Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 21
624
Views
මේ ලොව උතුම්ම සෙනෙහස මව්පිය සෙනෙහස කියලයි අපි හැමෝම අහලා තියෙන්නෙ. උණහපුලුවාටත් උගේ පැටියා මැණිකක් වගේ කියන්නේ ඒ නිසයි. ඒ වුණත් සමහර වෙලාවට උතුම් මව් පදවියට නිගා දෙන මව්වරුන්ද මේ ලොව නැතුවාම නොවෙයි.
 
තමන්ගේ සැමියා තමන්ට වඩා සිඟිති දියණියට ආදරය කිරීම නිසා ඊරිෂ්‍යාවට පත් මවක්, එම සිඟිති දියණිය ඝාතනය කළ පුවතක් යුක්රේනයෙන් වාර්තා වනවා.
 
21 හැවිරිදි මෙම මව එසේ අමානුෂිකව ඝාතනය කළ දියණියට වයස සති 3ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඇය විසින් තම සිඟිති දියණියව ඝාතනය කර ඇත්තේ පිහියක් ඇගේ මුවට ඇතුළත් කිරීමෙනුයි.
 
සැමියා නිවසට පැමිණෙද්දි ඇය තම අතේ ලේ සහිතව සිට ඇති අතර එයට හේතු විමසුවත් ඇය පිළිතුරක් ලබා දී නැහැ. පසුව සොයා බැලීමේදී තම දියණිය ලේ විලක් මැද සිටින ආකාරය ඔහු දැක තිබෙනවා.
 
දරුවාව හදිසි අනතුරු අංශයට යොමු කළත් ඒ වනවිටත් සති 3ක් වයසැති එම බිළිඳිය අවසන් ගමන් ගොස් තිබුණා.
 
දැරියගේ පියා වයස අවුරුදු 26ක තරුණයෙකු වන අතර මෙම සිද්ධියෙන් ඔහු දැඩි කම්පනයට පත් වී තිබෙනවා.
 
දියණිය ඝාතනය සම්බන්ධයෙන් මව අත්අඩංගුවට පත් වූ අතර මෙය තවමත් විශ්වාස කළ නොහැකි සිදුවීමක් ලෙස ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් පවසනවා.
 
කෙසේ වෙතත්, පියාගේ මව එනම් සැකකාර තරුණියගේ නැන්දම්මා පවසා තිබුණේ මෙවැන්නක්,
 
"මගේ පුතා දරුවන්ට හුඟක් ආදරෙයි.. ඉතින් මේ දරුවා ලැබුණත් එයා දරුවව හුඟක් ආදරෙන් බලාගත්තේ. සෑහෙන්න පරිස්සම් කළා. ඇත්තටම මට තාමත් මගේ පවුලට මේ සිද්ධ වුණේ මොනාද කියලා විශ්වාස කරන්න බෑ......."
 
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් මවට යම් මානසික ආබාධයක් ඇති බව හෙළිවී ඇති අතර ඇය සිරභාරයේ සිටියදීම ප්‍රතිකාර ලබාදීමට නියෝග කර තිබෙනවා.
 
ඇය වසර 15ක සිරදඬුවමකට නියම වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පාපොච්චාරණයක් ඇය විසින් සිදු නොකිරීම ද විශේෂත්වයක්.



සති 3ක් වයසැති දියණිය අවසන් ගමන් යැවූ 21 හැවිරිදි මව...


 
මේ ඔබ දකින්නේ ඇය තම දියණිය මරා දැමූ ස්ථානයයි. ඒ සඳහා ඇය යොදාගත් උපකරණ ද ජායාරූපයේ දැක්වෙනවා..

 
ඔවුන් ජිවත් වූ නිවාස සංකීර්ණය..

 
මියගිය දැරියගේ පියාගේ මව කරුණු දක්වමින්...
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top