Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 19
791
Views
"සමාව හැර වෙන යමක් ඉල්ලන්න අපට හැකියාවක් නෑ..."

"එයාගේ තාත්තා පිළිකාවකින් මැරුණේ, ඊට පස්සේ එයා වෙනස් වුණා .."

පසුගියදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් ජාතිකයින් සමූල ඝාතනය කළ බ්‍රෙන්ටන් ටැරන්ට්ගේ පවුලේ අය මියගිය සියලු දෙනා වෙනුවෙන් සමාව ඉල්ලා තිබෙනවා.

මේ වනවිට නවසීලන්තයේ රක්ෂිත බන්ධනාගාරයේ පසුවන තම පුත්‍රයා කළ ක්‍රියාව හෙළා දකින බව ටැරන්ට්ගේ සීයා හා ආච්චී ඕස්ට්‍රෙලියානු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා. 

'අපට මේ ගැන අසා කරකියාගන්න දෙයක් නැතිවුනා. හිතාගන්නවත් බෑ..සමාව හැර වෙන යමක් ඉල්ලන්න අපට හැකියාවක් නෑ... එයාගේ තාත්තා නැති වුනාට පස්සේ අපෙන් ඈත් වුණා. අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්. පවුල් පරිසරයෙන් ඔහු ධමරිකයෙක් වෙන්න හේතුවක් නැහැ.."

81 හැවිරිදි මිත්තණිය වන ෆිට්ස්ජෙරල්ඩ් මහත්මිය පවසනවා.

ඔහුගේ පියා වන Rodney 2010 වර්ෂයේ පිළිකා රෝගයකින් මිය ගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර සිටිනවා. ඒ හේතුවෙන් Brenton Tarrant කනස්සල්ලෙන් බොහෝ කාලයක් පසුවූ බවත් ඉන් පසුව ඔහු පවුලෙන් මිදී තනි ජිවිතයක් ගත කළ බවත් පසුව ලෝකය වටේ සංචාරය කරමින් විනෝදයෙන් පසු වූ බවට පවුලේ පිරිස දැනගත් බවත් මිත්තනිය සදහන් කර තිබෙනවා. නමුත් ඒ ගැන සොයා බැලීමක් නොකළ බවත් ඇය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා. 

මේ වනවිට ටැරන්ට්ගේ මව හා නැගණිය ඕස්ට්‍රෙලියානු පොලිස් ආරක්සාව යටතේ නිවසක රඳවා සිටින අතර ඔවුන්ට මාධ්‍ය ඉදිරියට ඒමට අවස්ථාවක් ලබාදී නැහැ.

නවසීලන්තයේ නීතිය අනුව වයස 18 පිරෙන ඕනෑම අයෙකුට ආයුධ පරිහරණ බලපත්‍රයක් සීමා කොන්දේසි යටතේ ලබාගත හැකි අතර එම බලපත්‍ර ලබාදෙන්නේ පුද්ගලයෙකුට මිස ආයුධ වලට නොවන බවද එම වාර්තා සදහන් කර තිබෙනවා. ඊයේ අනාවරණය වූයේ මෙම ලිහිල් නීතිය උපයෝගී කරගෙන ටැරන්ට් නවසීලන්තයේදී ආයුධ ලබාගෙන තිබෙන බවත් ඔහු ඉතාම පහසුවෙන් අන්තර්ජාලය හරහා එම ආයුධ ඇනවුම් කර ඇති බවයි.

නවසීලන්තය තුළ පවතින ගිනිඅවි නීති ප්‍රතිසංශෝධනය කිරීම සඳහා සිය කැබිනට් මණ්ඩලය තීරණය කළ බව එරට අගමැතිනි ජසින්ඩා ආර්ඩෙන් ඊයේ (18දා) මාධ්‍ය වෙත පවසා සිටියේ,

 "මේ භයංකාර ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් දින 10කට පස්සේ අපිට හැකි වේවි නවසීලන්තයේ අලුත් ගිනිඅවි නීති මොනවාද කියලා ප්‍රකාශට පත් කරන්න. ඒ හරහා අපිට අපේ සමාජය වඩාත් ආරක්ෂිත  කරන්න හැකිවේවි කියලා අපි විශ්වාස කරනවා." යනුවෙනුයි.

ප්‍රධාන ප්‍රහාරය එල්ල කළ බ්‍රෙන්ටන් ටැරන්ට්  පිළිබඳව නවසීලන්ත බුද්ධි අංශ වෙත මීට පෙර කරුණු වාර්තා නොවීම සම්බන්ධයෙන් පවතින ගැටලුවටද පිළිතුරු අපේක්ෂා කරන බවද අගමැතිවරිය සඳහන් කර තිබෙන බවද පැවසේ.  වෙඩික්කරුවා එම ප්‍රහාරය එල්ල කිරීම සඳහා භාවිත කළ අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි දෙක, ෂොට් ගන් දෙක සහ අනෙකුත් ගිනිඅවි සියල්ල නවසීලන්තෙයේ පවතින ගිනිඅවි නීතියට යටත්ව ඔහු ඒවා අන්තර්ජාලය හරහා මිලදී ගෙන ඇති බවත් සදහන්.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top