Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 13
571
Views
මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම ප්‍රේක්ෂක ඔබ දකින තිළිණි පෙරේරා පුවත්පතකට මෙසේ සඳහන් කර තිබුණා.නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට අවතීර්ණය වූවද තිළිණි වර්තමානය වනවිට වැඩි දායකත්වයක් ලබාදෙන්නේ රංගන කටයුතුවලටය. ඇය ඉදිරියේදී සිනමා නිර්මාණ හරහාද ප්‍රේක්ෂක ඔබවට දැගත හැකිය.

 රංගන ශිල්පිනියක් ලෙස තරමක් කාර්ය බහුලයි නේද?

‘ඉරුදේවි’, ‘සිද්ධාර්ත් ගෞතම’ ටෙලි නාට්‍යය දැනට විකාශය වෙනවා. මේ දිනවල මේ හැම ටෙලි නාට්‍යය කිහිපයකම රූපගත කිරීම් සඳහා දායක වෙනවා. ඒ නිසා තරමක් කාර්ය බහුලයි.

 තිළිණි ඇයි මේ රජකතාවලට කොටු වෙලා?

ඵෛතිහාසික කතා ඇතුළත් ටෙලි නාට්‍යයවලට ගොඩක් ආරාධනා ලැබුණා. මම හිතන්නේ මගේ පෙනුමට තමයි මේ චරිත ලැබුණේ. නමුත්, මෑත කාලයේ දී මම වර්තමානයට ගැළපෙන කතා ඇතුළත් ටෙලි නාට්‍යය කිහිපයකටත් සම්බන්ධ වුණා.

ඔබ ටෙලි නාට්‍යයවලට පමණක් සීමා වෙලාද ඉන්නේ?

ආරාධනා නම් ලැබෙනවා. මේ වසරේ දී මා රංගනයෙන් දායක වුණ චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. ඒ වගේම තව චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනත් ලැබිලා තියෙනවා. ඒ අතර ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුගේ චිත්‍රපටයකුත් තිබුණා. නමුත්, මට ඒ නිර්මාණය තුළ කරන්න තිබුණ චරිතය මට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා අකමැත්තෙන් වුණත් ඒ නිර්මාණය ප්‍රතික්ෂේප කරන්න මට සිද්ධ වුණා. ඒ වගේ නිර්මාණ කිහිපයක්ම මට අත්හරින්න සිදු වුණා. නමුත්, හොඳ නිර්මාණයක්, හොඳ චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මම ඒ සිනමා නිර්මාණය භාර ගන්නවා. මොකද, ටෙලි නාට්‍යයවලට වගේම චිත්‍රපටවලටත් මගේ තියෙන්නේ ලොකු කැමැත්තක්.

බුද්ධික සේනාධීර

2019-03-11-ent-03

2019-03-11-ent-01

2019-03-11-ent-02

2019-03-11-ent-04


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top