Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 21
717
Views

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස මියගිය පිරිස අතර අවුරුදු 3 සහ 4 හැවිරිදි දරුවන් දෙදෙනෙක්ද සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.මේ අතර තුවාල ලබා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 50ක් වන බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් එරට පොලිසිය සඳහන් කරනවා.

එසේම මියගිය පිරිස අතර කුවේට් හි ජාතික මට්ටමේ ගෘහස්ත පාපන්දු ක්‍රිඩකයෙක් වන අට්ටා එල්යාන්, පලස්තීන ජාතික හෘද ශල්‍ය වෛද්‍යවරයෙක් වන අම්ජාඩ් හමීඩ්ද මියගිය පිරිස අතර සිටින බව එරට පොලිසිය සදහන් කරන අතර  මියගිය ඇතැම් පුද්ගලයින්ගේ අනන්‍යතාවය තවමත් හෙළි කර ගැනිමට අපොහොසත් විම නිසා නවසීලන්ත පොලිසිය දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවයි වාර්තා වන්නේ. මියගිය පුද්ගලයින් බහුතරයක් මුස්ලිම් වැසියන් විම හේතුවෙන් ඔවුන්ගේ ආගමට අනුව පුද්ගලයෙක් මියගොස් පැය 24ක් ගත විමට පෙර අවසන් කටයුතු සිදු කිරිම අත්‍යාවශ්‍ය කරුණක් විම නිසා එම තත්වය උදාවී ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් ඇතිවි තිබෙන තත්ත්වය පිළිබදව කරුණු පැහැදිලි කරමින් නවසීලන්ත පොලිස් දෙපාර්තමෙන්තුවේ ප්‍රධානි මයික් බුෂ් ප්‍රකාශ කරන්නේ මෙය ඉතා කණගාටුදායක කරුණක් බැවින් හැකි ඉක්මනින් මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය හදුනා ගැනිමෙන් අනතුරුව අවසන් කටයුතු සිදු කිරිමට සිරුරූ ලබා දිමට කටයුතු කරන බවයි.

මේ අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 28 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටෙරන්ට් මෙම ප්‍රහාරය ඔහු විසින් තනිවම මෙහෙයවා ඇති බවට නවසීලන්ත පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කරනවා. ඔහුට අමතරව අත්අඩංගුවේ පසුවන අනෙක් සැකකරුවන් තිදෙනා මෙම ප්‍රහාරයට සෘජු සම්බන්ධයක් නොමැති අතර ඔවුන් තිදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරිමේ කටයුතු සිදු කරන බවයි සඳහන් වන්නේ.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් මිට වඩා පිරිසක් මිය යාමට ඉඩ තිබු අවස්ථාව වලක්වාලිමට සමත් වු එක් පුද්ගලයෙක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය අද කරුණු අනාවරණය කර තිබෙනවා. ඒ තුවක්කුකරුගේ දෙවන ඉලක්කය වු ලීන්වුඩ් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයට ප්‍රහාර එල්ල කරමින් ඇතුල්විමට උත්සහ දැරිමේදි ඒ අසල සිටි අබ්දුල් අසීස් නම් පුද්ගලයෙක් විසින් තුවක්කුකරුගේ අතට "ක්‍රෙඩිට් කාඩ්" මැෂිමකින් පහරදි ඔහුගේ තුවක්කුව බිම දැමූ පුවතක්.

නොසිතු මොහොතක එල්ලවු ප්‍රහාරයෙන් පසු තමාට පහරදුන් පුද්ගලයා පසු පස දිව යාමේදි තුවක්කුකරුවු බ්‍රෙන්ටන් ටෙරන්ට් අත රැඳි ගිනි අවිය බිම වැටි ඇති අතර, ඉන් අනතුරුව ඔහු සිය කාර් රථයට දිව ගොස්  තවත් තුවක්කුවක් සහ අමතර පතොරම් රැගෙන ඒමට උත්සාහ කර තිබෙනවා.කෙසේ  නමුත් එම අවස්ථාවෙදි එම ස්ථානයට පැමිනි නවසීලන්ත පොලිසියේ නිළධාරින් දෙදෙනෙක් විසින් බ්‍රෙන්ටන් අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබෙනවා.

අබ්දුල් අසීස් නම් එම පුද්ගලයා සිදුකළ  ක්‍රියාව හේතුවෙන් සිදුවිමට ගිය විශාල ජිවිත හානියක් අවම කර ගැනිමට හැකිවු බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

 Aziz came to New Zealand a couple of years ago through Australia [Vincent Thian/AP]

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top