Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 25
1,800
Views
 
 
වැඩේ ටිකක් අවදානම්. හැබැයි කරගත්තොත් ගොඩ
 
ශ්‍රී ලංකාව තුළ විවිධ ජාවාරම්කාරයෝ සිටිති. ඔවුහු කිසිදු හිරිකිතයකින් තොරව ඕනෑම නීති විරෝධී වැඩක් සිදු කරති. ඒ මුදල් සෙවීමේ පරම අභිප්‍රායෙනි. මෙයද එවැනි ජාවාරමකි. කලක සිට පවත්වාගෙන ගියත් දැන් එය මෙරට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මෙය සිදුවන්නේ උතුරු - දකුණ පළාත් තුළය. එයිනුත් විශේෂයෙන්ම දකුණ පළාත තුළයි. මෙම අලූත්ම ජාවාරම වනුයේ හොර රහසේ නිල් චිත්‍රපට සහ කාන්තාවන්ගේ නිරුවත් පිංතූර විදේශ රටවල්වලට විකිණීමයි. පහතින් පෙළ ගැසෙන්නේ එම ජාවාරම සිදුකරන ආකාරය ගැන හෙළිදරව්වකි.
 
යුද්ධය අවසන් වීමත් සමග මෙරටින් බැහැරව සිටි බොහෝ දෙමළ ජාතිකයෝ යළි මෙරටට පැමිණියහ. ඒ එන අතර අපරාධකාරයෝ සහ වංචාකාරයෝ ද සිටියහ. එවැනි පුද්ගලයෝ් යළි මෙරටට පැමිණ අපරාධ කිරීමට පෙළඹුණහ.

එයට හොඳම උදාහරණය වනුයේ ස්විස් කුමාරයි. ඔහු යුද්ධය පැවැති කාලයේ ජීවත් වූයේ ස්විට්සර්ලන්තයේය. යුද්ධය අවසන් වීමත් සමඟ යළි මෙරටට පැමිණියේය. එලෙස පැමිණි එම පාපතරයා තවත් සහචරයන් පිරිසක් සමග විද්‍යා නමැති අහිංසක පාසල් සිසුවිය දූෂණය කර ඝාතනය කළහ. එපමණක් නොව ඇයව දූෂණය කරන අයුරු ඔහු වීඩියෝ කළේය. එලෙස වීඩියෝ කළ එම දර්ශන ස්විට්සර්ලන්තයේ එක්තරා පිරිසකට ඉතා විශාල මුදලකට විකුණුවේය.
 
ශ්‍රී ලාංකික තරුණියන්ගේ නිරුවත් පිංතූර සහ වීඩියෝ සඳහා සමහර විදේශීය රටවල්වල ලොකු ඉල්ලූමක් තිබේ. එම නිසා එවැනි රටවල්වල ජීවත්වන මෙරට සමහර වැසියෝ එවැනි නිරුවත් පිංතූර සහ වීඩියෝ පට මෙරටින් ගෙන්වාගෙන එරට පුද්ගලයන්ට ඉතා විශාල මුදලකට විකුණති. ස්විස් කුමර නමැති පාපතරයා ද සිදුකළේ එවැන්නකි. මෙය බහුලව සිදුවන්නේ උතුරු පළාත තුළයි.
 
නඩේෂන් උතුරු පළාතේ කිළිනොච්චිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු විදේශගත වන්නේ මෙරට යුද්ධය පැවැති සමයේදී ය. යුද්ධය අවසන් වීමත් සමග ඔහු වරින් වර මෙරටට පැමිණියේය ඒ පැමිණි එක් අවස්ථාවක ඔහු තම මිතුරන් කිහිපදෙනකුට මෙලෙස පැවසුවේය.
 
"මචං නියම වැඩක් තියෙනවා කරනවා නම්. හැබැයි ටිකක් අවදානම්. වැඩේ කරගත්තොත් ගොඩේ ගොඩ."
 
"අපිත් මේ වැලේ වැල් නැතිව ඉන්නේ. කියපං බලන්න මොකද්ද කරන්න ඕනේ කියලා."
 
"මේකයි සිද්ධිය. මම ඉන්න රටේ වයසක සුද්දො සුද්දියො කැමතියි අපේ රටේ ලිංගික දර්ශන සජීවී ලෙස බලන්න. ඒවා ටිකක් වීඩියෝ කරගන්න පුළුවන් නම් හොඳ සල්ලි තමයි. ඔන්න මම වැඬේ කිව්වා. උඹලා පුළුවන්නම් කරලා දීපන්. මම ඩොලර්වලින් උඹලට ගෙවන්නම්." කතාව එලෙස අවසන් විය.
 
මුදල්වලට ඇති ආශාව නිසා නඩේෂන්ගේ මිතුරෝ එවැනි ලිංගික දර්ශන වීඩියෝ කිරීමට උත්සාහ කළහ. ඒ සඳහා ඔවුන් විවිධ උපක්‍රම අනුගමනය කළේය. පිරිසක් පළමුව තරුණියන් සමඟ බොරු ප්‍රේම සම්බන්ධතා පවත්වාගනී. පසුව ඔවුන් සමඟ කාමර තුළට ගොස්, විවිධ ලිංගික දර්ශන හොර රහසේ වීඩියෝ කරති. සමහර තරුණියෝ කැමැත්තෙන් එම වීඩියෝ දර්ශන සඳහා පෙනී සිටිති. ඒ තම ප්‍රේමවන්තයා විශ්වාස කරමින්ය. තවත් සමහරු අකමැත්තෙන් හෝ නිරුවත් දර්ශන සඳහා පෙනී සිටින්නේ පෙම්වතාගේ බලවත් බලපෑම මතයි. නැතිනම් ඔහු අතහැර දමා යන බිය මතයි. එලෙස ලබා ගත් නිරුවත් පින්තූර සහ වීඩියෝ ඔවුන් නඩේශන්ට ලැබෙන්න සලස්වති.
 
නඩේෂන් එලෙස ලබා ගන්නා පිංතූර සහ වීඩියෝ දර්ශන විවිධ අය මාර්ගයෙන් විදේශිකයන්ට විකුණති. ඒ ඉතා ඉහළ මිලකටයි. ඉන් පසු එම ලැබෙන මුදලින් කොටසක් වීඩියෝපට ලබා දෙන අයට ලබාදෙයි. කලක් යද්දී මෙම ජාවාරම උතුරු පළාත තුළ ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. එම නිසා විවිධ තරුණයෝ මේ ජාවාරමට සම්බන්ධ වූහ. සමහරු බලහත්කාරයෙන් අහිංසක තරුණියන් රැගෙන ගොස් දූෂණය කර වීඩියෝ කළහ. පත්ව ඇති අසරණකම හමුවේ එලෙස දූෂණයට ලක් වූ බොහෝ තරුණියෝ නිශ්ශබ්දව සිටියහ. ඒ තම අනාගතය සහ ජීවිතය ගැන සිතා ය. මුදල් නොමැති සමහර තරුණියෝ මෙවැනි වීඩියෝ සඳහා කැමැත්තෙන් ද පෙනී සිටිති.
 
තවද උතුරු පළාත තුළ ඇති සමහර හෝටල් කාමර තුළ ඉතා රහසිගත කැමරා උපකරණ සවිකර තිබේ. ඒ අනුව එවැනි හෝටල් කාමර තුළට පැමිණෙන සියලූ තරුණ තරුණියන්ගේ ලිංගික දර්ශන වීඩියෝගත වේ. ඉන් පසු එම නිරුවත් වීඩියෝ දර්ශන විවිධ පුද්ගලයෝ හරහා විදෙස් රටවල්වලට විකුණති.
 
උතුරු පළාත තුළ දැන් මෙය වසංගතයක් බවට පත් වී තිබේ. සමහර අවස්ථාවල තරුණියකට තම නිවසේ නාන කාමරයට ගොස් නිදහසේ ස්නානය කිරීමට පවා නොහැකිය. ඒ එම නාන කාමරය ඇතුළත ද හොර රහසේ වීඩියෝ කරන නිසාය. එවැනි වීඩියෝපට බොහොමයක් විදෙස් රටවල පමණක් නොව මෙරට ද දකින්න ලැබේ.
 
තමලිනි යාපනය ප්‍රදේශයේ පදිංචි රූමත් තරුණියකි. ඇය විවාහවීමට නියමිතව තිබුණේ රමේෂ් නමැති තරුණයකු සමඟයි. ඔහු දැනට වසර කිහිපයකට ඉහත විදෙස්ගත විය. ඒ කැනඩාව බලාය. එක් දිනක් රමේෂ් දුටු දෙයින් ඔහු පුදුමයට පත්විය. ඒ තම පෙම්වතියගේ නිරුවත් පිංතූර කිහිපයකි. එය ඔහුට පෙන්වූයේ කැනේඩියානු ජාතිකයෙකි. සිදු වී ඇත්තේ කුමක්ද කියා එකවරම ඔහුට සිතා ගැනීමටත් නොහැකි විය.
 
සිතට නැඟුණු වේදනාව ඔහුට දරා ගැනීමට නොහැකි විය. එක්වරම ඔහු සිතුවේ තම පෙම්වතිය ඔහුව රවටා ඇති බවකි. කැනේඩියානු ජාතිකයා ළඟට තම පෙම්වතියෙගේ නිරුවත් පින්තූර ලැබුණේ කෙසේදැයි ඔහුට සිතා ගැනීමටවත් නොහැකි විය. විනාඩි කිහිපයක් කරන්නේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකිව වේදනාවෙන් සිටි ඔහු මේ පිළිබඳව සොයා බැලිය යුතු යැයි තීරණය කළේය.
 
පළමුව ඔහු එම කැනේඩියනු ජාතිකයාට එම පිංතූර ලැබුණේ කෙසේ දැයි විමසුවේය. එවිට ඔහු පැවසුවේ ශ්‍රී ලාංකිකයකු මාර්ගයෙන් එවැනි පිංතූර සහ නිරුවත් වීඩියෝ දර්ශන තමාට ලැබෙන බවයි.
 
ඒ අනුව තවත් මෙරට තරුණියන්ගේ නිරුවත් වීඩියෝ දර්ශන කිහිපයක් ද ඔහු රමේෂ්ට පෙන්නුවේය. ඉන්පසු මේ පිළිබඳව රමේෂ් තම පෙම්වතියගෙන් විමසුවේය. එහිදී ඇය දිවුර දිවුරා ප්‍රකාශ කළේ තමා එවැනි නිරුවත් පිංතූර සඳහා පෙනී නොසිටි බවයි. පසුව සොයා බැලීමේදී හෙළි වූයේ තමිලිනි නිවසේ සිටින විට ජංගම දුරකථනයෙන් තමාගේම නිරුවත් පිංතූර ලබාගන්නා බවයි. එලෙස පිංතූර ලබා ගන්නේ තමන්ගේ ශරීරයෙහි හැඩය බැලීම සඳහා ය. පසුව ඇය එම පිංතූර ජංගම දුරකථනයෙන් මකා දමයි.
 
දිනක් ඇයගේ එම ජංගම දුරකථනය ක්‍රියා විරහිත වි තිබිණි. පසුව එය සෑදීම සඳහා ජංගම දුරකථන අලූත්වැඩියා කරන ස්ථානයකට දී තිබිණි. එම ජංගම දුරකථන අලූත්වැඩියා කරන පුද්ගලයා නවීන තාක්‍ෂණය ඔස්සේ ඇයගේ එම නිරුවත් ඡායාරූප යළි ලබාගෙන තිබිණි. එම පුද්ගලයා ද විදෙස් රටවලට යැවීම සඳහා මෙරට තැරැව්කරුවන්ට තරුණියන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාදෙන අයෙකි. පසුව කළ සොයා බැලීමකදී හෙළි වී තිබුණේ උතුරු පළාත තුළ ජංගම දුරකථන අලූත්වැඩියා කරන සමහර පුද්ගලයන්ව ද එලෙස මෙම ජාවාරමට හවුල් කරගෙන ඇති බවයි.
 
උතුරු පළාත තුළ නිරුවත් වීඩියෝ සහ පිංතූර ජාවාරම එලෙස සිදුවෙද්දී දකුණු පළාත තුළ ද මෙය එලෙස ව්‍යාප්ත වී තිබේ. විශේෂයෙන් ම සංචාරකයන් ගැවසෙන ස්ථාන ආශ්‍රිතවයි. සමහරු මෙරට තරුණියන් විදේශිකයන් සමග ලිංගිකව හැසිරෙන අයුරු හොර රහසේ වීඩියෝ කරති. ඒ සමඟම මෙරට තරුණයෝ විදේශීය තරුණියන් සමග සිටින අයුරු ද වීඩියෝ කරති. පසුව ඒවා ද හොර රහසේ ම තැරැව්කරුවන් හරහා විදේශීය රටවලට විකුණති.
 
අප හෙළි කළේ නිරුවත් පිංතූර සහ වීඩියෝ විදේශීය රටවල්වලට යවන ජාවාරමේ තොරතුරු ස්වල්පයක් පමණි. වර්තමානය වනවිට ජාවාරම ඉතාමත් රහසිගතව ජයට සිදු කරගෙන යමින් පවතී. එම නිසා වහාම මෙය නැවැත්වීමට පියවරගත යුතුය. එසේ නොවුණහොත් ඉදිරියේදී නිදහසේ තමන්ගේ නිවස තුළ ද නිදා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වනු ඇත. එම නිසා අදාළ නිලධාරීන් වහාම මේ ගැන සොයා බැලිය යුතුය.
 
-ගයාන් සමරසිංහ
දිවයින පුවත්පත
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top