Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 09
614
Views
IPL විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගය ලෙස චන්දිගාර්හිදී ඊයේ රාත්‍රී පැවැති තරගයේදී කිංග්ස් XI පංජාබ් ක්‍රීඩකයෝ කඩුලු හයකින් සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරාජය කිරීමට සමත් වුණා.

පංජාබ් පිලේ නායක රවිචන්ද්‍රන් අෂ්වින් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට හයිද්‍රාබාද් පිලට ආරාධනා කළේය.

ඩේවිඩ් වෝනර් අන්තයක් ආරක්‍ෂා කරගනිමින් නොදැවී රැස්කළ ලකුණු 70 නිසා පළමුව පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් පිලට ලකුණු 150 ක් දක්වා ඒමට අවස්ථාව උදාවිය. වෝනර්ගේ පන්දු 62 ක ඉනිමට හතරේ පහර හයක් සහ හයේ පහරක් ඇතුළත් විය.

කිංග්ස් XI පංජාබ් පිල ලකුණු 151 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 19.5 කදී කඩුලු හතරක් පමණක් දැවී සම්පූර්ණ කළේය.

මෙම ජයග්‍රහණයත් සමඟ පංජාබ් පිල තරග හයෙන් හතරක් ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට උසස්වීම් ලැබූ අතර හයිද්‍රාබාද් පිල සිවුවැනි ස්ථානයට පහතට වැටුණි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top