Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 09
817
Views
ඕස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් තම රක්ෂණ සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඒ පසුගිය වසරේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වීමට හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.53 මුදලක ප්‍රමාණයක් ලබා ගැනීමේ අරමුණින්.

මෙම නඩුව වික්ටෝරියා ප්‍රාන්ත අධිකරණයේ ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

මිචෙල් ස්ටාක් පසුගිය වසරේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

එහිදී ඔහුව මිලදී ගනු ලැබුවේ ඇමරිකානු ඩොලර් මිලියන 1.8කට වැනි මුදලකටය.

කෙසේ වෙතත් පසුගිය වසරේ මිචෙල් ස්ටාක් ආබාධයට ලක්වූ අතර එහිදී ඔහුට රක්ෂණ ආයතනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.53 මුදලක් ගෙවිය යුතුව තිබුණා.

මිචෙල් ස්ටාක් රක්ෂණාවරණය වෙනුවෙන් වාරිකයක් සඳහා රක්ෂණ සමාඟම වෙතට ඩොලර් 97920ක් ගෙවා තිබෙනවා.

පසුගිය වසරේ පෙබරවාරි 27 සිට මාර්තු 31 දක්වා යන කාලය ආවරණය වන පරිදි මෙම වාරිකය ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top