Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 22
368
Views
ලංකාවේ තිබෙන ජනප්‍රියතම මෙන්ම දක්ෂතම ගායකයින් තරඟ වදින සංගීතමය වැඩසටහනක් තමයි හිරු ස්ටාර් සංගීතමය වැඩසටහන කියන්නේ. සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම දිවයින පුරාම දැඩි ලෙස කතාබහකට මෙන්ම දැඩි අවධානයකට පත්ව තිබු මෙම වැඩසටනෙහි ශිහාන් ලන්ත්‍රා කියන්නේ හිරු ස්ටාර් පවුලෙන් බිහිවුන තවත් දක්ෂයෙක්...

අවසන් තරඟ වලට පැමිනීමට වාසනාව නැති වුනත් ශිහාන් ලන්ත්‍රා කියන්නේ දක්ෂ ගායකයෙක්. ඔහුගේ දක්ෂතා ඇසු විනිසුරු මඩුල්ලේ සිටි ලංකාවේ දක්ෂ මෙන්ම තාරුණ්‍යයේ සිහින කුමාර වූ ශිහාන් මිහිරංග ඔහුගේ දක්ෂතාවය අගයමින් පවසා තිබුනේ ඔහු mr .valentayin කියන ආදරණිය නාමයකින් ඔහුව ආමන්ත්‍රනය කරන්න ගන්නවා. ඒ ආදරණිය කටහඬ සමග ප්‍රේක්ෂක ජනතාව ඔහුව වැලදගන්නේ ඔහුට ආදරය කරන රසික රසිකාවියන් පිරිසකුත් සමගමයි. කාලයක් නිහඬව හිටි ලන්ත්‍රා මේ දවස්වල අළුත් වැඩ ටිකකට අතගසා ඇති බව තමයි ආරංචි වෙන්නේ.

ඒ වගේම අද උදෑසන ඔහු විසින් ගායන කරන ලද "දඟකාර හැඩකාර ඔබේ" ගීතයේ Cover එක අන්තර්ජාලයට මුදා හරිනු ලැබුවා. ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තවත් ගීත රැසක් නිකුත් කිරීමට නියමිත බවටයි ලන්ත්‍රා වැඩිදුරටත් පවසා සිටියේ. කෙසේවෙතත් මෙතරම් දක්ෂතා රැසක් මෙන්ම සමස්ත තාරුණ්‍ය ම වසඟයට ගැනීමට හැකි මෙම ජනප්‍රිය තරුණයාගේ ඉදිරි අනාගතයට අප සැබවින්ම සුබ පතන්නෙමු .

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top