Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 13
660
Views

පාකිස්තානය විසින් පසුගිය දා නිදහස් කරන ලද ඉන්දීය යුද ගුවන් යානා නියමු අභිනන්දන් වර්දමන් මේ වන විට ඉන්දියාව තුළ ජාතික මට්ටමේ චරිතයක් බවට පත්ව ඇති අතර කලාත්මක නිර්මාණ, ප්‍රචාරණවලට යොදා ගැනීම පමණක් නොව ඔහුගේ උඩු රැවුල ද විලාසිතා අතර ප්‍රවණතාවක් බවට පත්ව තිබේ.

ඔහුගේ රැවුල් විලාසිතාව මේ වන විට ඉන්දීය තරුණයින් විශාල පිරිසක් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත.

පාකිස්තාන ආරක්ෂක හමුදා විසින් ඔහු පියාසර කරවූ යුද්ධ ගුවන් යානය බිම හෙළා ඔහු අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු පැය කිහිපයක් තුළ ජාතික වීරයෙකු බවට පත් විය.

ඔහු පසුගිය සිකුරාදා (මාර්තු 01) යළි මව් රටට පැමිණියේ උණුසුම් පිළිගැනීම් මධ්‍යයේය.

ගුවන් නියමුවා සමාජ මාධ්‍යවල දැඩි ලෙස ජනප්‍රිය වීම ආරම්භ වීමත් සමග බොහෝ ඉන්දියානුවන් පැවසුවේ, ඔහුගේ උඩු රැවුල නිර්භීතත්වයේ සලකුණක් බවය.

ඉන්දියාවේ වඩාත් ම ජනප්‍රිය කිරි ආහාර සන්නාමය වන අමුල් සමාගම සිය ප්‍රචාරණ කටයුතුවලට ගුවන් නියමුවාගේ උඩු රැවුල යොදාගෙන තිබේ.

මෙම රැවුල් විලාසිතාව ඉන්දියාව තුළ දුර්ලභ වූවක් නොවේ. බොලිවුඩ් දුෂ්ටයින්, ආරක්ෂක භටයින්, පොලිස් නිලධාරීන් පමණක් නොව ජාවාරම්කරුවන් ද එවැනි ආකාරයට රැවුල කපා ඇති අවස්ථා තිබිණි.

එහෙත්, මෙම රැවුල් විලාසිතාවට පසුගිය දින කිහිපයේදී ලැබුණු අර්ථකථනය, ධෛර්යය සහ වීරත්වයට සමාන විය.

බැංගලෝරයේ ඇතැම් කොණ්ඩා කපන ස්ථානවල සඳුදා දිනයේදී අවශ්‍ය පුද්ගලයින්ට නොමිලේ එම උඩු රැවුල් විලාසිතාව කපා ගැනීමේ අවස්ථාව උදා කර දී තිබිණි.

"අභිනන්දන් අපේ රට වෙනුවෙන් ලොකු දෙයක් කළා. මට හිතුණා හැම මූණක් ම ඒ වගේ පේන විදිහට වෙනස් කරන්න," සැලෝන් හිමිකරුවෙකු වන නනේෂ් තකූර් බීබීසී හින්දි සේවයේ ඉම්රාන් කුරේෂි සමග පැවසීය.

එම උඩු රැවුල් විලාසිතාව කපා ගැනීමට පැමිණි තේජාස් චෞද්රි පැවසුවේ, "එයා අපේ රට වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා. මට මේ වගේ දෙයක්වත් කරන්න බැරි නම් වැඩක් තියෙනව ද?"

ඉන්දියාව පුරා විසිරී සිටින ඇතැම් පුද්ගලයින් එම රැවුල් විලාසිතාව සමගින් පෙනී සිටි ඡායාරූප ට්විටර් ඔස්සේ පළ කර තිබුණේ, වින්ග් කමාන්ඩර් අභිනන්දන් නිසා ඇති වූ උද්යෝගය නිසා එලෙස කළ බවය.

Getty Images

අභිනන්දන් වර්දමන්

රැවුල් විලාසිතාව කපා ගැනීමට පැමිණි තේජාස් චෞද්රි

Getty Images

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top