Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 22
440
Views
මියයනවිට 72 හැවිරිදි වියේ පසුවූවා
ප්‍රවීණයන්ගේ පාපැදි සවාරිය සඳහා පුහුණුවීම් සිදුකරමින් සිටියදී මියගිහින්...

70 දශකයේ රටම හඳුනන පාපැදි ශූරයෙකු වූ හේමපාල ගොඩගේ මහතා හදිසි අනතුරකින් මියගොස් තිබෙනවා.

තමන්ගේ ජීවිත කාලය පුරාම පණමෙන් ආදරය කළ පාපැදිය අනතුරකට ලක්වීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අම්බලන්ගොඩ පැවැත්වෙන ප්‍රවීණයන්ගේ පාපැදි සවාරිය සඳහා පුහුණුවීම් සිදුකරමින් සිටියදීයි ඔහු අනතුරට ලක්වන්නේ.

අම්බලන්ගොඩ බෝගහවත්ත ප්‍රදේශයේදී පාපැදියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් ඔහු බරපතල තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

අනතුරුව හිසට සිදුව ඇති බරපතළ තුවාල හේතුවෙන් බලපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි ඔහු මියගොස් ඇත්තේ.

70 දශකයේදී ධාවන ශූර මහගොඩගේ හේමපාල මහතා රටපුරා කතාබහට ලක්වන්නේ මහවැලි මහා පාපැදි සවාරියේ ශූරතාව හිමිකරගැනීමත් සමඟයි.

එතැන් සිට මේ දක්වා පැවති බොහෝ පාපැදි තරඟවල කතාබහට ලක්වූ ප්‍රවීණ චරිතයක් වූ හේමපාල මහතා මියයනවිට 72 හැවිරිදි වියේ පසුවූවා.

පාපැදියට මෙන්ම කලාවට ආදරය කළ ඔහු වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, රංගන ශිල්පියෙකු මෙන්ම වේදිකා නාට්‍ය පසුතල නිර්මාණ ශිල්පියෙකු ලෙසද කළා ලොව නම දිනා ගත්තා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top