Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 14
479
Views

අටවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි බාලවයස්කාර දැරියක බරපතල ලෙස ලිංගික අතවරයට ලක්කිරීමේ සිදුවීමකට සැකපිට එම දැරිය අධ්‍යාපනය  ලැබූ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා අද (13) අත්අඩංගුවට ගත් බව අඟුණකොළපෑලැස්ස පොලිසිය ප්‍රකාශ කරනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අඟුණකොළපෑලැස්ස ප්‍රදේශයේ පදිංචි හතලිස් හතර හැවිරිදි පුද්ගලයෙක්.

අතවරයට ලක්ව ඇත්තේ ඇති දැරිය දහතුන්වන වියේ පසුවන  සූරියවැව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ දැරියගේ පියා අතර කාලයක සිට තිබූ හිතවත්කමක් මත දැරිය දැනට මාසයකට පමණ ඉහතදී ඔහු සේවය කරන විද්‍යාලයට ඇතුළත් කරගෙන තිබෙනවා.

එසේම සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයාට අයත්  අඟුණකොළපෑලැස්ස ප්‍රදේශයේ වෙළෙදසැලක ඉහළ මහල දැරියට නවාතැන් ගැනීම සඳහා ලබා දී ඇති බවද පොලිසිය පවසනවා. ඒ අනුව දැරිය තනිව සිටින අතරතුර මාසයක පමණ කාලයක සිට වරින් වර ඇය ලිංගික අතවරයට ලක්කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

නිර්නාමික දුරකතන ඇමතුමක් ඔස්සේ ලැබුනු තොරතුරක් මත අඟුණකොළපෑලැස්ස පොලිසිය විසින් දැරිය ගෙන්වා කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව සැකකරු හඳුනාගෙන ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top