Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 21
1,022
Views

මියුසික් වීඩියෝ රැසකටම දායක වෙලා තිබෙන නිරූපණ ශිල්පිනියක් තමයි නටාෂා රොෂෙල් කියන්නේ. ලංකාවේ මියුසික් වීඩියෝවලට පමණක් නෙවෙයි නටාෂා විදෙස් ගීත කිහිපයකටත් දායක වී තිබෙනවා. ඉතින් නටාෂා සාරවිටට සම්බන්ධ වුණේ මේ විදිහට.

 

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?

මගේ නම නටාෂා රොෂෙල්. මගේ පදිංචිය කඩවත. මම නිරූපණ ක්ෂේත්‍රයේ නිරූපණ ශිල්පිනියක් ලෙස වැඩකටයුතු කරනවා.

 

කොහොමද නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ?

මම දැනට අවුරුදු තුනහමාරකට කලින් වගේ තමයි ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඒ කියන්නේ උසස් පෙළ විභාගයෙන් අනතුරුවයි. මගේ අක්කත් නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරනවා. එයාගේ මාර්ගයෙන් තමයි ක්ෂේත්‍රයට එන්නේ.

 

නිරූපණ ශිල්පිනියක් ලෙස දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?

මම වෙළඳ දැන්වීමක් කරලා තියෙනවා. කොත්තුමී එක 2017. ඊටපස්සේ වෙළඳ දැන්වීම්වලට වැඩිය දායක වුණේ නැහැ. මියුසික් වීඩියෝ නම් මේ වෙද්දි විසි පහකට පමණ දායක වෙලා තියෙනවා. රොමේෂ් සුගතපාලගේ මන්දාරමේ ගීතය, තව ඉන්දියන් සහ මාලදිවයින් ගීතයකටත් දායක වෙලා තිබෙනවා.

 

අද මියුසික් වීඩියෝවලට නිරුවත යොදාගෙන තිබෙනවා. ඒ ගැන ඔයා මොනවද හිතන්නේ?

ගීතය ජනප්‍රිය කරගන්නනේ නිරුවත භාවිතා කරන්නේ. ඒක ට්‍රෙන්ඩ් එකකට ගිහින් දැන්. නිරුවත් නිර්මාණ කළාම ගීතය බලනවා කියලා එකක් හදාගෙන තියෙනවා. නමුත් මම නිරුවත් නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැහැ.

 

නිරූපණය තෝරාගත්තේ ඇයි?

මගේ අක්කා එක්කම ඉඳපු නිසා තමයි ඒ පැත්තට ආසාවක් ඇති වුණේ. නිරූපණය කියන්නේ විඳින්න පුළුවන් දෙයක්.

 

කොහොමද ජාත්‍යයන්තර තලයේ නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණේ?

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ තිබුණු ඡායාරූප දැකලා තමයි ආරාධනා ලැබුණේ. ඉන්දියන් ගීතයේ ප්‍රඩක්ෂන් එක නම් ලංකාවේ එකක්.

 

රංගනය පැත්තට සම්බන්ධ වෙලා නැද්ද?

නැහැ. මට ඒ පැත්ත ගැන බලාපොරොත්තුවක් නැහැ. මට ගැලපෙන චරිතයක් ලැබුණොත් බාරගෙන කරයි. මට රඟපාන්න පුළුවන්ද කියලා දන්නේ නැහැ මම.

 

ගෙදරින් ලැබෙන සහයෝගය?

අක්කට වගේම මටත් ලොකු සහයෝගයක් ලැබෙනවා. මුලදි නම් වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් දැන් නම් හොඳ සහයක් ලැබෙනවා.

 

නිරූපණය විතරද කරන්නේ. නැත්නම් අමතරව මොනවා හරි කරනවාද?

නැහැ. දැනට මම නිරූපණය විතරයි කරන්නේ.

 

අද නිරූපණ ක්ෂේත්‍රය තිබෙන තත්වය කොහොමද?

දැන් නම් ගොඩාක් අළුත් අය ඇවිත් ඉන්නවා. නමුත් ඉස්සර තිබුණු පිළිගැනීම නම් දැන් නැහැ. ඉස්සර ගොඩාක් අය ආසයි නිරූපිකාවක් වෙන්න. නිරූපිකාවක් වෙන්න හැමෝටම බැහැ. දැන් එහෙම නැහැ. හැමතැනම නිරූපණ ශිල්පිනියෝ ඉන්නවා. දැන් තරඟකාරීත්වය නැතිවෙලා. ගොඩාක් අය ඉද්දි කොහොමත් අගයක් නැහැනේ.

 

නටාෂා පැජන්ට්වලට සහභාගී වෙලා තියෙනවාද?

නැහැ. සහභාගී වෙන්න ආසාවකුත් නැහැ.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මියුසික් වීඩියෝ තුළින් තමයි ඉස්සරහට එන්න බලාපොරොත්තු වෙන්නේ.

 

උදව් කළ අය ගැන කිව්වොත්?

මගේ අක්කා, පවුලේ අය තමයි මට ගොඩක්ම උදව් කරේ.

 

කැළුම් දේවින්ද

 

2019-03-19-ent-332019-03-19-ent-34 2019-03-19-ent-362019-03-19-ent-372019-03-19-ent-382019-03-19-ent-392019-03-19-ent-402019-03-19-ent-41 2019-03-19-ent-432019-03-19-ent-44

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top