Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 18
764
Views
අපේ රටේ තරුණ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ලොකුම ෆැෂන් එක තමයි කොළඹ නගරයේ ලොකු ජොබ් එකක් කරමින් ගමට ලොකුකම පෙන්නන එක. හැබැයි මේ ජොබ් කරන ගොඩක් තරුණ තරුණියන්ගේ පොකට් එක නම් ගොඩක් වේලාවට හිස්. පඩි ගත්ත දවසේ ඉදන් දවස් දෙක තුනක් අතේ සල්ලි තිබ්බත් සතියක් විතර ගෙවුණු ගමන් ගොඩක් දෙනා වැඩට යන්නේ අම්මගෙන් කීයක් හරි ඉල්ලගෙන. එත් අපි කරපු සමීක්ෂණයකින් හෙළිවුණේ ඇඟලුම් ක්ෂේත්‍රයේ තරුණ තරුණියනගේ කතාව නම් ඊට වැඩ වෙනස් කියලයි. එකට හේතු වූ කරණාත් ගොඩක් තියනවා.
 
හැම රටකම ආර්ථිකයේ වර්ධනය හෝ කඩා වැටීම රදා පවතින්නේ නිෂ්පාදන ඉහළයාම සහ විදෙස් විනිමය රටට පැමිණීම මතයි. පසුගිය දශක කිහිපය තුල අපේ රට විදෙස් විනිමය රැගෙන ආ ප්‍රමුඛයන් බවට පත්ව සිටින්නේ ඇඟලුම් කර්මාන්තයයි. වර්තමානයේ අපේ රට මුහුණදී සිටින රුපියලේ අගය කඩා වැටීම පාලනය කරමින් රට යථා තත්වයට ගෙන ඒමට ඇඟලුම් කර්මාන්තය ඉටු කරන්නේ සුවිශේෂී කාර්යභාරයක්. එහිදී ඇඟලුම් කර්මාන්තය තුල 80%ක පමණ සේවක දායකත්වයක් ලබාදෙන කාන්තාවන්මේ,  ක්ෂේත්‍රය තුල පෙරගමන්කරුවන් බවට පත්ව තිබෙනවා. මේ අනුව අපේ රටට විදෙස් විනිමය රැගෙන ඒමේ ප්‍රධාන සාධකය බවට කාන්තාවන් පත්ව සිටීම ඔවුන්ට මහත් අභිමානයක්.
 
විව්ධ බාධක මැද මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ තරුණියන් අද වනවිට මෙරට සමාජයේ කැපී පෙනෙන වෘත්තිකයන් පිරිසක් බවට පත්ව සිටින්නේ ඔවුන් අධ්‍යාපනයෙන්, වෘත්තිය දැනුමෙන් සන්නද්ධ වී සාර්ථක පවුල් ජීවිතයකට හිමිකම් කීම නිසයි. අද වනවිට මෙරට තුල ඉහලම තලයේ සමාගම් විසින් මෙහෙයවන ඇඟලුම් ක්ෂේත්‍රයේ ආයතන නිවැරදි කළමනාකරණයකින් ක්‍රියාත්මක වන අතර එහි සේවය කරන සේවක සේවිකාවන්ට අදාළ ක්ෂේත්‍රයේ දැනුම සහ අධ්‍යාපන මට්ටම ඉහල නැංවීම සදහා දැවැන්ත පියවර කිහිපයක් තබා ඇත. මේ නිසා අද වනවිට  ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවය කරන තරුණ තරුණියන් දැනුමෙන් සන්නද්ධ පිරිසක් බවට පත්ව සිටින්නේ ඔවුන් ලෝකයේ ඕනෑම තැනක් සේවය කිරීමට හපන් පරිපුර්ණ වෘත්තිකයන් පිරිසක් ලෙසයි.
 
ජාතික වෘත්තිය සුදුසුකම් උපාධිය(NVQ) ලබාගැනීමේ අවස්ථාවද ඇඟලුම් කර්මාන්තයේ නියැලෙන පිරිස් හට ලැබී තිබෙන අතර ඔවුන්ට එම ඉලක්ක සපුරාගැනීම සදහා ඔවුන් සේවය කරන ආයතන මගින්ද ලැබෙන්නේ මහගු පිටුවහලක්. එපමණක් නොව ඔවුන් සේවය කරන ආයතන හරහා විවිධ පුහුණු වැඩමුළු, පුද්ගල සංවර්ධන වැඩමුළු පවත්වමින් සේවක සේවිකාවන්ගේ වෘත්තිය අගය ඉහල දැමීමට ක්‍රියා කරන අතර නව තාක්ෂණය සහ ජාත්‍යන්ත මට්ටමේ පහසුකම්ද ඔවුන්ට සපයා ඇත්තේ ඇඟලුම් ක්ෂේත්‍රය මෙරට ඉහලම මට්ටමේ වෘත්තික් බවට පත් කරමින්. 
 
මේ හරහා මෙරට ආර්ථිකයේ ශක්තිමත් බලකණුවක් බවට පත්ව ඇති ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවය කරන සේවක සේවිකාවන් අද වන විට මෙරට ඉහලම වැටුපක් ලබන පිරිසක් බවට පත්ව ඇත්තේ බොහෝ ක්ෂේත්‍ර පසු කරමින් යමින්. එමෙන්ම වෙනත් ආයතනවලින් නොලැබෙන පහසුකම් රැසකට ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් නොමිලේම හිමිකම් කියන අතර ඔවුන්ට දවල් අහාරවේල සහ ගමන පහසුකම් නොමිලේම හිමවේ. එමෙන්ම සිය පෞද්ගලික ජීවිතයේ ආර්ථිකය කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳවද ඔවුන්ට වැඩමුළු හරහා නිසි පුහුණුවක් ලබාදීමට ඇඟලුම් ක්ෂේත්‍රයේ ආයතන හිමිකරුවන් කටයුතු කරමින් සිටින්නේ මේ සේවක සේවිකාවන් ඔවුන්ට පමණක් නොව රටටම සම්පතක් වන නිසාවෙන්. 
 
සියලුම සේවක ස්විකාවන්ගේ පවුල් ජීවිතය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්නට ආයතන කළමණාකාරීත්වය පියරගෙන ඇත්තේ ඔවුන්ගේ යහපත් මානසික තත්වය ආයතනයේ දියුණුවටද සාධකයක් වන නිසා සහ සේවකයන්ගේ දියුණුව යනු  ආයතනයේ දියුණුව බව වටහාගත් නිසයි. සේවක සේවිකාවන්ගේ නිවාස ඉදිකිරීමට සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා මුල්‍යම පහසුකම සපයන්නට ආයතන කළමනාකාරීත්වය ක්‍රියා කරන අතර සෞඛ්‍ය පහසුකම් සපයන්නටත් ඔවුන් අමතක නොකරන්නේ රටේ හෙට දවස ඔවුන් මත රදා පවතින බව අපි කවුරුත් දන්නා නිසාවෙන්. 

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top