Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 22
548
Views
"ප්‍රේම සම්බන්ධයට මාස පහයි.."

"මට ගෙදර ඉන්න බැරි නිසා ගියේ.."
 

 
බාලවයස්‌කාර දැරියක්‌ සිය නිවසේ සිටීමට නොහැකි බව පෙම්වතාට දන්වා රහසේ ඔහුත් සමග ගොස්‌ සිටියදී කොස්‌වත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
වින්දිත දැරියගේ මව කොස්‌වත්ත පොලිසියට පැමිණිල්ලක්‌ කරමින් වයස අවුරුදු 14 යි මාස 7 ක්‌ වූ තම දියණිය 10 වසරේ අධ්‍යාපනය ලබන බවත් ඇය මාස 05 කට පමණ පෙර තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක්‌ පැවැත්වූ බවත් ඊට තමන් හා ඥතීන් විරුද්ධ වූ බවත් පැමිණිල්ලෙන් කියා තිබෙන බව සදහන්.
 
දිනක්‌ ඇය ඔහු සමග කතාකරමින් සිටිනවා දැක ඇයට අවවාද කළ බවද පසුගිය දිනෙක රාත්‍රි 10.30 ට පමණ දියණිය සැකකරුට දුරකථනයෙන් කතා කර ඇයට නිවසේ සිටීමට නොහැකි බව කියා ඇයව රැගෙන යන ලෙසට කර ඇති ඉල්ලීමක්‌ අනුව සැකකරු පැමිණ පාපැදියක නංවාගෙන ඇයව රැගෙන ගොස්‌ ඇති බවද පැමිණිල්ලේ සදහන්.

ඇයව සැකකරුගේ නිවසට රැගෙන ගොස්‌ සිටියදී පොලිසිය දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පොලිස්‌ ස්‌ථානයට දෙදෙනාව රැගෙන ඒමෙන් පසු වින්දිත දැරිය ප්‍රකාශයක්‌ ලබාදී ඇති අතර තමන් එදින රාත්‍රියේ පෙම්වතාගේ නංගී සමග එම කාමරයේ නිදාගත් බවත් පෙම්වතා වෙනත් කාමරයක නිදාගත් බවත් ඔහු කිසිම අවස්‌ථාවක තමා සමග ලිංගිකව නොහැසුරුණු බවත් කියා තිබෙනවා.
 
දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබෙන බවද සදහන්.
 
බාලවයස්‌කාර දැරියක්‌ නිත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම සම්බන්ධයෙන් සැකකරු මාරවිල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් වයස අවුරුදු 20 ක්‌ වූ සැකකරු පොතුවටවන පදිංචි අයෙක් බවත් සදහන්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top