Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 25
396
Views

මත්වතුර බීම සඳහා මුදල් නොමැතිවීම නිසා දින පහක් (5) වයසැති බිලිඳා මවගෙන් රැගෙන ගොස් අසල්වැසි කාන්තාවකට රුපියල් දහසක (1000) මුදලකට අලෙවි කළ සිවු දරු පියකු ගැන තොරතුරක් පසුගියදා දික්වැල්ල පොලිසියෙන් වාර්තා විය.

ලැබුණු තොරතුර අනුව දික්වැල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වහාම ක්‍රියාත්මක වී සැකකාර පියා අත්අඩංගුවට ගෙන පසුගියදා (22දා) මාතර අතිරේක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු චම්පික රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරු රුපියල් පන්දහසක් (5,000) මුදල් ඇපයක් තබන ලෙසටත් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් තබන ලෙසටත් නියෝග කෙරිණි. ඇප තැබීමෙන් පසු ලබන මැයි 30 දින අධිකරණයේ පෙනී සිටින ලෙසද සැකකරුට නියෝග කළේය. මෙසේ ඇප තැබීමට නියෝග කළේ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි වික්‍රමසිංහ කන්දගේ දමිත් ප්‍රියන්ත නමැති දරුවන් හතරදෙනකුගේ (4) පියකුටය. 

පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි දික්වැල්ල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුලසේකර මහතා කරුණු වාර්තා කරමින් බීමත්කමට ඇබ්බැහි වූ දරුවන් හතරදෙනකුගේ පියකු මත්පැන් පානය කිරීම සඳහා මුදල් නොමැතිව තමන්ට දාව බිරියට ලැබුණු දින 5ක් වයසැති බිලිඳා බිරියගෙන් රැගෙන ගොස් අසල්වැසි නිවෙසක කාන්තාවකට රුපියල් දහසක (1000) මුදලකට විකුණා ඇති බවට පසුගිය 21 දින පොලිසියට තොරතුරක් ලැබුණා.

පොලිසියට ලැබුණු තොරතුරු අනුව පරීක්ෂණයක් පවත්වා මුදලට බිලිඳා ලබාගත් අසල්වැසි කාන්තාවත් බිලිඳා අලෙවි කළ සිවුදරු පියාත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවට පැමිණිල්ල වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළාය.

ඌරුබොක්ක - අතාවුද පතිරණ

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top