Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 19
903
Views
සාරංග දිසාසේකර කියන්නේ පුංචි තිරයේ වගේම සිනමාවේත් ඉතා ජනප්‍රිය නළුවෙක්.

සාරංග මොනවද අලුත් තොරතුරු?

මම ටෙලි නාට්‍ය වගේම චිත්‍රපට කීපයකටත් දායකවෙමින් ඉන්නවා. ඔය අතරේ මට විදෙස් ප්‍රසංග කීපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.

ඔබ දැන් ටෙලි නාට්‍යවලට වඩා චිත්‍රපටවලට වැඩි උනන්දුවක් දක්වනවා නේද?

අලුත් චිත්‍රපට කීපයකටම මට ආරාධනා ලැබුණා. ඒ නිසා සිනමාව පැත්තටත් ටිකක් වැඩි අවධානයක් යොමුකරන්න ඕන කියලා මට හිතුණා

චිත්‍රපටයක් සහ ටෙලි නාට්‍යයක් සඳහා එකම දිනවල ආරාධනා ලැබුණොත් තෝරාගන්නේ මොන නිර්මාණයද?

එහෙම වුණොත් අදාළ නිර්මාණය මොන වගේද කියලා හා මට රඟපාන්න තිබෙන චරිතයේ ස්වභාවය දිහා බලලා තමයි තීරණයක් ගන්නේ.

පෞද්ගලික ජීවිතයේ තොරතුරු ගැනත් කතා කළොත්?

අම්මයි, මමයි සාමාන්‍ය විදියට ජීවත් වෙනවා. අපේ ව්‍යාපාර කටයුතුවලටත් කාලය වෙන් කරන නිසා කලාව සහ ව්‍යාපාර කටයුතු එක්ක මේ දවස්වල මම ටිකක් කාර්යබහුලයි.

පසුගිය කාලයේ පෞද්ගලික ජීවිතයේ සිදුවූ හැලහැප්පීම් දිහා හැරිලා බලද්දී දැන් ඔබට මොනවද හිතෙන්නේ?

අපි ජීවත්වෙද්දී හැලහැප්පීම් කියන දේවල්වලට මුහුණදෙන්න සිදුවීම සාමාන්‍ය දෙයක්. ඒ දේවල්වලට මුහුණදීම තුළින් තමයි ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. මගේ ජීවිතයේ මුහුණදීමට වූ සෑම දෙයක්ම පාඩමකට අරගෙන දැන් මම මගේ ජීවිතය ඉදිරියට ගෙනියනවා.

ආරියවංශ කුලතිලක

Image may contain: 1 person, smiling, standing and outdoor
Image may contain: 1 person, smiling, sitting and indoor
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top