Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 21
747
Views
කොළඹ ප්‍රධානපෙළේ පිරිමි විද්‍යාලයක සංගීත ගුරුවරියක අපයෝජනය කළැයි චෝදනා ලබා සිටි එම විද්‍යාලයේ හිටපු ගුරුවරයකුට වසරක සිර දඬුවමක් නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා එම දඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කරනු ලැබුවා.
 
එම විද්‍යාලයේ සංගීත කාමරයක් තුළදී බලහත්කාරයෙන් ගුරුවරිය සිප වැළඳගත්තැයි කියමින් මෙම ගුරුවරයාට එරෙහිව නඩු පවරා තිබුණා.
 
තමාගේ පැමිණිල්ලට සාධාරණයක් ඉටුනොවූ නිසා ඒ ගැන මාධ්‍යයට අදහස් දැක්වී යැයි මෙම සිද්ධියට භාජනය වූ ගුරුවරියද වැඩ තහනමකට ද ලක් වූවා.

අනතුරුව ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරූ අතර ඒ අනුව ඇගේ වැඩ තහනම ඉවත් කර ඇය යළි සේවයේ පිහිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවා.
 
අපයෝජන නඩුව කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ විභාග වූ අතර මීට පෙර හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මෙම ගුරුවරයා නිදොස් කර නිදහස් කර තිබෙනවා.
 
ඊට එරෙහිව ගුරුවරිය මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර මහාධිකරණය මෙම ගුරුවරයා වැරදිකරු කරනු ලැබ ඔහුට දඬුවම් නියම කිරීමට යළි මහේස්ත්‍රාත් අධිකරණයට එවීමට කටයුතු කළා.
 
ඒ අනුව අද(21) නඩුව කැඳවූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම ගුරුවරයාගෙන් වන්දි අවශ්‍යදැයි ගුරුවරියගෙන් විමසා සිටියා.
 
එසේ වන්දි අවශ්‍ය නොවන අතර ඔහුට දඬුවමක් නියම කරන්නැයි ගුරුවරිය ඉල්ලා සිටියා.
 
ඒ අනුව ගුරුවරිය අපයෝජනය කිරීමට වැරදිකරු වූ එම විද්‍යාලයේ හිටපු ගුරුවරයකු වන තිළිණ මාලේගොඩ මහතාට වසරක සිර දඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ පෙර වැරදි නොමැති නිසා එම දඬුවම වසර පහකට අත්හිටුවීමට ද නියෝග කළා.
 
ඊට අමතරව රුපියල් 1,500ක දඩයක්ද නියම කරනු ලැබුවා.
 
-තරිඳු ජයවර්ධන
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top