Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 08
1,794
Views
Andre Russell කියන්නේ මේ දවස්වල බොහොම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒකට හේතුව IPL එකේ ගහන යෝධ හයේ පහරවල්. ඒ වගේම කාටවත් හිතාගන්න බැරි වෙලාවක තරඟය දිනවලා දෙන ඔහුගේ ශක්තිය.

ඔහුගේ තියෙන ශක්තිය කොච්චරද කියනවා නම් පන්දුවට පිත්තෙන් ඔහු ගහන සාමාන්‍ය පහරක් වුණත් මීටර් 100 ඉක්මවලා තමයි යන්නේ.

ඉතින් මෙහෙම IPL එකේ වැඩදාන රසල් ගැන ඉන්දියාවේ මාධ්‍ය විවිධ පුවත් වාර්තා කරමින් තිබෙනවා. ඒ අතරින් ඔහුගේ සුරූපී බිරිඳ ගැන තමා වැඩිපුරම කතා මැවෙන්නේ.

ඇයගේ නම Jassym Lora. ඇය ජැමයිකාවේ ජනප්‍රිය මෝස්‌තර නිරූපණ ශිල්පිණියක්.
 
තවමත් වයස අවුරුදු 29ක් වන මේ සුරුපිණිය සමඟ රසල් 2014දී විවාහ වෙනවා. රසල් කරන යෝජනාවක් අනුව තමයි දෙන්නා විවාහ වෙන්නේ. 

දෙන්නා අවුරුදු කිහිපයක්ම ආදරෙන් ඉඳලා තියෙනවා. ඉතින් මේ දිනවල ඇයත් ඉන්නේ ඉන්දියාවේ IPL බලන්න ඇවිත්. ඒ නිසා හැමෝම රසල්ට වඩා ඇය ගැන හොයන්න සැහෙන උනන්දුවක් දක්වනවා.

අපේ මාතෘකාවේ කිව්වා වගේ රසල් ආදරය කරලා ඇයව විවාහ කරගත්ත නිසා ඇය දැන් ලෝකෙම පුරාම කතාවෙන චරිතයක් වෙලා. 

එහෙමත් නැත්නම් ඇයගේ කතා ලෝකේ වටේ වෙඩිල්ලක් වගේ පත්තු වෙලා.

-මව්බිම














Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top