Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 18
573
Views

අද අලුයම 1.45 ට පමණ පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වෑන් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ මෙම අනතුරින් මිය ගිය පිරිස අතර කාන්තාවන් තුන්දෙනෙකු සහ එක් පුද්ගලයෙකු සිටින බවයි වාර්තා වන්නේ. මෙලෙස මියගිය කාන්තාවන් තිදෙනා අතර ගැබිණි කාන්තාවක්ද සිටින බව සඳහන් වන අතර මිය ගිය අනෙක් පුද්ගලයා මාර්ගයේ සිටි අයෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.‍

ටිපර් රථයේ රියදුරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර වෑන් රථයේ රියදුරු සහ තවත් අයෙකු පුත්තලම රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට  මාරුකර යවා ඇති බවයි සඳහන් වන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top