර ආරාධනා ලැබෙන්නේ. 

ගායනය, රංගනය කියන හැමදේම සමබර කරගන්න පහසුද?
තමන්ට කැපවීම තියෙනවා නම් මහන්සි වෙන්න පුළුවන් නම් ඕන දෙයක් කරන්න පුළුවන් කියන තැන තමයි මම ඉන්නේ. අපිට වඩා අතිශය කාර්යබහුල මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. ඒගොල්ලෝ එක්ක බලන කොට අපිට මේ කටයුතු කළමනාකරණය කරගෙන සමබර කරගෙන යන්න බැරිකමක් නැහැ. 

ඔබ සිනමාවේ පෙම්වතෙක්. පුංචි තිරයේ පෙම්වතෙක්. සැබෑ ජීවිතේ?
සැබෑ ජීවිතේ තාම එහෙම නැහැ. 

අලුතින් එන්න තියෙන නිර්මාණ ගැන මතක් කළොත්?
වැලි පවුරු, තානාපතිලාගේ ගෙදර, තට්ටු දෙකේ ඉස්කෝලේ ඇතුළු චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේ තිරගත වෙන්න නියමිතයි. අප්‍රේල් මාසේ මුල වෙනකොට මගේ හතර වැනි චිත්‍රපටය වන වැලි පවුරු චිත්‍රපටය රිලීස් වෙනවා. ටෙලි නාට්‍ය කිහිපයක්ම එන්න තියෙනවා. මගේ අලුත්ම ගීත දෙකක් ළඟදීම ප්‍රේක්ෂකයන්ට බලාගන්නත් පුළුවන් වෙයි. දර්ශන රුවන් දිසානායකගේ සංගීත අධ්‍යක්ෂණයක් වන වසන්ත නිද්‍රාව ඔපෙරාවත් ඉදිරියේදී නෙළුම් පොකුණේදී වේදිකා ගතවීමට නියමිතයි. 

ඉරේෂා කල්හාරි සේනාධීර
මව්බිම



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top