Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 16
1,121
Views
පුද්ගලයන් 49 දෙනෙකුට මරු කැදවමින් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාරයක් එල්ල කිරීමේ ප්‍රධාන සැකකරු දිස්ත්‍රික් අධිකරණය ඉදිරියේ අද පෙනී සිටියා.  

ඕස්ට්‍රේලියාවේ උපන් නවසීලන්තයේ ඩුනෙඞීන් හි පදිංචි බ්‍රෙන්ටන් හැරිසන් ටැරන්ට් නමැති 28 හැවිරිදි ඔහු සුදු අන්තවාදී අදහස් දරන්නෙක්.

ඒ බව  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් විසින් ද තහවුරු කළ අතර, පසුව හෙළිදරව් වූයේ ඔහු විසින් ඝාතනයට පෙර සිය අන්තවාදී අදහස් ඇතුළත් පිටු 74ක ප්‍රකාශයක් සකස් කර ඇති බවයි.

එමගින් සුදු ජාතික යුරෝපීයන් අභිබවා වෙනත් වර්ණ සහිත සංක්‍රමණිකයන් නැගී සිටින බවට උදාහරණ ගෙන දක්වා ඇති අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහු හඳුන්වා ඇත්තේ සුදු ජාතික අනන්‍යතාව පුනර්ජීවනයක් ලැබීමේ සංකේතයක් ලෙසයි.

කෙසේ නමුත්, ප්‍රහාරය හෙළා දකිමින් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මෙන්ම බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහරැජිණ විසින් ද ශෝක පණිවුඩ යොමු කර තිබුණා.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අද සිදුවූ වෙඩි ප්‍රහාර වලින් පුද්ගලයින් 49 දෙනෙකු මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
 
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ක්‍රයිස්චර්ච් නුවර පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවූ මෙම වෙඩි ප්‍රහාර වලින් තවත් 48 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර කාන්තාවක් ද සිටින බවයි වාර්තා වන්නේ.
 
කෙසේ වෙතත් නවසීලන්ත ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගන්න ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
 
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අසල මෝටර් රථයක සිටි පුද්ගලයෙක් එය පටිගතකර තිබුනේ මේ ආකාරයෙන්




 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top