Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 18
1,127
Views
මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment  දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත් ඒ වගේ අවස්ථාවන් උදාවුණොත් අදාළ කෙනාව මම වහාම Block කරලා දානවා.

මම Facebook නිසා වැඩිපුරම අසීරුතාවට පත්වෙලා තියෙන්නේ මගේ නමින් පෙනී සිටින වෙනත් අය කරන කියන දේවල් හින්දයි. ඒ වගේ අවස්ථා අතර අදටත් මාව සසල කරන සිදුවීමක් තියෙනවා.

ඒ සිදුවීම මතක් වෙද්දීත් මට දැනෙන්නේ පිළිකුළක්. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නවත් කැමැති නැහැ.
මෙන්න මේකයි ඒ සිදුවීම. එක දවසක් මම Facebook පරිහරණය කරමින් ඉන්නා මොහොතක කවුදෝ පුද්ගලයෙක් හිටිහැටියේම මට පණිවුඩයක් එව්වා.

මම ලක්ෂ හතරක් අරගෙන කිරිබත්ගොඩට ඇවිල්ලා පැය ගාණක් බලාගෙන හිටියනේ. ඇයි ඔයා ආවේ නැත්තේ...?
නාඳුනන කෙනෙක් තමන් ගැන මෙහෙම කිව්වම ඕනෑම කෙනෙකුට කුතුහලයක් ඇතිවෙනවානේ. ඒ නිසා මම එයාගෙන් ඇහුවා මොකක්ද මේ කියන්නේ කියලා. ඊට පස්සේ එයා මෙන්න මෙහෙම උත්තර දුන්නා.

ඔයා කිව්වේ ලක්ෂ හයක් කියලා. මම ලක්ෂ හතරයි කිව්වාම ඔයා කැමැති වුණා. ඇයි දැන් මගඅරින්නේ.
මෙයා මේ කියන්නේ Music Vedio එකක් ගැනද? වෙළෙඳ දැන්වීමක් ගැනද කියලා මට හිතාගන්න බැහැ. අනික මේ තැනැත්තාව මම හඳුනන්නෙත් නැහැ. ඒ හින්දා දිගින් දිගටම මම ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇහුවා. එතකොට තමයි මට මේ සිදුවීමේ අගමුල තේරුණේ. ඒ වෙලාවේ මගේ ඇඟ හිරිවැටුණා. මම නෙමෙයි කිසිම ගෑනු ළමයකුට දරාගන්න බැරි විදිහේ කතාවක් තමයි ඔහු කිව්වේ.

මොකක්ද දන්නවද වෙලා තියෙන්නේ? මගේ නමින් පෙනී සිටින ව්‍යාජ  Facebook ගිණුමක් එක්ක මේ තැනැත්තා Chat කරලා. ඔහුට ඒ ව්‍යාජ ශෂි ඇන්ජලිනා අයුතු යෝජනාවක් කරලා. ඒ ව්‍යාජ ගිණුම හිමි කෙනා මා වෙනුවෙන් ඔහුට මිලකුත් නියම කරලා. ඊට පස්සේ අර මනුස්සයා ඒ කතා කරගත්තු තැනට ඇවිත්.

ඒ සිදුවීම එක්ක ව්‍යාජ ගිණුමින් ඔහුට Chat කරන එක නැවතිලා. Facebook එකේ මගේ නමින් ව්‍යාජ ගිණුම් රැසක් තියෙනවා. මේ කියන පුද්ගලයා ඒ ගිණුම අතර සැරිසරමින් මාව හොයද්දී තමයි මගේ ඇත්තම ගිණුමට ඇවිත් මට පණිවුඩයක් එවලා තියෙන්නේ.

ඔය සිදුවිමෙන් පස්සේ මේ කියන ව්‍යාජ ගිණුමට එරෙහිව නීති පියවර අරගෙන මම මුහුණු‍පොතෙන් ඉවත්කර දැමුවා. ඒ වගේම මට මැසේජ් එවපු පුද්ගලයාටත් මගේ ඇත්ත ගිණුමට ඇතුළුවෙන්න බැරි විදිහට මම ඔහුව Block කළා. ඔය විදිහේ විවිධාකාර සිදුවීම් හින්දා මගේ නමින් තියෙන ව්‍යාජ ගිණුම් කීපයක්ම මේ වෙද්දී මම අවලංගු කරවන්න කටයුතු කරලයි තියෙන්නේ. ඒත් අදටත් Facebook ශෂී ඇන්ජලිනා නමින් ගිණුම් රාශියක් තියෙනවා.

ඒවා පවත්වාගෙන යන අය මගේ සැබෑ ගිණුමේ පළවන ඡායාරූප හොරාගෙන ඒවායේ පළ කරනවා. මේ වෙලාවේ හැමෝගෙන්ම මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා එවැනි ව්‍යාජ පුද්ගලයන්ට රැවටෙන්න එපා කියලා.

ආරියවංශ කුලතිලක

Image may contain: 1 person, standing

Image may contain: 1 person, smiling, standing

Image result for shashi anjelina hot legs


Image result for shashi anjelina hot legs
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top