Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 April 08
1,003
Views
ඇමරිකාවේ Minnesota හි පැවති විශ්වවිද්‍යාල ජිම්නාස්ටික් ශුරතා තරගයකදී Samantha Cerio නමැති ක්‍රීඩිකාව දරුණු අනතුරකට මුහුණදෙනවා. ඒ එම තරගයේ මුල්ම තරග අවස්ථාවට සම්බන්ධ වීමෙන්. මෙම තරගය ආරම්භ වීමත් සමග සුපුරුදු ඉරියව්වලින් ඇය තරග කරමින් සිටියදී ඇයගේ දකුණු පාදය හා වම් පාදය  දණහිස ලගින් දෙකට කැඩීමකට ලක් වෙනවා. 

ඇය සිටි ඉරියව්වෙන්ම බිම වාඩිවෙන නමුත් බොහෝ දෙනා ඇය අනතුරට පත් වූ බව දැනගන්නේ තත්ත්පර කිහිපයක් ගිය පසුවයි. ඒ වහාම විනිසුරුවරයා ඇය වෙත ලංවෙන අතර වෛද්‍ය කණ්ඩායමද ඇය අසලට දුවගෙන විත් මුලික ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

"වසර 18 පසුව තමයි මම මෙවැනි තරගයකට සම්බන්ධ වුනේ. මේ තරගයට සහභාගී වෙලා ජයගන්න අවශ්‍ය නිසා මම මහන්සි වෙලා ගොඩක් පුහුණුවීම් කළා. මම හිතුවේ මෙය යලිත් මගේ ජිවිතයේ සංදිස්ථානයක් වෙයි කියලා. අලුත් ආරම්භයක් වෙයි කියලා. නමුත් නොසිතු මොහොතක මම දරුණු අනතුරකට ලක් වුණා. දකුණු පාදයේ දණහිස දෙකට කැඩුනා. මේ මගේ අවසානය නෙමෙයි. නමුත් මම දන්නේ නැහැ ආයෙමත් මට ජිම්නාස්ටික් තරගයකට අවතීර්ණ වෙන්න පුලුවන්ද කියලා. මේක වේදනාකාරී අත්දැකීමක්..."

ඇය පවසනවා









Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top