Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 13
1,132
Views
ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී යානයේ ගමන්ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත් විය .නමුත් Antonis Mavropoulos නමැති ග්‍රීක ජාතිකක් එම අනතුරෙන් බේරෙන්න වාසනාවන්ත විය .ඒ ඔහුට එම යානාවේ ගමන් කිරීමට තිබු අවස්තාව ඔහුට විනාඩි දෙකකින් අහිමිවිමෙනි.එත් ඔහුට එම විනාඩි දෙකෙක් ප්‍රමාද වීම ඔහුගේ ජීවිතය බේරා දෙන්න තරම් වාසනාවන්ත සිදුවීමක් විය .

ඔහු එම සිදුවිම ගැන ඔහුගේ ෆේස්බුක් ගිනුමේ සටහනක් පල කර ඇත්තේ ගුවන් ටිකට් පතේ ඡායාරුපයක්ද සමගිනි .

No photo description available.



මේ ගැන වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු සටහන් කර සිටියේ Addis Ababa ගුවන් කාර්රය මණ්ඩලය ඔහු විනාඩියක් ප්‍රමාද වූ බැවින් ඔහුට ගුවන් යානට නැගීමට අවස්ථාව නොදුන් බවය .ඔහු ඉදිරියේම අවසාන මගියා ගුවන් යානයට ඇතුල් වීමත් ඔහු ඉදිරියේම සිදුවුණ අතර එය ඔහු තව කෝපයට පත් කරන්න හේතුවක් වුන බව ඔහු සදහන් කර සිටියේය .

“එත් එම කාර්ය මණ්ඩලය මට ඉතා හොදින් සැලකුවා.මට එම ගුවන් යානය මගහැරුනත් ඊළගට තිබෙන ගුවන් යානයේම මාව පිටත් කර හැරීමට ඔවුන් කාරුණික වුනා.මම ඒ ගැන ඔවුන්ට ස්තුතිවන්ත වන අතර මගේ ජිවතය බේරුණ එක ගැන මම අදටත් සන්තෝෂ වෙනවා.ඒ ප්‍රමාද වුනු විනාඩි දෙක මගේ මුළු ජිවිතයම බේරුවා ” ලෙස ඔහුගේ සටහනේ අවසානයේ ඔහු දක්වා තිබුනේය .
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top