Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 11
1,735
Views
සේමිණි අක්කා ඇත්තටම මොකක්ද රහස?

ගොඩක් අය අහනවා සුදුවෙන්න මොනවද කරන්නේ, ඔයා ගොඩක් සුදුවෙලා කියලා. අනේ ඒ හැමෝටම මම කිව්වේ මේ මම උපතින්ම ගෙනාව හමේ වර්ණය කියලා. ඔයාටත් කියන්න තියෙන්නේ ඒකමයි.

උපතින්ම ලැබුණ හම ලස්සනට තියා ගන්න ඔබ මොකද කරන්නේ.

ම්....... මම දවසට ගොඩක් වතුර බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඊට අමතරව සතියකට දින කිහිපයක් ඖෂධීය කැඳ වර්ගයක් පිළියෙල කර පානය කිරීමට පුරුදු වී සිටිනවා. ගොටුකොළ, වැල්පෙනෙල, හාතවාරිය, හීන්බෝවිටියා වැනි පලාවර්ග එකක් හෝ කිහිපයක් එකතු කර සකසා ගන්නා කැඳ වීදුරුවක් බොන්න පුරුදු වෙලා ඉන්නවා. නිවසේම සකසා ගන්නා කැඳ කෝප්පයට ගෙදර හැමෝගේම ලොකු ඉල්ලූමක් තියෙනවා. ඊට අමතරව මම නිරෝගීකම ආරක්ෂා කර ගන්න වගේම සමේ පැහැය ලස්සනට තියා ගන්න පළතුරු ගොඩක් කන්න පුරුදු වෙලා ඉන්නවා. ඉදුනු පළතුරු කෑලි වශයෙන් කෑමට පුරුදු වී සිටියත් මම ජූස් ලෙස පිළියෙල කර පළතුරු ගන්න කැමති නැහැ. මොකද පළතුරු යුෂ ලෙස පිළියෙල කිරීමේදී තන්තුමය කොටස් විනාශ වී යන නිසා.

නෙල්ලි වාරයට නෙල්ලි ගෙදර ගෙනැල්ලා දවසකට එක බැගින් නෙල්ලි ගෙඩියක් කන්න පුරුදු වෙලා ඉන්නවා. නෙල්ලිිවල සමට හිතකර පෝෂණ සංඝටකයන් බොහොමයක් අඩංගුයි. ඒ වගේම නෙල්ලි කෑවාම තරුණ බව රැකෙනවා කියලත් කියනවා නේද?

දේශීය පළතුරුවලට මම කොහොමත් කැමතියි. ආ... ඊට අමතරව මාසයකට දවසක් පිරිසිදු බව ලබා ගන්න කොහොඹ කොළ මිටක් බ්ලෙන්ඞ් කරලා ඒකෙන් ලබා ගන්න කොහොඹ කොළ යුෂ මේස හැඳි 2x3ක් බොන්න පුරුදු වෙලා ඉන්නවා. මෙම පානයෙන් ශරීරයේ ඇති විෂ කොටස් ඉවත් වී ලේ පිරිසිදු වෙනවා. කොහොඹ කොළ බොන්න හරිම අමාරුයි. කොළ ඉස්ම ටික කටට හලාගෙන එළකිරි වීදුරුවක් බොනවා. මෙම සත්කාරයනම් මම බොහෝ කල් ඉඳලා කරනවා. මම වගේම දුවත් මෙම කොහොඹ යුෂ පානය කරන්න දැන් පුරුදු වෙලා ඉන්නවා.

වර්තමානයේ සමේ පැහැය වර්ණවත් කර ගැනීමට විවිධ පෝෂණ අතිරේක ක්‍රීම් වර්ග පමණක් නොවේ එන්නත් පවා තිබෙනවා. මේවා භාවිතය ඔබ අනුමත කරනවාද?

වෛද්‍ය නිර්දේශයකින් තොරව හම සුදුවෙන්න කියා භාවිතා කරන දේවල් ගැන නම් මම අනුමත කරන්නෑ.

සම ලස්සන වෙන්න සමේ තෙතමනය ආරක්ෂා කර ගන්න ඔබ මොනවාද ආලේප කරන්නේ?

මට දැන් වයස අවුරුදු හතළිහ පැනලා. වයසට යාමේදී සමේ තෙතමනය ඉවත්වීම, සම එල්ලා වැටීම ආදිය සිදුවන නිසා වයස අවුරුදු 35x36 දී ඉඳලා මම ශරීරයට අවශ්‍ය විටමින් ඛණිජලවන ලැබෙන ගමන්ම හමත් ලස්සන වෙන හොඳ විටමින් වර්ගයක් පාවිච්චි කරනවා. භාවිතා කරන ආලේපන විදේශ රටකින් ගේන එකක්.

ලස්සන අම්මා කෙනෙක් ඉන්න එක ගැන දුව ආඩම්බරද?

ම්... ඔව් මම හිතන්නේ. දැනුමෙන් වගේම නව ලෝකයේ වෙනස් වීම් මෝස්තර රටාවන් කාලයෙන් කාලයට වෙනස්වන දේවල් ගැන දුව නිතර දැනුවත්. එයා තමයි මට දැන් ගොඩක් වෙලාවට ඇඳුම් සෙරප්පු ආදිය තෝරන්නේ. නොගැළපෙන දෙයක් ඇන්දොත් ඒකත් එයා පෙන්වා දෙනවා. ලස්සන තරුණ දුවක් ඉන්න නිසා මමත් ඇත්තටම ආඩම්බරයි. ඇයත් මා දිහා බලා ආදරණීය ආඩම්බරයක් ලබනවා ඇති.

ශරීරයේ හැඩය ක්‍රමානුකූලව පවත්වා ගැනීමට ඔබ වෙහෙසෙනවා නේද?

නැහැ. මම ශරීරයට ගොඩක් දුක් දීලා ලස්සන ඇඟක් හිමිකර ගන්න කාන්තාවක් නොවේ. කටට රහට ගුණදායි කෑම බීම මම කනවා. ඇඟ කෙට්ටු කර ගන්න කියලා නොකා නොබීනම් ඉන්නෑ. ශරීරය ගොඩක් මහත් වේගෙන එනවා නම් එක දිගට ජිම් ගිහින් මම ඒ ඇඟ කොහොම හරි අඩුකර ගන්නවා. නැත්නම් ඉතින් සතියකට දින කිහිපයක් ඇවිදින එක තමයි මම පුරුද්දක් විදිහට කරන්නේ.

කොහොම වුණත් එක සතියකින් මට උවමනා විදිහට මගේ ශරීරයේ හැඩය මට හදා ගන්න පුළුවන්. මහත් වෙන්න ඕනේ නම් මහත් වෙන්න පුළුවන්. කෙට්ටු වෙන්න ඕනේ නම් කෙට්ටු වෙන්න පුළුවන්.

ලෝකයේ ඔබ දුටු ලස්සනම කාන්තාව කවුද?

ඩයනා කුමරිය. ඇගේ රූපයේ සුන්දරත්වයට චාම්බවට වගේම ඇය සතු වූ මානුෂික හැඟීම්වලට මම හරිම කැමතියි. අදටත් මම ඩයනා කුමරියගේ පින්තූරයක් දැක්කාම විනාඩි කිහිපයක් ඒ රූපය දෙස බලා සිටිනවා.

රූමත් කාන්තාවක් ලෙසට ඔබ විශ්වාස කරනවාද කාන්තාවකට ලස්සන වැදගත් කියා?

ම්... මෙහෙමයි රූප සුන්දරියක් වගේ ලස්සන නොවුණත් පිරිසිදුකම ප්‍රියමනාප බව තියෙන කාන්තාවක් හරිම සුන්දරයි. එහෙම නැතුව රූප සුන්දරියක් වුණත් වැඩක් වෙන්නෑ පිළිවෙළ පිරිසිදුකම නැත්තං.

කාන්තාවක වෘත්තියකින් ඉදිරියට යාමට ලස්සන වැදගත් වෙනවා කියා ඔබ විශ්වාස කරනවාද?

නැහැ. කාන්තාවක් උගත් මෙන්ම බුද්ධිමත් විය යුතු බවයි මාගේ හැඟීම. ලස්සන වෙන්න උත්සහ ගත්තොත් ඕනෑම කෙනෙකුට පුළුවන්. නමුත් බුද්ධිමත් කාන්තාවකට සමාජයේ ලොකු පිළිගැනීමක් තියෙනවා. පොතේ දැනුමෙන් ඉහළට ගිය ගොඩක් අය සමාජය ගැන අවබෝධයක් නොමැතිව ජීවිතය වරද්ද ගත්ත අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා කාන්තාවකට ලස්සනට වඩා බුද්ධිය වැදගත් කියා මම විශ්වාස කරනවා.

ලස්සනට ඉන්න ආලේපන ගැල්වීම නවීන මෝස්තර රටාවන් අනුගමනය කිරීම පමණක් ප්‍රමාණවත් කියා ඔබ විශ්වාස කරනවාද?

හිතින් අනිත් අයට ඊර්ෂ්‍යාකරමින් කුහකකම් කරමින් අකුල් හෙළ හෙළ ඉඳලා ලොකු මේකප් එකක් දාගෙන සමාජයක් ඉස්සරහට ගියත් එවැනි අයගේ මුහුණෙන් ඒ ආරෝපිත මුහුණ පේනවා. ඔවුන්ගේ සිනහව පවා ව්‍යාජයි. ඒ නිසා මම නම් හිතන්නේ අපි ජීවත්වෙන ටික කාලේ සතුටින් සැහැල්ලූවෙන් විනෝදයෙන් ඉන්න ඕනේ. මානසික ආතතිය මානසික පීඩනය කියන මහා බැරූරුම් වචන ඇහෙනවාටත් මම නම් කැමති නැහැ. ජීවිතය කියන්නේ විඳින්න ඕනේ දෙයක්.

සෑම කාන්තාවකට සුන්දරව ඉන්න ඔබ දෙන උපදේශය කුමක්ද?

මහ ලොකු සල්ලියක් ඕනේ නැහැ. පිළිවෙළට පිරිසිදුව ප්‍රියමනාපව ඉන්න පුළුවන්නම් ඒක වැදගත්. ඊට අමතරව කාන්තාවක් විදිහට හැම තිස්සේම තමන්ගේ වැඩ තමන්ම කර ගන්න පුරුදු වෙනවා වාගේම තමන්ට කියා කීයක් හරි හොයා ගන්න ක්‍රමයකුත් සකසා ගන්න. එහෙම වුණොත් අපි කාගෙන්වත් යැපෙන්න ඕනේ නැහැ.

 

අසුන්තා එදිරිසූරිය

ඡායාරූප - සජීව ලක්‍ෂාන්
Image may contain: 1 person, smiling

Image may contain: 1 person, smiling, closeup
Image may contain: 1 person, smiling, standing and indoor
Image may contain: 1 person, smiling, standing and outdoor
Image may contain: 1 person, smiling, standing, tree, outdoor and nature
Image may contain: 1 person, smiling, sitting and indoor
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top