Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 16
1,553
Views
"ඒ අය පහත් ආශාවන් සංසිදුවා ගන්නවා.."

"හැම දෙයක්ම වෙනස් කරලා තිබුණු නිසා මම අපහසුතාවයට පත් වුණා.."

අද ජංගම දුරකථනය හැම දෙනාටම නැතිවම බැරි මෙවලමක් බවට පත්වෙලා. ජංගම දුරකථනයක් අතේ තියෙන බොහෝ දෙනෙකුට අද ෆේස් බුක් ගිණුමකුත් තියෙනවා. මේ කියන facebook අද කොයිතරම් ජනප්‍රියද කියනවා නම් පුංචි දරුවගේ පටන් වයසක ආච්චිලා සීයලාටත් facebook ගිණුම් තියෙනවා.

හැබැයි  මේ facebook උන්මාදය නිසා වැඩි පුරම බැට කන්නේ ජනප්‍රිය චරිතයි. මොකද අන්තර්ජාලයේ සැරි සරන මානසික අසහනකාරයෝ ජනප්‍රිය අයගේ නම් භාවිතා කරලා ඔවුන්ගේ පහත් ආශාවන් සන්සිඳුවා ගන්නවා. ඔය වගේ ව්‍යාජ  facebook ගිණුම් නිසා මමත් පෞද්ගලිකව අපහසුතාවට ලක්වෙලා තියෙනවා. දවසක් සුපුරුදු පරිදි මම මගේ ගිණුමට යන්න හදනකොට මට මගේ ගිණුමට ඇතුළුවන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. කීප වතාවක් උත්සහ කළත් උත්සහය සාර්ථක වුණේ නැහැ. මම සාමාන්‍යයෙන් නිතර අන්තර්ජාලයේ රැඳිලා ඉන්න කෙනෙකුත් ‍නෙවෙයි. ඒ හින්දා මට මේ තාක්ෂණය ගැන ලොකු අවබෝධයක් තිබුණේත් නැහැ. ඉතින් මම කළේ දන්න කියන කීප දෙනෙකුට මේ ගැන කියපු එකයි. ඒ විදියට පරීක්ෂා කරලා බලද්දී තමයි මට වෙච්ච දේ දැන ගන්න ලැබුණේ.

මගේ ගිණුමට Hacker කෙනෙක්  රිංගලා. එයා ඒ දේ කරලා තියෙන්නේ හරිම සියුම් විදියටයි. අනවසරයෙන් මගේ ගිණුමට ඇතුළුවෙලා ඊට පස්සේ දුරකථන අංක, මුරපද ඔක්කොම මේ මනුස්සයා වෙනස් කරලා.

ඒ සිදුවීමෙන් මම ලොකු අපහසුතාවකට පත්වුණා. ඒ නිසාම මට වගකිව යුතු තැන්වලට පැමිණිලි කරන්න සිදු වුණා. දැඩි  උත්සාහයකින් පස්සේ තමයි මට ආයෙමත් මගේ FB ගිණුමට ඇතුළුවෙන්න පුළුවන්කම ලැබුණේ.

හැබැයි මට ආයෙමත් මගේ FB ගිණුමට ඇතුළුවෙන්න ටික දවසක් ගත වුණා. ඒ ටික දවස තුළ මගේ අයිතිකරු වෙලා හිටියේ ඔය කියන Hacker.  ඒ කාලය තුළ මේ පුද්ගලයා මගේ ගිණුම තුළ විශාල කලබලයක් ඇති කරලා. තරුණ පිරිමි ළමයින්ට මම යවන විදියට නොහොබිනා  Message යවලා. මගේ අලුත් ඡායාරූප වෙනුවට පරණ පිංතූර අප්ලෝඩ් කරලා. ඔන්න ඔය වගේ දේවල් ගොඩක් කරලා තිබ්බා.

මේ විදියට තව මොන මොන දේවල් කරලද කියන්න මම දන්නේ නැහැ. කොහොම හරි මම ඒ සියලු වැරදි නිවැරදි කරන්න පුළුවන් තරම් උත්සහ කළා. මට වූ දේ ගැන මගේ මිතුරු පිරිසත් දැනුවත් කළා. ඒත් මම දන්නේ නැහැ මගේ ගිණුමට රිංගු අසහනකාරයා කරපු දේවල් හින්දා තවමත් මා දිහා වැරදියට බලන අය  ඉන්නවද කියලා. කොහොම කොහොම හරි ඔය වගේ කරදර මැද මමත් මුහුණු ‍පොතේ සැරිසරමින් සිටියා.

තවත් දවසක පෙර විදියටම කවුරුන් හෝ මගේ ගිණුමට ඇතුළත් වෙන්න උත්සහ කර ඇති බවට අදාළ වාර්තා මා වෙත ලැබුණා. මම ඒකෙන් තේරුම් ගත්තේ මුලින් මට වද දීපු  Hacker  මගේ ගිණුම ගැන තවමත් අවධානයෙන් ඉන්නවා කියන එකයි. මම දන්නේ නැහැ කවුද මේ පුද්ගලයා කියලා. මේ විදියට මගේ පස්සෙන් ඇවිත් එයා බලා‍පොරොත්තු වෙන්නේ මට අවමානයක් ඇති කරන්නද? එහෙම නැත්නම් මගෙන් පළිගන්නද කියලා මම දන්නේ නැහැ. කොටින්ම කියනවා නම් මේ වැඩේ කරන්නේ පිරිමියෙක්ද කාන්තාවක්ද කියන්නවත් මම දන්නේ නැහැ.

මේ මොහොත වන විටත් ඔහු හෝ ඇය මගේ ගිණුමට ඇතුළුවෙන්න උත්සාහ කරනවාද කියලාවත් මම දන්නේ නැහැ.

ආරියවංශ කුලතිලක
ලක්බිම



Image result for dusheni miurangi hot


Image result for dusheni miurangi hot

Image may contain: 1 person, smiling



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top