Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 23
891
Views

සමාජ මාධ්‍ය නිසාම බොහෝ දෙනකුගේ කතාබහට ලක්වෙන චරිතයක් තමයි සඳනි ප්‍රනාන්දු කියන්නේ. ඇය පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් තමන්ගේ විලාසිතා රටාව ගැන අදහස් දක්වලා තිබුනේ මෙලෙසයි.

විලාසිතා ගැන මොකද හිතන්නේ ?

මම ලොකුවට ෆැෂන් කරන කෙනෙක් නෙමෙයි. ගොඩක් සිම්පල් විදියට අඳින්න කැමැතියි. ෆැෂන් කියන්නේ කලාවක්. ෆැෂන් කරන්න ඕනෑ තමන් කැමැති තමන්ට ගැළපෙන විදිහටයි. මම බලන්නේ මට පහසු විදිහට අඳින්න තමයි. ඒ නිසා මම කවුරුවත් අනුකරණය කරන්නේ නැහැ.

පුරුද්දක් විදිහට සැලෝන් යනවාද?

මම හුඟක්ම සැලෝන් යන්නේ හෙයාර් ට්‍රීට්මන්ට් වලට තමයි. පුරුද්දක් විදිහට යනවා අඩුයි. ඇත්තටම මගේ කොණ්ඩෙත් එක්ක style කරන්න බැහැ. මම හුඟාක්ම කොණ්ඬේ කඩාගෙන යන්න තමයි කැමැති. මම නම් ඉතිං කොණ්ඬේ කපන්නේ නැහැ. මම කැමැතිම මගේ කොණ්ඩයට. මගේ කොණ්ඬේ කලර් කරනවාට ගොඩක් දෙනෙක් කැමැති නැහැ. කලර් කරලා කොණ්ඬේ ඩැමේජ් වෙනවා කියලා මම අහලා තියෙනවා.

මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරන්නේ ෆැෂන් එකටද අවශ්‍යතාවන් වලටද?

මොබයිල් එකක් පාවිච්චි කරන්නේ ඇත්තටම අවශ්‍යතාවන් වලටයි.

අත් බෑගය ඔබට කොතරම් වැදගත් ද?

අවශ්‍යම තැනට මම අරගෙන යනවා. ඒත් hand bag එක අරගෙන යන්න නැත්තම් මම කැමැතියි.

ෆැෂන් කරන්නේ ෂොපින් කරලද? නැත්තම් ඉන්ටර්නෙට් එකෙන් ද?

මම හුඟක්ම ෆැෂන් කරන්නේ ෂොපින් කරලා තමයි. මම ෂොපින් කරද්දි මට ගැළපෙන ඉස්සෙල්ලාම හොදයි කියලා හිතෙන එක ගන්න කැමැති කෙනෙක්. ගොඩක් වෙලා අරං ෂොපින් කරන්නේ නැහැ. ඔන්ලයින් මම කොහාමත් ගන්නේ නැහැ.

සෙරෙප්පු වලට තියෙන්නේ මොනවගේ කැමැත්තක්ද?

මම කැමැති සැනඞ්ල්ස්වලට. මට කම්ලිකේටට් ෂූ එකක් දැම්මාම ඇත්තටම කරදරයි. ඒ නිසා හැම වෙලාවෙම පහසු සෙරෙප්පු තමයි දාන්න බලන්නේ.

සාමාන්‍ය ගමනක් යද්දි අදින්න කැමැතිම ඇදුමක් තියෙනවාද?

ටී ෂර්ට් එකක් සහ දිග කලිසමක් වගේ තමයි කැමැතියි. ඩෙනිම්ස් සහ සායක් ඇඳෙනවා අඩුයි.

මංගල උත්සවයකට යද්දී අඳින්න කැමැති මොන ඇදුමක්ද?

මම වැඩියෙන්ම කැමැති සාරි එකක් අඳින්න. ඒත් තවම ඇඳලා නැහැ. මොකද හදිස්සියේ තමයි ඒ වගේ දේවල් වලට යන්නේ. ඇත්තටම මම ජුවලරිස් පාවිච්චි කරන්නේම නැහැ. shoot එකකට වගේ පළදින්න උනොත් පළදිනවා.

විලාසිතා කරද්දි Gym යන්නම ඕනෑද?

Gym යන්නම ඕනෑ කියලා අවශ්‍යතාවක් නැහැ. තමන්ට ඕනෑ කියලා මම මහතයි කියලා දැනෙනවානම් යන්න ඕනෑ නැත්තම් යන්න ඕනෑ නැහැ.

ලස්සන කොණ්ඩයක් පවත්වාගන්න මොනවාද කරන ට්‍රීට්මන්ට්?

ගෙදරදීම මම හොද ඔයිල් එකක් හදාගෙන කොණ්ඩයට දානවා.

විලාසිතා කරද්දි බලන්නේ පහසුවද සරලකමද?

ඇත්තටම මම බලන්නේ පහසුව. අපට ඇඳගෙන ඉන්න බැහැනම්, අපහසුවෙන් ඉන්නවනම් මොකද කොච්චර ෆැෂන් කළත් වැඩක් නැහැ.

Gym යන එකද හොද කෑම පාලනයද හොද?

කෑම පාලනය කරන ගමන් Gym යන එක හොදයි.

Related image

Related image

Image result for sandani fernando

Image may contain: one or more people and outdoor

Image may contain: 1 person, standing and outdoor

නදීමාලි ආරියරත්න

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top