Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 11
1,489
Views
IPL පිටිය සැණකෙළියක් කරමින් ඊයේ පැවති තවත් සුපිරි තරඟයකින් කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම කඩුලු 3 කින් පරාජය කළ මුම්බායි ඉන්දියන් තියුණු ජයක් හිමිකරගත්තා.

තරඟය ආරම්භයේ පටන් පිටියේ අණසක පැතිරූ කිංග්ස්ලෙවන් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිහරඹය කණ්ඩායමට ජය ගෙනෙනු ඇති බවට විචාරයකයන් රැසක් අනාවැකි පළකලා.

මුම්බායි ප්‍රබලයන් දෙදෙනෙකුම ඊයේ තරඟයට එක්නොවීම තවත් විශේෂත්වයක්.

පන්දු යැවීමේ බලඇණිය මෙහෙයවූ ලසිත් මාලිංග මෙන්ම මුම්බායි නිත්‍ය නායක රෝහිත් ශර්මා ඊයේ තරඟයට එක්වූයේ නෑ.

කෙසේ වෙතත් ඊයේ මුම්බායි නියමුවා වූ පොලාඩ් පසෙක දැමිය නොහැකි වගකීම සිය දෙවුර මත තබාගෙන කණ්ඩායම රැගෙන ධැවැන්ත ජයග්‍රාහී ඉලක්කය කරා ගියේ විචාරකයන්ගේ අවතක්සේරුව මිත්‍යාවක් කරමින්.

එහිදී ප්‍රතිවාදීන්ගේ ඉලක්කයට සාර්ථක පිළිතුරක් ලබාදෙමින් ස්ථාවර ඉනිමක් ගොඩනැගූ පොලාඩ් අවසන් පන්දුවාරය දක්වාම පිටියේ රැඳී සිටිමින් ලකුණු 83ක් රැස්කළා.

පන්දු 31 කට පමණක් මුහුණදෙමින් ගොඩනැගූ ඔහුගේ මෙම ප්‍රවේගකාරී ඉනිමට හයේ පහර 10 ක් සහ හතරේ පහර 3 ක් ඇතුලත්.

තරඟයේ වීරයා වෙමින් කණ්ඩායම ජයටැඹ ආසන්නයට රැගෙන ගිය පොලාඩ් අවසන් මොහොතේ මුම්බායි හදවත් මොහොතකට නතර කරමින් දැවී යන්නේ අවසන් පන්දුවාරයේ දෙවන පන්දුවටයි.

අවසන් පන්දුවාරය ඇරඹුමේ අන්කිත් රාජ්පූට් යැවූ පළමු පන්දුව නිපන්දුවක් වූ අතර එයට පොලාඩ් හයේ පහරක් එල්ලකළා.

මීළඟ පන්දුවට නිදහස් පහරක් එල්ලකිරීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගත් පොලාඩ් එයට හතරේ පහරක් එල්ලකළා.

අනතුරුව යොමුකළ පන්දුවටද නොහික්මුණු පොලාඩ් ගේ පිත්තෙන් ප්‍රහාරයක් එල්ලවුවද එය පන්ජාබ් කණ්ඩායමේ හතරේ සීමාව ආසන්නයේ පන්දු රැකීමේ නිරතවූ මිලර් පසුකර යාමට තරම් සමත් වුයේ නෑ.

මුම්බායි ප්‍රේක්ෂකාගාරය මොහොතකට නිහඬ වුවද අවසානයේ උණුසුම මැද පිටියට එක්වූ චහර් සහ ජෝසප් කඩුලු අතර දිවයමින් තරඟයේ ජය මුම්බායි කණ්ඩායමට ගෙන ඒමට සමත් වූවා.

එම අවස්ථාව පහතින්.



තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 197ක් රැස්කළා.

එහිදී බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූයේ ලෝකේශ් රාහුල් සහ ගේල් එක්ව ගොඩනැගූ ආරම්භක සම්බන්ධතාව වෙතයි.

ශතකයක් රැස්කළ ලෝකේශ් රාහුල් පන්දු 64 කදී ලකුණු 100ක් රැස්කරගත්තේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමඟින්.

සුපිරි ගේල් හයේ පහර 7 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 36කදී ලකුණු 63ක් රැස්කරගත්තා.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 2 ක් දවාගත් අතර ජේසන් බ්‍රේන්ඩ්‍රොෆ් සහ ජස්ප්‍රිට් බුම්රා එක් කඩුල්ල බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි මුම්බායි කණ්ඩායම කඩුළු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top