Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 10
389
Views

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් නමැත්තා ඉදිරි දෙසතිය ඇතුළතදී ශ්‍රී ලංකාවට පිටුවහල් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (09 දා* කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් යන මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එලෙස ප්‍රකාශ කළේය.

එකී ඝාතන කුමන්ත්‍රණ විමර්ශනය ඉතා සංකීර්ණ විමර්ශනයක් බව එහිදී පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම ඝාතන කුමන්ත්‍රණයට පාර්ශ්ව රැසක සබඳතා පවතින බවත් එක් පාර්ශ්වයක් ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් නමැත්තා ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙතෙක් සැඟවී ඇති බොහෝ තොරතුරු අනාවරණය විය හැකි බවත් පෙන්වා දුන්නේය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top