Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 19
1,072
Views
"ගයාන් දැන්මම ලංකාවට එන්නේ නැහැ.."

"සනීපයෙන් යන්න ඕනෑ ගමනක් තියෙන්නේ..."

සුනිල් පෙරේරා කියන්නේ කණ්ඩායම් සංගීතය තුළ පෙරළියක් කළ ගායකයෙක්. ඔහුගේ දරුවන් පවා සංගීතයට දක්ෂයි. දියණියක් හා පුතුන් දෙදෙනක් සිටියත් බොහෝ දෙනෙක් දන්නේ ගයාන් පෙරේරා ගැන පමණයි. සජිත් පෙරේරා කියන්නෙත් ඔහුගේම පුතෙක්. ඔහු මේ වෙද්දී සංගීතයට පිවිස තිබෙනවා. මේ ඔහු ගැන කතාබහක්.

සජිත් කාලෙකින් අලූත් වැඩක් කළා නේද?
ඔව්. ඒක අපේ සංගීත කණ්ඩායම එළිදක්වන්න මම ලියපු ගීතයක්. මේ ගීතය අපේ සංගීත කණ්ඩායමේ සියලූම දෙනා ගායනා කරනවා. බෑන්ඞ් එක එළිදක්වන්න මූලික කරගෙන තමයි වයමින් එළිදැක්වූයේ.
 
වයමින් ගීතයට ලැබෙන ප්‍රතිචාර?
හොදයි. හැමෝම ඉතිං හරි ආසයි. ඇත්තටම ඒ ගීතයට කිසිම කෙනෙකුට බනින්න කියලා දෙයක් ඉතුරුවෙලා නැහැ. ඔක්කොම සරල ආදර වචන තියෙන්නේ.
 
සුනිල් පෙරේරාගේ ලොකු පුතා සජිත් බෑන්ඞ් එකක් එළිදක්වන්න හිතුවේ ඇයි ?
මේ ගීතයෙන් බෑන්ඞ් එක හදුන්වාදීපු එක තමයි මේ කළේ.
 
බෑන්ඞ් එකේ නම මොකක්ද ?
මේ බෑන්ඞ් එකේ ඉන්නේ තරුණ පිරිසක්. ලීග් ගිටාර් වාදනය කරන්නේ සුදම් නානායක්කාර” රිදම් වාදනය කරන්නේ මම. එතකොට කීබෝඞ් වාදනයෙන් කවීෂ්” ඩ‍්‍රම්ස් වාදනයෙන් චමෝද් ක්‍රිෂාන් දායකවෙනවා. බේස් වාදනය කරන්නේ දිලීප සහ පියානෝ වාදනය කරනවා ප්‍රදී. අපේ කණ්ඩායමේ නම නයින්ටි නයින්.
 
ඇයි මේ නයින්ටි නයින් කියලා මම යෙදුවේ ?
මම ඉස්කෝලෙන් අවුට්වුණේ අනූනවය අවුරුද්දේ. ඒකත් බලපාන්න ඇති. නමක් නැතිව හොය හොයා ඉන්නකොට තමයි මේ නම යෙදුවේ.
බෑන්ඞ් එකක් පටන්ගන්න මෙච්චර ප්‍රමාද වුණේ ඇයි ?
ප්‍රමාද වුණේ නැහැ. මම මුල්ම වරට සංගීතයට ආවේ 2001 අවුරුද්දේ. ඒ කාලේ සංගීතය ගැන ලොකු දැනුමක් නැහැ. මම හිතන්නේ හැමදේම හරි කාලේදී උදාවෙනවා වගේ වැඩක් තමයි සිද්ධවුණේ. කිසිම ප්‍රමාදයක් නැහැ කියලයි මට හිතෙන්නේ.
 
ඔබ ඇයි ඩැඞී සංගීත කණ්ඩායමෙන් ඉවත්වුණේ ?
මගේ සංගීත කණ්ඩායමක් තිබුණා සෙකන්ඞ් ජෙනරේෂන් කියලා. ඒකාලේ ඒ කණ්ඩායම හරියට සාර්ථක වුණේ නැහැ. මගේ යොමුවක් නැතිකමින් ඒක ඉබේටම නැතිවුණා. අන්තිමේ අනෙක් පිරිස ඩාඩා කියලා නමක් දාගෙන බෑන්ඞ් එක කළා. ඩාඩා කැඩිලා ඩැඞී පටන්ගත්තා. ඉන්දියාවට යන්න අවස්ථාවක් උදාවෙලා තමයි ඒ නමත් අපේ මල්ලි යොදලා පටන්ගත්තේ.
 
ගයාන් කතා කරන්නෙ නැතිද?
හැමදාම වගේම කතා කරනවා.
 
ගයාන් ආපහු ලංකාවට එන්නේ කවදාද?
මම හිතන්නේ නැහැ දැන්මම ලංකාවට ඒවි කියලා. එයාගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා තියෙන්නේ. සංගීතය පැත්තෙන් තවත් අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා ඉන්නවා. මම හිතන්නේ නෑ ඔහු දැන්ම ලංකාවට ඒවි කියලා.
 
ප්‍රසංග වේදිකාවට ගොඩවෙන්න සූදානමක් නැතිද?
මේ ගීතයෙන් පස්සේ ගොඩක් දෙනෙක් මට කතා කළා. ප්‍රසංග වේදිකාවට යන්න කලින් තව ගීත කිහිපයක් එළිදක්වන්න ඕනෑ. එතකොට අපිට හරියටම අනන්‍යතාවයක් ගොඩනැගෙනවා. එළිමහන් ප්‍රසංග වේදිකාවට ගොඩවෙන්න මගේ අදහසක් තියෙනවා. දැනට නම් එහෙම අදහසක් නැහැ.
 
තාත්තාගේ ගීතයක් කියන්නවත් සූදානමක් නැතිද?
තාත්තාගේ ගීත කියන්න මට අවශ්‍යතාවයක් නැහැ. අලූත් ගීත කිහිපයක් එළිදැක්වුවහම මම හිතනවා සංගීත කණ්ඩායමට ශක්තියක් ලැබේවි කියලා.
 
තාත්තා සුනිල් පෙරේරා ඔබේ සංගීත කණ්ඩායමට උදව් කරන්නේ නැතිද?
බෑන්ඞ් එකට සහ මගේ සංගීත දිවියට ලොකු දෙයක් කරන්නේ නැහැ. තාත්තා තමයි මගේ ජීවිතයේ ලොකුම වීරයා. තාත්තා අපි කරන දේවල්වලට එහෙම ඇගිලි ගහන්න එන චරිතයක් නෙමෙයි. ඒ වුණාට මගේ ජීවිතයට පණක් දුන්නේ තාත්තා.
 
අලූත් බෑන්ඞ් එක ගැන තාත්තා මොනවාද කිව්වේ ?
මේ වෙනකම් මට කිසිම දෙයක් කියලා නැහැ. වචනයකින්වත් දෙයක් කියලා නැහැ. එයා අනෙක් තාත්තලා වගේ නෙමෙයි. වෙනස් පුද්ගලයෙක්. අපි කරන දේ බලාගෙන හිටියා මිසක් අපිට අවවාද” අනුශාසනා දෙන්න ජීවිතේට ඇවිත් නැහැ. අපි කරන දේවල්වලට එයා හරි සන්තෝසයි. මමවත් මල්ලිවත් කරපු කිසිම වැඩකට කිසිම දෙයක් කියපු නැති මනුස්සයෙක්.
 
නයින්ටි නයින් ඩැඞීලාට අභියෝගයක් කරන්න පුළුවන්වේවිද?
මට කාටවත් අභියෝගයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මට කිසිම කෙනෙක් එක්ක තරගයක් නැහැ. ඒ වුණාට මම හැම තිස්සේම කරන්නේ මට වුවමනා දේ. මේක තරගයක් ඇතිකරගන්න වුවමනා දෙයක් නෙමෙයි. මේක කලාව. මේක ඇතුලේ එකිනෙකා එක්ක හරිම ආදරයෙන්” සනීපයෙන් යන්න ඕනෑ ගමනක් තියෙන්නේ.
 
ඩැඞීලාට අභියෝගයක් කරන්න නෙමෙයිද ඔබ බෑන්ඞ් එකක් පටන්ගත්තේ ?
මට එහෙම අභියෝගයක් නැහැ. මේක මගේ ෆැෂන් එක. ආසාව. මගේ ආත්ම තෘප්තිය. මට කිසිම කෙනෙකුට අභියෝග කියලා දෙයක් නැහැ. මගෙන් කිසිම කෙනෙකුට අභියෝගයක්වත් නැහැ.
 
තාත්තාගේ ජිප්සීස් කණ්ඩායමට බැදුණා නම් නරකද?
නැහැ” කවදාවත් මට එහෙම හිතිලා නැහැ.
 
ජිප්සීස් කණඩායමේ අනාගතය භාරගන්න සූදානමක් නැහැ ?
ජිප්සීස් කණ්ඩායමේ අනාගතය අපි කවුරුවත් භාරගන්න වුවමනා නැහැ. ජිප්සීස් කියන්නේ අපේ තාත්තා පටන්ගත්තු දෙයක්. ඒක අපේ තාත්තලාගෙන් පස්සේ ඉවරයි. මම හිතන්නේ ඒක කවුරුවත් භාරගත යුතුයි කියලා. ජිප්සීස් ඒක එතැනින් ඉවරයි.
 
 
 දිනේෂ් විතාන









Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top