Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 15
848
Views

වයස අවුරුදු 12ක හා 13ක බාල වයස්කාර පාසල් දැරියන් දෙදෙනෙක් දින 04ක් තිස්සේ රඳවා තබාගෙන අපහරණය කරනු ලැබූ පුද්ගලයන් තුන්දෙනෙක් කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිවෙසින් පැනගිය පසු

වත්තල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය හදාරමින් සිටි මේ දැරියන් දෙදෙනා පසුගිය 06 වැනිදා සිය නිවෙස්වලින් පැනවිත් වත්තල ප්‍රදේශයේ සැරිසරමින් සිටින අතරතුර එම ප්‍රදේශයේ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකු විසින් දැරියන්ට රැකවරණය සැපයීමට ඉදිරිපත්ව ඇත. එම අවස්ථාවේ දැරියන්ට රැකවරණය සපයන මුවාවෙන් ප්‍රදේශයේ ලගුම්හලක තබාගෙන අපයෝජනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

සමූහ දූෂණයට

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය පවසන අන්දමට ඉන් අනතුරුව මෙම දැරියන් දෙදෙනා තවත් පුද්ගලයින් 07 දෙනෙකු අතට පත්කර ඇති අතර ඔවුන් ද දැරියන්ව අපයෝජනය කර රාජගිරිය ප්‍රදේශයේ ”අක්කා ” නමින් හැඳින්වෙන කාන්තාවකට බාර දී ඇත. ඇය කාන්තාවන් පිරිමින් හට සපයන තැරව්කාරියක් බව පැවසේ.

මව්පිය දඬුවමට බියෙන්

පසුව එම කාන්තාව දැරියන් ඉගෙන ගත් පාසලට ගොස් දැරියන්ගේ අස්වීම් සහතික ලබාගැනීමට උත්සාහ කරද්දී පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. අත්අඩංගුවට පත් කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී දැරියන් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වී ඇති අතර පසුව දැරියන් දෙදෙනාගෙන් ද කටඋත්තර ලබාගෙන තිබේ. එවිට දැරියන් පවසා තිබෙන්නේ මවුපියන් නිරන්තරවම තමන්ට පහර දෙන හෙයින් ඉන් මිදීමට නිවෙසින් පැනයාමට තීරණය කළ බවයි. වැඩිදුරටත් තමන් පත්ව සිටින තත්ත්වය පිළිබඳව කරුණු ගෙනහැර දක්වමින් දැරියන් පවසා තිබෙන්නේ, ඔවුන්ට මත්ද්‍රව්‍ය වැනි දේ ලබාදෙමින් දින කිහිපයක් අක්කා නැමැති කාන්තාව බාරයේ රඳවා තබාගෙන සිටි බවයි.

මේ වන විට සිද්ධියට සම්බන්ධ තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිරි පිරිස අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට පොලීසිය කටයුතු කරමින් හිඳිනා බව කඳාන පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් පිරිස ඊයේ වත්තල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අතර ඔවුන් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගනු ලැබීය. දැරියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණය උදෙසා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර මේ සම්බන්ධව ඉදිරි පරීක්ෂණ කටයුතු කඳාන පොලිස් ස්ථානාධිපතිවරයා ගේ මග පෙන්වීම යටතේ සිදු කෙරෙනු ඇත.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top