Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 12
321
Views
116 හැවිරිදි ජපන් කාන්තාවක් වන කේන් තනාකා පසුගිය සෙනසුරාදා දිනයේ ගිනස් වාර්තා අතරට එක්වුණේ මොලොව සිටින වයස්ගතම ජිවමාන පුද්ගලයා ලෙස ගෞරවයට පාත්‍ර වෙමින්.
 
ජපානයේ ෆුකුඕයා ප්‍රදේශයේ වෙසෙන ඇය උපන්නේ 1903 ජනවාරි මස 2වන දිනයි. එය රයිට් සහෝදරයින් තම ප්‍රථම ගුවන් ගමන යෙදුණු දිනයයි.
 
ඇය 1922 දී විවාහ වී ඇති අතර එම විවාහයෙන් ඇයට දරුවන් 4 දෙනෙකුද සිටින බව සඳහන්. ඉන් එක් දරුවෙක් ඇය හදාවඩාගැනීමට ගත් අයෙක්.

මීට පෙර පැරණිතම පුද්ගලයා ලෙස වාර්තා අතරට එක්ව සිටියේ ජුලියෝ මියාකෝ නම්වූ ජපානයේම කාන්තාවක් වන අතර ඇය පසුගිය ජූලි මාසයේදී මිය ගියා. ඇය මිය යනවිට ඇයට වයස අවුරුදු 117ක් වුණා.
 
කේන් තනාකාගේ වයස කුමක් වුවත් ඇය තවමත් කාලය ගත කරන්නේ ගණිතය හා අක්ෂර ගැන ඉගෙන ගනිමිනුයි.
 
ඇයගේ ගිනස් වාර්තාව වෙනුවෙන් පැවති උත්සවය ඉතා සුවිශේෂි එකක් වූ අතර ඇගේ පවුලේ සාමාජිකයින්ද මේ අවස්ථාවට එක්ව සිටියා.
 
එහිදී එහි පැමිණ සිටි පිරිස ඇයගෙන් විමසා සිටියා, “ඇය ජිවිතයේ වඩාත්ම සතුටට පත්වූ මොහොත“ ගැන. ඇය එහිදී පැවසුවේ, ගිනස් වාර්තා අතරට එක් වූ මේ මොහොත තමා වඩාත්ම සතුටට පත්වූ මොහොත බවයි.






 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top