Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 25
786
Views
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග අද දිනයේ ඉන්දියාව බලා පිටත් වීමට නියමිතව තිබෙනවා.

ඒ මෙවර පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තම කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වීමේ අරමුණින්.

මාලිංග දකුණු අප්‍රිකාවේ සිට ඉන්දියාව බලා පැමිණෙනු ඇති බවයි ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වර්තා කරන්නේ.

නමුත් මිට පෙර ලසිත් මාලිංග පවසා සිටියේ අයි. පී. එල් තරඟාවලියේ පළමු තරඟ 6 සහභාගී නොවන බවයි.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කර තිබෙන සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වීම සියලු ක්‍රීඩකයන්ට අනිවාර්ය කිරීම හේතුවෙන් වන අතර මෙම තරඟාවලියේ ගාල්ල කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කරන්නේ ලසිත් මාලිංගයි.

කෙසේ වෙතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන ප්‍රකාශ කර සිටින්නේ IPL තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සිදුකරන අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුපිරි පළාත් තරඟාවලිය පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොතිබූ බවයි.

මේ වන විට මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මමැදිහත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්වය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩිව විවේචනය කර ඇති බව මේ වන විට ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වඩා සාර්ථකම පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග හඳුන්වන අතර ඔහු IPL ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ද වනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top