Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 23
957
Views

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ජය තහවුරු කිරීමට දකුණු අප්‍රිකානුවන් ඊයේ සමත් වුණා.

ඒ තරග 2ට 0ක් ලෙසින්.

දෙරට අතර ඊයේ පැවැති දෙවන පන්දුවාර විස්ස තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 3ක් දැවී ලකුණු 180ක් රැස්කර ගැනීමට සමත් වුණා.

දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් හෙන්ඩ්‍රික්ස් ලකුණු 65ක් ලබාගත් අතර, වැන් ඩර් ඩසීන් ලකුණු 64ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග, ඉසුරු උදාන සහ අකිල ධනංජය එක් කඩුල්ල බැගින් දවාගත්තා.

අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිලට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 164ක් පමණයි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ ඉසුරු උදාන පන්දු 48කට ලකුණු 84ක් ලබාගැනීමට සමත් වුණා.

ඉසුරුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 8ක් ද ඇතුළත් වුණා.

ඉසුරු පන්දුවාර විස්ස ජාත්‍යන්තර තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර, පන්දුවාර විස්ස තරගයකදී ඔහු වාර්තා කළ පළමු අර්ධ ශතකයද මෙයයි.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය 2ට 0ක් ලෙස වාර්තා කිරීමට දකුණු අප්‍රිකානුවන් සමත්ව තිබුණා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top