Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 25
789
Views
ලංකාවේ දින­කට පුද්ග­ල­යන් හත් දෙනෙ­කුට අත්පා අහි­මි­වෙයි
* කෘත්‍රිම කකුල් දහ­ස­කට ආසන්න ප්‍රමා­ණ­යක් පරි­ත්‍යාග ලෙස

ජීවි­තය වූ කලී මහා පුදු­මා­කාර දෙයකි. විටෙක එය අපට සතුට රැගෙන පැමි­ණෙයි. තවත් විටෙක දුක් සුසුම් උරුම කරයි. මේ අතර නොසිතූ මොහො­තක දී සිදු­වන හදිසි අන­තුරු ද ජීවි­ත­යට පැමි­ණෙන්නේ අන­ව­ස­ර­යෙනි. එවන් විප­ත­කට මුහුණ දී අත් පා පම­ණක් නොව ශරීර අව­යව ද අහිමි වූවෙ­කුට ඒ දුක දරා ගැනීම අසී­රුය. ඊටත් වඩා සංවේදී කාර­ණය වන්නේ තම ආබා­ධිත තත්ත්වය හේතු­වෙන් එදි­නෙදා කට­යුතු ඉටු­කර ගැනී­මට නොහැ­කිව විවිධ අප­හ­සු­තා­ව­නට මුහුණ පෑමට සිදු­වී­මයි. මිනි­සාට පම­ණක් නොව මිහි­පිට සිටින සියලු සත්ත්ව­ය­නට පින් පව් මත මෙබඳු අව­ස්ථා­ව­නට මුහුණ පෑමට සිදු­විය හැකිය.

දෑත්, දෙපා අහිමි වූ වනට ජීවි­තය දෙමින්, අහිමි අත් පා වෙනු­වට කෘත්‍රී­මව සක­සන ලද අත් පා ලබා දෙන අපූ­ර්ව­තම ආය­ත­න­යක් ලෙස ‘ආවාස්’ හි ක්‍රියා­වට නැංවෙන සහෝ­ද­ර­ත්වයේ පිය­ස­ට­හන් පද­නම හඳුන්වා දිය හැකිය. කළු­තර නාගොඩ බෝඹු­ව­ලට නුදු­රින් පිහිටි කර්මා­න්ත­පු­රයේ ‘ආවාස්’ ආය­ත­නය ස්ථාප­නය කොට ඇත්තේ මිහි­පිට සිටින ආබා­ධිත මනු­ස­තු­නට පම­ණක් නොව ඇලි ඇතුන්, අශ්ව­යි­නට මෙන් ම බල්ලා හරකා ඇතුළු සතා සිවුපා වුනට ද පිහිට වීමේ උතුම් පුණ්‍ය කර්මය පෙර­දැරි කොට­ගෙ­නය.

‘සහෝ­ද­ර­ත්වයේ පිය­ස­ට­හන්’ පද­නම ක්‍රියා­ත්මක වන ‘ආවාස්’ ආය­ත­න­යට පසු­ගිය දිනක පිය­නැඟූ අප දුටුවේ සංවේ­දනා මතින් ගොඩ­නැ­ඟුණු අනා­ග­ත­යට නොබි­යව ශක්ති­මත්ව මුහු­ණ­දී­මට සූදා­න­මින් සිනා­මුසු මුවින් සිටින පුද්ග­ල­යන් සමූ­හ­යකි. ඔවුහු සියලු දෙනාම අනා­ග­ත­යට නොබි­යව මුහුණ දීමට සූදා­නම් වෙති.

‘ආවාස්’ ආය­ත­නයේ සභා­පති, එහි නිර්මාතෘ අරුණ සම­ර­වි­ක්‍රම මහතා ‘සෙනෙ­හසේ පිය­ට­ස­හන්’ පද­නමේ ඇරැ­ඹුම මගින් සිදු කෙරෙන පුණ්‍ය කර්ම පිළි­බඳ අප සමඟ අද­හස් දැක්වීය.

“මම නව නිපැ­යු­ම්ක­රු­වෙක් ලෙස ලංකාවේ සිටින ආබා­ධිත පුද්ග­ල­ය­නට අවශ්‍ය අත්, කකුල් නිප­දවා දෙනවා. මුදල් ඇති අය ඒවා මුද­ල්ව­ලට ලබා ගන්නවා. මුදල් නොමැති අයට පරි­ත්‍යා­ග­ශී­ලි­යෙකු ගේ මුද­ලින් එය ලබා දෙන්නට අප කට­යුතු කර­නවා. මෙම ආය­ත­නය නිර්මා­ණය වූයේ, ආබා­ධි­ත­යන් සුව­පත් කිරීමේ උතුම් අර­මුණ ඇති­වයි. මම ආය­ත­නය ආරම්භ කර රටේ විවිධ පළා­ත්වල සිටින ආබා­ධි­ත­යන්ට අත්, කකුල් හද­මින් උදව් උප­කාර කරන විට මෙය දුටු බොහෝ දාන­ප­ති­යන්, පරි­ත්‍යා­ග­ශී­ලීන්, පුණ්‍ය ආය­තන මේ කාර්ය­යට උදව් උප­කාර කළා. එම ආධා­රත් උප­යෝගී කර ගනි­මින් ‘සහෝ­ද­ර­ත්වයේ පිය­ස­ට­හන්’ පද­නම ආරම්භ කළා. ආබා­ධි­ත­යන් උදෙසා කකුල් අත්පා නිර්මා­ණ­ය­කර ඔවු­නට අලුත් ජීවි­ත­යක් ලබා දෙන්න කට­යුතු ආරම්භ කළේ එලෙ­සයි.

දව­ස­කට ලංකාවේ පුද්ග­ල­යින් හත් දෙනෙ­කුට කකුල් අත් අහි­මි­වෙන බව සමී­ක්ෂණ මඟින් පෙන්වා දී තිබෙ­නවා. විශේ­ෂ­යෙන් ම දිය­වැ­ඩි­යාව වැනි බෝ නොවන රෝග­ව­ලින් වගේ ම හදිසි අන­තුරු, මඟින් උප­තින් ම, කකුල්, අත් අහිමි වෙනවා. ඒ අතු­රින් තුන් දෙනෙ­කුට පමණ මුදල් වැය කොට අත්, පා යොදා ගන්න පුළු­ව­න්කම තිබු­ණත් අනෙක් හතර දෙනාට එලෙස සිදු කර­ග­න්නට පෞද්ග­ලි­කව වත්කම් නැති බව මෙම සමී­ක්ෂණ ඔස්සේ සොයා­ගෙන තිබෙ­නවා. ඒ හතර දෙනාට උප­කාර කිරී­මට තමයි පද­නම පිහිට වෙන්නේ. මේ ආකා­ර­යට වස­ර­කට අත්පා අහිමි වන අය දෙද­හ­සක් පමණ වෙනවා.”

මේ වන විට ‘සෙනෙ‍හසේ පා සට­හන්’ පද­නම ඔස්සේ කෘත්‍රිම කකුල් දහ­ස­කට ආසන්න ප්‍රමා­ණ­යක් ආබි­ධිත වූවන් ගේ හෙට දිනය ආලෝ­ක­වත් කරනු වස් පරි­ත්‍යාග කර තිබේ.

“මෙත­නට ලංකාවේ හැම­තැ­නින් ම වගේ කෘත්‍රිම අත් පා ලබා ගන්නට ආබා­ධිත අය පැමි­ණෙ­නවා. ඒ අයගේ ආබා­ධයේ ස්වභා­වය බලා, ඔවුන් ගේ උසට, බරට, ඔවුන් සිදු­ක­රන රැකි­යාව, ජීවත් වන පරි­ස­ර­යට යෝග්‍ය වන ලෙස තමයි මෙම අත, පය අපි නිර්මා­ණය කරන්නේ. මෙම ආය­ත­නයේ ම ඒ සඳහා ඔවු­නට නේවා­සික පහ­සු­කම් අපි සපයා තිබෙ­නවා. පසුව සති, මාස ගණන් ඔවුන් මෙහි තබා­ගෙන එම අත්, පා යොදා ඔවු­නට ඇවි­දී­මට, අවශ්‍ය රැකි­යාවේ නියැ­ළී­මට අපි පුහුණු කර­නවා. ඉන්පසු ඔවු­නට තමාගේ දෛනික කට­යු­තු­වල අභි­මා­නෙ­යන් යුතුව සාමාන්‍ය කෙනෙ­කු­ටත් වඩා හොඳින් නියුක්ත වෙන්න පුළු­ව­න්කම ලැබෙ­නවා.

කකුල යොදලා අදාළ පුද්ග­ල­යාගේ ආග­මා­නු­කූ­ලව ඔහුට සෙත් පිරිත් කියලා තමයි නිවෙ­සට ගෙන යන්නේ. ඇත්තෙන් ම, අද සමා­ජයේ බොහෝ දෙනෙක් තමන්ගේ උප­න්දින සාද, මවු­පි­ය­න්වෙ­නු­වෙන් කරන පින්ද­හම් සඳහා යොද­වන මිල මුදල් කකුල් අත­පය අහිමි අය වෙනු­වෙන් කකුල්, අත් පා සකසා දීමට යොද­ව­නවා. එය වටිනා පුණ්‍ය කර්ම­යක්. කකු­ලක් ලබා දෙන දින­යේදී එයට මුදල් පරි­ත්‍යාග කළ ඒ පරි­ත්‍යා­ග­ශී­ලි­යා­වත් කැඳ­වලා ඔහු අතින් මේවා ප්‍රදා­නය කර­නවා. ඒ වෙනු­වෙන් 2009 වසරේ සිට ‘උත්තම පූජා’ වැඩ­ස­ට­හන අපි ආරම්භ කළා. එම­ඟින් හැම වස­ර­කම පාද පනහ බැගින් ආබා­ධිත වූවන් වෙනු­වෙන් අපි ප්‍රදා­නය කළා.”

මේ ඔස්සේ සතු­න්ටත් අත් පා නිර්මා­ණය කෙරෙ­නවා නේද? මම විම­සු­වෙමි.

“ඔව්. සතුන්ට අත් පා හදන්නේ කිසිදු අය කිරී­ම­කින් තොර­වයි. මං මේ වන­විට පිපි­රීම් නිසා අන­තු­රට ලක්වූ ඇතුන් තිදෙ­නෙ­කුට කෘත්‍රීම පාද නිර්මා­ණය කර තිබෙ­නවා. හර­කුන්ට, අශ්ව­යන්ට, බල්ලන්ට කෘත්‍රිම පාද යොදා තිබෙ­නවා. අද­ටත් ඒ සතුන් සෞඛ්‍ය සම්ප­න්නව ජීවත් වෙනවා.”

අරුණ පව­සන අන්ද­මට මෙම කෘත්‍රිම අත් පා නිර්මා­ණය කිරී­මෙන් ඔහු ලබන්නේ අප­මණ සතු­ටකි. ආබා­ධිත වන්නන් උදෙසා කෘත්‍රිම කකුල් නොමිලේ ලබා­දීම ඔහුගේ අනා­ගත බලා­පො­රො­ත්තු­වයි.

මේ වසරේ යෙදෙන 2563 වන සම්බු­ද්ධත්ව ජය­න්තිය නිමි­ත්තෙන් කෘත්‍රීම පාද 563ක් ප්‍රදා­නය කිරීම ද ඒ අතර වේ.

“මෙතෙන්ට හුඟක් වේලා­වට එන්නේ, අස­රණ ආබා­ධි­ත­යන්. ඔවු­නට නොමිලේ නේවා­සික පහ­සු­කම් අපි ලබා දුන්නත් කෑම බීම ඔවුන් සප­යා­ගත යුතු වෙනවා. එනිසා කවු­රුන් හෝ මොවු­නට දානය වේලක් පිරි­න­ම­නවා නම් එය මහත් පුණ්‍ය කර්ම­යක්.” අරුණ පැවැ­සුවේ නේවා­සි­කව ප්‍රති­කාර ගන්නා පිරිස පෙන්ව­මිනි.

ආවාස් ආය­ත­නය පුරා ඇවිද යන අපිට පාද ලබා ගැනී­මට පැමිණි කිහිප දෙනෙකු මුණ ගැසිණි. චාමර මයි­කල් මාව­නැල්ල අර­ණා­යක ප්‍රදේ­ශයේ තරු­ණ­යෙකි. ඔහු පැමිණ සිටියේ කෘත්‍රිම කකු­ලක් ලබා ගැනීමේ අර­මු­ණෙනි.

“මම පෞද්ග­ලික ආය­ත­න­යක සේවය කළේ. 2015 වස­රේදී හරි­ය­ටම අප්‍රේල් පළ­මු­වැ­නිදා නිවාඩු ලබා­ගෙන නෑදෑ ගෙද­රක යන්න කොළ­ඹින් මොන­රා­ගල බස් රථ­ය­කට ගොඩ­වුණා. රත්න­පුර නව නග­ර­යේදී බස් එක අන­තු­ර­කට ලක්වුණා. මම ඉඳ සිටියේ රිය­දුරු අසුන ළඟ­මයි. ඒ අන­තු­රින් මගේ කකුල ඉවත් කරන්න සිදු­වුණා. ඒ අන­තුර නිසා මම නොසෑ­හෙන්න දුක් වින්දා. කිහිප වතා­වක් ම ශල්‍ය­ක­ර්ම­ව­ලට ලක් වුණා. මේ අතර මට ‘ආවාස්’ ආය­ත­නය ගැන දැන­ග­න්නට ලැබුණා. මෙතැ­නින් ඇතු­ළට එන විට මට ලොකු සතු­ටක් දැනුණා. මගේ උසට බරට සරි­ලන විදි­හට මිනුම් අර­ගෙන තමයි කකුල නිර්මා­ණය කළේ. ඉන්පසු එම කකුල යොදා­ගෙන ඇවි­දි­න්නට වැඩ කර­න්නට මට ලොකු පුහු­ණු­වක් ලබා දුන්නා. මා ගත කළ සුපු­රුදු ජීවි­ත­යට ම මාව අනු­ගත කළා. ඉස්සර හිටි­ය­ටත් වඩා හොඳට මම මගේ වැඩ කට­යුතු සියල්ල කර­ගෙන යනවා. ඊට වඩා වැඩි දේව­ලුත් කර­නවා. (ඔහු සිනා­සෙයි.) දැන් මෝටර් බයි­සි­ක­ලය පැද­ගෙන ඕනම තැනක මට යන්න පුළු­වන්.

එදා අන­තුර සිදුවූ මොහොතේ මගේ ජීවිතේ හැම­දේම මට එපා වුණා. මාන­සික මට්ටම පවා වැටුණා. කියා­ගන්න බැරි­ත­රම් අස­රණ වුණා. ඒත් මේ කකුල දාලා වැඩ­ක­ට­යුතු වලට හුරු­වන විට කකු­ලක් නැති බවත් දැන්නම් දැනෙ­න්නෙ­වත් නැහැ. මේ ආය­ත­නය ගැන තිබෙන්නේ ලොකු ආද­ර­යක්. අපි වගේ ආබා­ධිත වෙලා කඩා­වැ­ටුණු හීන යළි ගොඩ නගන්න අත්වා­රුව සප­යන එක ගැන හුඟක් සතු­ටක් දැනෙ­නවා. අන්ත දුප්පත් අයට මෙත­නින් උප­කාර කර­නවා.” චාමර පව­ස­න්නේය. .

රේණුකා දම­යන්ති පනස් දෙහැ­වි­රි­දිය. ඇය රත්න­පුරේ සිට පැමි­ණි­යෙකි.

“මට මීට පෙර කෘත්‍රීම කකු­ලක් දාලා තිබුණේ. කකුලේ ගෙඩි­යක් ඇවිත් එම කෘත්‍රීම පාදය ඉවත් කරන්න සිදු වුණා. පස්සේ රෝහල් ප්‍රති­කාර ලබත්දී මේ ආය­ත­නය ගැන දැන­ග­න්නට ලැබුණා. ඔවුන් මට කකු­ලක් පරි­ත්‍යාග කරන්න පොරොන්දු වුණා. ඒ සඳහා මට ‍ෆෝම් එකක් පුර­වන්න දී, ග්‍රාම­සේවා සහ­ති­කය හා මාගේ ඡායා­රූ­ප­යත් ඉල්ලුවා. මේ දින­වල ඉන්නේ මගේ අලුත් කකුල ලබා ගැනීමේ බලා­පො­රො­ත්තු­වෙන්. මට මේදේ දෙන්නට දායක වුණු අය ගැන මා දන්නේ නැහැ. නමුත් අපි වගේ ආබා­ධිත වූව­නට මේ ආකා­ර­යට නොමිලේ කකු­ලක් ලබා දෙන්නට කට­යුතු කිරීම ගැන හැම­දෙ­නා­ටම මම පින් දෙනවා.” දෑසේ නැඟි කඳුළු පිස­ද­ම­මින් ඇය පව­ස­න්නීය.

එරන්ද චානක 29 හැවි­රි­දිය. ඔහු යුද හමුදා සොල්දා­දු­වෙකි. යුද්ධය නිසා අහිමි වූ දකුණු කකුල වෙනු­වට ඔහු කෘත්‍රීම කකු­ලක් බලා­පො­රො­ත්තුව මෙහි පැමිණ සිටියි.

“යුද්දෙ ඉවර වෙන්න හරි­ය­ටම දවස් තුනයි තිබුණේ. 2009 නන්දි­ක­ඩාල් කල­පුව ළඟ මර­උ­ගු­ල­කට මගේ දකුණු කකුල අසු වුණා. දණ­හි­සට පහ­ළින් කකුල කපා දැමුවා. හමුදා රෝහ­ලෙන් වගේම රාගම රණ­විරු සෙවණේ සිට ප්‍රති­කාර ලැබුවා. ශල්‍ය­කර්ම 35ට ලක්කළා. මෙහෙන් මට කෘත්‍රීම පාද­යක් ලැබුණා. එය හරිම පහ­සුයි. එහි ඇඟිලි පවා නැමෙ­නවා. දෛනික කට­යුතු සිදු කරන්න පුළු­වන්. දැන් මට ත්‍රිවීල් එක , බයික් එක පැද යන්න පුළු­වන්.” ඔහු පව­සන්නේ සිනා­මුසු මුහු­ණෙනි.

අලි ප්‍රහා­ර­යක් හේතු­වෙන් ද කකුල අහිමි වූවෙකු මේ අතර වෙයි. ඔහු වන­ජීවී නිල­ධා­රී­ව­ර­යෙකි. නමින් චමල් දුෂ්‍යා­න්තයි. ඊට අම­ත­රව කේ.බී. අම­ර­සිංහ, පසිඳු දිලංක, ලහිරු චතු­රංග, අමිල ප්‍රභාත් ද කෘත්‍රීම පාද බලා­පො­රො­ත්තුව මෙහි නේවා­සි­කව ප්‍රති­කා­ර­වල යෙදෙති.

ජීවි­ත­යට කුමන ආකා­රයේ බාධක කම්ක­ටොලු බාධා පැමි­ණය ද ඒ සියල්ල ජය­ගෙන රටට සමා­ජ­යට බරක් නොවී දෙප­යින් නැගී සිටි­න්නට වෙර දරන දිරි­ය­වන්ත මිනි­සු­නට මේ ආය­ත­න­යෙන් ලබා දෙන්නේ සැබෑ දිරි­යකි. අත්වැ­ලකි.










ඡායා­රූප - නිශ්ශංක විජේ­රත්න
සිළුමිණ 



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top