Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 13
1,927
Views

එවකට 49 වන වියෙහි පසු වූ ජනධිපති බිල් ක්ලින්ටන් හා 22 හැවිරිදි මොනිකා ලුවින්ස්කි නම් ආධුනික ධවල මන්දිර සේවිකාව (Intern) අතර 1995 වසරේ සිට 1997 දක්වා පැවති අනියම් සබදතාව කරළියට පැමිණියේ 1998 වසරේදීය.

ඒ බිල් ක්ලින්ටන් ට එරෙහිව පෝලා ජෝන්ස් නම් කාන්තාව ලිංගික අඩත්තේට්ටම් කිරීමට එරෙහිව නඩුපැවරීම අතරතුරදීය. මෙම චෝදනාව ජනපති බිල් ක්ලින්ටන් ප්‍රතික්ශේප කල අතර එම අධිකරණ ක්‍රියාවලිය එකල රටේ ප්‍රධානතම මාතෘකාව බවට පත්විය. මෙම සිද්ධියත් සමග ජනපති ක්ලින්ටන් ගේ අනියම් ලිංගික ජීවිතයේ තතු එකිනෙක නිරාවරණය වීම ඇරඹි අතර එහි කූඨාප්‍රප්තිය සනිටුහන් වූයේ පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා බිල් ක්ලින්ටන්ගේ ශුක්‍රාණු පැල්ලම් සහිත ඉහත නිල් පැහැ ගවුම අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමගය. මොනිකා ඒ වනතුරුත් එම ශුක්‍රාණු පැල්ලම සහිත් ගවුම ප්‍රවේශම්ව තබාගෙන තිබුණේ ඇගේ ආරක්ෂාවට විය හැකි තර්ජනයකදී ප්‍රයෝජනයට ගැනීමට වුවද ඉන් වාසිය පෑදුනේ පැමිණිල්ලේ නීතිඥවරයාටය. ඔහු අතට මෙම ගවුම පත්වීමේ කතාන්දරය දීර්ඝ මෙන්ම තරමක අභිරහස් කතාන්දරයක් වන අතර මොනිකා මේ පිළිබද සිය අප්‍රසාදය මෙන්ම අකැමැත්තද පළකල බව ප්‍රසිද්ධ කරුණකි.

කෙසේවුවද ඇයගේ අකමැත්ත නොසළකා අධිකරණය එම ශුක්‍රාණු පැල්ලම සදහා DNA පරීක්ෂණ පැවත්වූ අතර එහිදී, එම ශුක්‍රාණු සෛලවල හිමිකරු ජනාධිපති බිල් ක්ලින්ටන් බව තහවුරු විය. එම හෙළිවීමත් සමගම බිල් ක්ලින්ටන් සියලූම චෝදනා පිළිගනිමින් පාපොච්චාරණයක නිරත වූ අතර එය ධවල මන්දිරයට මෙන්ම ඇමෙරිකානු පාලන තන්ත්‍රයට මහා අවමානයක් ගෙනදුන් කරුණක් විය.

DNA පරීක්ෂණ වාර්ථාව

එම සිදුවීමෙන් පසු 2000 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයේදී බිල් ක්ලින්ටන්ගේ ඩිමොක්‍රටික් පක්ෂයේ අල් ගෝර් පරාජයට පත්වී රිබප්ලිකන් අපේක්ෂක ජෝර්ජ W බුෂ් ජයග්‍රහණය කරන ලදි.
ඔහුගේ ජයග්‍රහණයෙන් පසු CIA ආයතනය පෙරුම් පුරමින් බලා සිටි ඇෆ්ගනිස්තානයට එරෙහිව මෙන්ම ඉරාකය බිදදැමූ බිහිසුණු යුධ ක්‍රියාන්විත සදහා අවශ්‍ය අඩිතාලම සකස්විය.

පසුකාලිනව නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ අල් ගෝර් ජනාධිපති ධූරයට පත්වුණි නම් මෙම මහා මිනිස් සංහාරය වැළකී යාමට ඉඩ තිබුණේද? එය එසේ නම් ලෝක ඉතිහාසයේ විශාල පරිච්ඡේදයක ඉරණම තීරණය කලේ ශුක්‍රාණු තැවරුණු නිල් පැහැ ගවුමක් ද? කිසිදිනෙක නිශ්චිත පිළිතුරු සැපයිය නොහැකි ප්‍රශ්ණ අපට ඉතිරිකර තබමින් ඉතිහාසය ලියවී හමාරය.

අපට ඒ අධ්‍යනයෙන් උගත හැකි දෑ අපමණය!

ඓතිහාසික ජායාරූප පිටුවේ ලිපියක් ඇසුරෙනි

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top