Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 21
904
Views
මට එයාට විරුද්ධව පොලිසි යන්න බැහැ..
 
මේ මම මෙහේ ආපු අන්තිම ගමන වෙන්නත් ඉඩ තියනවා...
 
ඒ 2002 වසරයි. අලගෙදර ආරච්චිලගේ බන්දුල සුදර්ශන පෙරේරා කරාතේ ගුරුවරයෙක්. ඔහුගේ ආදරණීය බිරිය ශ්‍රියාණි විජේරාම මහත්මියයි. මේ දෙපළට පුතුන් දෙදෙනෙකු සිටියා. හෝමාගම මාලපල්ල නුගගහලන්ද අංක 73/01/එන්. ලිපිනය දරන නිවසේ මේ පවුල පදිංචිව සිටියා.
 
බන්දුල කරාතේ ක්‍රීඩාව හොඳින් ප්‍රගුණ කළා. ඔහු රට පුරා කරාතේ පන්ති පැවැත්වූ කරාතේ ගුරුවරයෙක්ද වුණා. ඔහුට ඒ නිසාම ජපානයට යාමට පවා අවස්ථාව උදා වුණා.

කාලය මෙසේ ගෙවි යද්දි බන්දුල - ශ්‍රියාණි අඹුසැමියන් අතර ටික ටික ඇතිවුණු ආරවුල් දුරදිග ගොස් කිසිදිනෙක නොවිසෙඳන පිළිතුරු නැති ඒවා බවට පත්වූයේ කිසිවෙකු නොසිතූ පරිදියි.
 
සැකය නිසාම මොවුන්ගේ ආරවුල් නිමවූයේ පොලීසියේදියි. වරක් දෙදෙනා අතර ඇතිවූ ආරවුලකින් සැමියා ශ්‍රියාණිගේ ගෙල පෙදෙසට එල්ල කළ කරාතේ පහරකින් ඇගේ ගෙල අප්‍රාණික වුණා. පසුව අංශභාග තත්ත්වයට පත් ශ්‍රියාණි රෝහල්ගත කරනු ලැබුවා.
 
නැවත නිවසට ආවත් ඇයට සැමියාගේ තාඩන පීඩනවලට ලක් වන්නට සිදු වුණා. ශ්‍රියානිගේ නමට ඇති ඉඩම තමාට ලියා දෙන්නැයි සැමියා ඇයට බල කළා. ශ්‍රියාණි ඒ සැම දෙයක්ම විඳ දරාගත්තා.
 
තම සොයුරිය සැමියාගෙන් සිදුවන ගැහැට නිසා පීඩාවට පත්ව සිටින බව ශ්‍රියානිගේ වැඩිමහල් සොයුරිය ඒ වන විට හොඳින්ම දැන සිටියා. නැගණිය හා ඇගේ සැමියාගේ මේ ආරවුල් විසඳිමට ඇය මැදිහත් වුවද එය සාර්ථක වූයේ නැහැ.
 
නැගණිය විඳින දුක් කරදර දෙස බලා සිටිය නොහැකි තැන සොයුරිය ඇයට යෝජනාවක් කළා. ඒ මේ ආරවුල් විසඳීමට පොලිසියේ පිහිට පැතීමයි.
 
"මම සුදත්ට ආදරෙයි අක්කෙ... එයාට විරුද්ධව පොලිසියට යන්න මට බෑ..."
 
ශ්‍රියාණි සිය සහෝදරියට එලෙස පිළිතුරු දුන්නා.
 
"මාව මරාවිද දන්නෙ නෑ අක්කේ.. ඇත්තටම මම ඉන්නේ මරණ බයෙන්. අද ඔයාව බලන්න ආපු ගමන මම මෙහේ ආපු අන්තිම ගමන වෙන්නත් ඉඩ තියනවා.."
 
නැගණියගේ කතාව ඇසු සොයුරිය කම්පා වුණා.
 
"නෑ නංගි, ඔයාට කරදරයක් වෙන්නේ නැහැ.. අපි ඉන්නවනේ..."
 
මේ අතර ශ්‍රියාණි තමාට එල්ලවන තාඩන පීඩන ගැන ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක්ද කර තිබුණා. මේ පැමිණිල්ල පොලිස් පොතෙන් ඉවත් කරගන්නා ලෙස ඇයට සැමියාගෙන් තර්ජන එල්ල වුණා.
 
කාලය මෙසේ ගෙවි යද්දි ශ්‍රියාණි හදිසියේම ආගිය අතක් නැතිවුණා. ඇගේ සැමියා බන්දුල හෝමාගම පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළා. ආගිය අතක් නැතිව සිටින ශ්‍රියාණි සොයා ගැනීම සඳහා පොලිසිය විමර්ශණ ආරම්භ කරනු ලැබුවා. එහෙත් ඇය ගැන කිසිදු හෝඩුවාවක් ලැබුණේ නැහැ.
 
අවසානයේ ශ්‍රියානි හා සැමියා අතර පැවති ආරවුල් ගැන ද පොලිසියේ උකුසු ඇස යොමු වුණා. ශ්‍රියානිගේ නිවසට නිතර ආ ගිය අයෙක් සිටියා. ඔහු ශ්‍රියානිගේ සොයුරියගේ සැමියායි. හේමන්ත නැමැති ඔහු නෑකමට ශ්‍රියාණිගේ මස්සිනා වුණා.
 
පොලිසිය රවින්ද්‍රන්ගෙන් ද ශ්‍රියානි අතුරුදහන් වීම පිළිබඳ විමසුවා. ඔහු යමක් දන්නා බව පොලීසියට දැනගැනීමට හැකි වූ අතර ඉන් පසු ශ්‍රියාණිට සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය පිළිබඳව පොලිසිය සියලු තොරතුරු අනාවරණය කරගන්නේ මේ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ තොරතුරුවලට අනුවයි.
 
ඒ අනුව රවින්ද්‍ර සහ බන්දුල එක්ව ශ්‍රියානිව ඝාතනය කර ඇති බවත්, 2002 වසරේ ජනවාරි 31 වැනිදා මේ ඝාතනය සිදුවූ ඇතිබවත් හෙළිදරව් කරගැනීමට පොලීසියට හැකිවුණා.
 
"පිරිමි අත්ලේන්සුවක්" රෝල් කර කඹයක් වැනි ආකාරයට සකසා ශ්‍රියානිගේ ගෙලවටා ඔතා තද කර ඈ ඝාතනය කිරීමෙන් අනතුරුව විදේශ ගමන්වලදි භාවිතා කරන විශාල ප්‍රමාණයේ ගමන් බෑගයකට අතපය නවා ඇගේ සිරුර දමා තිබුණා. සිරුර වටා ඉටිකොළ එතීමෙන් පසු බෑගය වසා ඉබි යතුරු දමා ඇති අතර කුලී පදනම මත ලබාගත් කාරයකට එම බෑගය දමා ඇති බවද පොලීසිය විසින් අනාවරණය කරගනු ලැබුවා.
 
ඝාතනයට පෙර මෙම කාරය කුලියට ගෙන ඇත්තේ රුපියල් තිස් දහසක මුදලටයි.
 
පසුව එම සූට්කේසය රක්වාන පොතුපිටිය ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක දැමූ බව පොලිසිය හෙළි කර ගත්තා. මේ ඝාතනය සිදුව ඇත්තේ 2002 ජනවාරි 31 වැනිදායි.
 
මේ අනුව ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රියානිගේ මස්සිනා හා සැමියා හෝමාගම මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
 
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කලක් විභාග වූ මේ නඩුව පසුව අවිස්සාවේල්ල මහාධිකරණයේ විභාග වුණා.
 
හෝමාගම මහාධිකරණය ආරම්භ වීමෙන් පසුව නැවත මෙම නඩුව හෝමාගම මහාධිකරණයේදී විභාග කෙරුණා.
 
නඩු විභාගය අතරතුරදී නඩුවේ පළමුවැනි විත්තිකරු වූ රවින්ද්‍ර හේමන්ත හෘදයාබාධයක් හේතුවෙන් මිය යන අතර දෙවැනි විත්තිකරු වූ බන්දුල සුදත්සිරි පෙරේරා මහාධිකරණයේ පැවැති නඩු විභාගයට පෙනී සිටියා.
 
හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන්නට පෙර සඳහන් කළේ මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි නැතත් පර්යේෂණ සාක්ෂි මත පදනම්ව නඩුව පවත්වාගෙන යන බවයි. විත්තිකාර සැමියා සිය බිරිය අනාචාරයේ යෙදෙන වැරදි කරන කාන්තාවක් බවට නඩු විභාගයේදි සාක්ෂි දී තිබෙන බැව් කී මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා විත්තිකරුවකු අසත්‍ය පැවසූ විට සත්‍ය හෙළිවන බවත් විත්තිකරු ලබා දුන් සාක්ෂි අසත්‍ය බව නඩු විභාගයේ සාක්ෂි මඟින් හෙළිවී තිබෙන බවත් සඳහන් කළා.
 
"නඩු විභාගයේ සාක්ෂිකරුවන් ලබා දුන් සාක්ෂි අනුව ඝාතනයට ලක් වූ කාන්තාව හොඳ කාන්තාවක් බවට සනාථ වනවා. දෙවන විත්තිකරු කරාතේ උපදේශකයෙකු ලෙස රට පුරා විවිධ ස්ථානවල කරාතේ පන්ති පවත්වා ඇති අතර එම ක්‍රීඩාව සම්බන්ධයෙන් ජපානයට අවස්ථා කිහිපයකදීම ගිය අයෙකුද වනවා. මෙම ඝාතනය සූක්ෂම ලෙස සදාකාලික අබිරහසක් වන අයුරින් සිදුකර තිබෙනවා. මිනීමැරිමේ චේතනාවෙන්ම මෙම කාන්තාව මරා දමා තිබෙනවා. පර්යේෂණ සාක්ෂි අනුව මේ සියල්ල අනාවරණය වී තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව අති භීෂණ අයුරින් පිරිමි ලේන්සුවක් ගෙන රෝල් කර කඹයක් ආකාරයට සකසා ගෙල වටා ඔතා තදකර මේ කාන්තාව මරා දමා ඇති බව හෙළි වුණා. ඒ අනුව මේ ඝාතනය අති භීෂණ කෲර මනුෂ්‍ය ඝාතනයක් බවත්, සාධාරණ සැකයකින් තොරව මෙය මිනීමැරිමේ චේතනාවෙන්ම සිදුකළ මිනීමැරීමක් බවට තීරණය කරනු ලබනවා..."
 
පුරා දාහත් වසරක් විභාග වූ මෙම නඩුවේ අවසානයට සිය බිරිඳ මැරූ විත්තිකරුට ජිවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top