Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 12
1,796
Views
‘‘මගේ වස්තුවට මම පණ වගේ ආදරෙයි. ඔයාව මහණ කරලා අපේ පවුල් ජිවිතය අවුල් කළා. මට ඔයා නැතුව ගෙවන ජිවිතෙන් පලක් නෑ...“
කෘමිනාශක කුප්පියකුත් අරන් සිල්මාතාව බලන්න ගිහින්
 
"වත්තේ වැඩ කරලා දැන්ද ඉවර වුණේ..?"
 
තම ආදරණීය බිරිය කසාවතින් සැරසී ජිවිතයේ අනිත්‍ය සොයා යන ගමනට සුදානම් වෙද්දි ඈ ගිය සොවින් කම්පාවට පත් වූ සැමියකු සිල් මාතාවක වූ තම බිරිය ඝාතනය කර ඔහු ද වස පානය කර දිවියෙන් සමුගැනීමේ සිද්ධියක් මුන්දලම පොලිස් වසමේ කුඩු කුඹුක්කඩවල ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා වූයේ ආදරයේ ‘බියකරු‘ පැත්ත බොහෝ දෙනෙකුට අසන්නට දකින්නට සලස්වමිනුයි.
 
පොලිස් පොතේ ලියවුණු අන්දමටමේ කතාව සම්පූර්ණයෙන් මෙසේයි.

ගම්පහ දිසාවේ මීරිගම මුල් පදිංචිකරුවකු වන ඇල්බට්ගේ වයස අවුරුදු 61ක්. ඔහුගේ බිරිය බ්‍රහ්මචාරිලාගේ මියුලින්. ඇගේ වයස අවුරුදු 57ක්. මේ දෙපලට දූ දරුවන් තිදෙනෙකු සිටියා. මේ තිදෙනාම විවාහ වී සිටිනවා.
 
මීරිගම ප්‍රදේශයේ පුංචි ඉඩමක වගා කටයුතු සාර්ථකව පවත්වාගෙන ගිය ඇල්බට් දක්ෂ ගොවි මහතෙකු වුණා. ඔහු බිරිය හා දූ දරුවන්ට දැක්වූයේ අපමණ ආදරයක්.
 
ජිවිතයේ අනිත්‍ය ගැන බොහෝ දේ අවබෝධ කරගෙන සිටි මියුලින් පැවිදි දිවියට ඇතුළු වීමට බලාපොරොත්තුව සිටියේ ටික කලකට පෙර සිටයි.
 
දූ දරුවන්ගෙන් ද නිදහස්ව සිටි මියුලින් පැවිදිවීමට ඉතා කැමැත්තෙන් සිටියත් සිය සැමියා වන ඇල්බට් ඊට එතරම් මනාපයක් නොදක්වන බව ඇය ‘ඉවෙන් මෙන්‘ දැන සිටියා.
 
එහෙත් මියුලින් තම බලාපොරොත්තුව සඵල කර ගැනීමට උත්සහ කළා. අන්තිමේදී මියුලින්ගේ කැමැත්තට ඉඩ දීමට ඇල්බට්ට සිදු වූයේ ඇගේ බලවත් පෙරැත්ත නිසාමයි. පණ සේ තම බිරියට ආදරය කළ ඇල්බට් මේ තීරණයට එළඹෙන්නේ බිරියගේ සිත රිදවිය නොහැකි නිසයි.
 
මියුලින්ට මෙසේ පැවිදි දිවියට එළඹිමේ ආශාව ධෛර්ය ඇති කරන්නේ සිල්මාතාවක වන ඇගේ නැගණිය විසිනුයි. ඇය ඒ වන විටත් පැවිදි දිවියට ඇතුළත්ව සිටියා. ඒ පුත්තලම් දිසාවේ බංගදෙණිය ප්‍රදේශයේ ආරාමයකයි.
 
මේ ආරාමයේ වැඩ වසන ප්‍රධාන සිල්මාතාවට තම සොයුරියගේ ආශාව ගැන පැවසූ මෙහෙණින්වහන්සේ තම සොයුරිය ද පැවිදි දිවියට ඇතුල් කරන ලෙස ප්‍රධාන සිල් මාතාවට පවසා සිටින්නට ඇති. ඒ අනුව ප්‍රධාන සිල්මාතාවගෙන් ඊට ලැබුණූ අවසරය මත ඇල්බට් ඔහුගේ බිරිය මියුලින් සහ මියුලින්ගේ නැගණිය වන සිල්මාතාව ද සමඟ පුත්තලම දිසාවේ මුන්දලම කුඩාකුඹුක්කඩවලට යන්නේ ඒ අනුවයි. ඒ මීට මාස හයකට පමණ පෙරයි.
 
ප්‍රධාන සිල් මාතාව වැඩ වාසය කරන ‘කුමාර මාතා‘ ආරාමය පිහිටියේද කුඩාකුඹුක්කඩවල ප්‍රදේශයේයි. මියුලින් පැවිදි දිවියට එළඹීම සඳහා වැඩකටයුතු සිදු කෙරුණේ ද කුමාරා මාතා ආරාමයේදීයි.
 
මියුලින් පැවිදි දිවියට ඇතුල්වීමෙන් අනතුරුව ඇල්බට්ට යන කලදසාව ගැනද මේ අය අතර කතිකාවතක් ඇති වන්නට ඇති. සිල්මාතාවක වූ පසුත් බිරිය නොදැක ඉන්නට බැරි තරමටම ඇල්බට් ඇයට ආදරය කිරීම ඊට හේතුව වුණා.
 
ප්‍රධාන සිල්මාතාවගේ පුතු සිටින්නේ විදෙස්ගතවයි. ඔහුට අයත් ඉඩමක් කුඩාකුඹුක්කඩවල ප්‍රදේශයේ පිහිටා තිබුණා. එහි ගොවිතැන් කටයුතු සිදුකරමින් දිවි ගැටගසා ගැනීමට ඇල්බට්ට අවස්ථාව ලැබුණේ ප්‍රධාන සිල්මාතාවගෙන් ඔහුට ඒ සඳහා ලැබුණු අවසරය නිසායි. අදාළ ඉඩමද පිහිටා තිබුණේ ආරාමයට නුදුරිනුයි.
 
කාලය ගෙවෙද්දි මියුලින් තම ජිවිතයේ ලොකුම බලාපොරොත්තුව ඉටු කරගනිමින් පැවිදි දිවියට ඇතුළත් වුණා.
 
පැවිදි දිවියට ඇතුළත් වූ පසු ඇය ‘සුමේධා‘ මෙහෙණින් වහන්සේ ලෙස හැඳින්වුණා. සුමේධා මෙහෙණින් වහන්සේ වැඩ වසන කුමාරමාතා ආරාමය පිහිටියේද ඇල්බට් පදිංචි නිවසට හා ඉඩමට කිට්ටුවෙනුයි.
 
සිය බිරිය නැති තනිකම හා පාළුව තනි වූ හැම මොහොතකම ඇල්බට්ට දැනෙන්නට ඇති. ඉඩකඩ ලැබූ හැම මොහොතකම වාගේ දහවල් කාලයේ කුමාරමාතා ආරාමයට ගොස් සුමේධා මෙහෙණින් වහන්සේ බැහැදැක කතා බහ කළත්, ‘ගතින් වෙන්වී‘ සිටීම ඔහුට දරාගත නොහැකි වන්නට ඇති.
 
ඇය නැවතත් ගිහි දිවියට ඇතුළත් නොවන බව ද ඔහු හොඳින්ම දැන සිටියා.
 
ඉකුත් 28 වැනදා වෙනදා මෙන් නොව ඉර මුදුන් වන තුරු නිදා සිටි ඇල්බට් කහට කෝප්පයක් සාදාගෙන මේසය මත තිබූ පොතෙන් කොලයක් කඩාගෙන පෑන අතට ගත්තේ සිතේ තිබෙන වේදනාව වචනවලට පෙරළන්නටයි.
 
‘‘මගේ වස්තුවට මම පණ වගේ ආදරෙයි. ඔයාව මහණ කරලා අපේ පවුල් ජිවිතය අවුල් කළා. මට ඔයා නැතුව ගෙවන ජිවිතෙන් පලක් නෑ...“
 
වෙලාව දහවල් දෙක පමණ වුණා. ලියුම සාක්කුවේ දමාගත් ඔහු තම වගාවන්ට දැමීමට ගෙනා කෘමිනාශක කුප්පියක් අතට ගෙන ඉනේ ගසා ගත්තා.
 
නිවසේ තිබූ උල් පිහියක්ද අතට ගත් ඔහු කිසිවකුට නොපෙනෙන සේ සඟවාගෙන ආරාමය පැත්තට පිය මැන්නා. වෙනදා මෙන් ඇල්බට් ආරාමයට පැමිණෙනවා දුටු සුමේධා සිල් මෑණියෝ ආරාමයෙන් එළියට පැමිණ ඔහු දෙස විමසිල්ලෙන් බලා සිටියේ ඇල්බට් වෙනදා එහි පැමිණෙන ස්වරූපය ඔහු වෙතින් දකින්නට නොලැබුණු නිසයි.
 
“ඇයි ඔයා අද මහන්සි ගතියෙන්..?“
 
“ඇයි වත්තේ වැඩ කරලා දැන් ද ඉවර වුණේ..?“
 
සුමේධා සිල් මෑණියෝ ඇල්බට්ගෙන් විමසුවා. ටික වෙලාවක් ගියද ඇල්බට්ගෙන් සිල්මාතාවට පිළිතුරක් ලැබුණේ නැහැ.
 
“ඇයි කතා නැත්තේ..?“
 
ඇල්බට් ඔහුගේ සාක්කුවේ තිබූ ලියුම සිල්මාතාවට පෙන්නුවා. එය කියවීමට තරම් කාලයක් සිල් මාතාවට තිබුණේ නැහැ. ඒ සමඟම ඔහුගේ අත ගියේ ඉනේ තිබූ පිහියටයි.
 
ඇල්බට් තමන් සඟවාගෙන සිටි පිහිය ඉවතට ගන්නා විට සිල්මාතාව බෙරිහන් දුන්නා. පපු ප්‍රදේශයට එල්ල වූ පිහි පහරවල් කිහිපයකින් බරපතල තුවාල ලැබූ සිල් මෑණියෝ සිහිසුන්ව බිම ඇද වැටෙද්දි කහ සිවුර රත් පැහැ වීමට වැඩි කාලයක් ගතවුණේ නැහැ.
 
මේ අවස්ථාවේ කුමාරමාතා ආරාමයේ වැඩ විසූ ප්‍රධාන සිල්මාතාව කිසියම් අවශ්‍යතාවයක් සඳහා අසල පිහිටි නිවසකට ගොස් තිබුණා. සුමේධා සිල් මාතාවගේ විලාප හඬ ඇසුණු දෙසට ප්‍රධාන සිල් මාතාව ඉක්මනින් අසල්වාසීන්ගේ ද සහයෝගය ඇතිව ත්‍රී රෝද රථයකින් ප්‍රධාන රෝහලට රැගෙන යාමට ප්‍රධාන සිල්මාතාව ඒ මොහොතේ කටයුතු කර තිබුණා.
 
ඒ අතරතුර මේ අපරාධය පිළිබඳව ප්‍රදේශවාසීන් මුන්දලම පොලීසියට දැනුම්දීමෙන් පසු එම ස්ථානයට පැමිණි මුන්දලම පොලිස් ස්ථානාධිපති සමන් ඒකනායක මහතා කඩිනමින් ගිලන් රථයක් ගෙන්වීමට කටයුතු කළා. නමුත් රෝහලට ඇතුළත් කරන විටත් සිල්මාතාව ජිවිතයෙන් සමු අරන් තිබුණා.
 
ඉන් සුළු මොහොතකට පසු සැකකාර ඇල්බට්ද කුමාරමාතා ආරාමයේ පිටුපසට ගොස් වස පානය කර ඇති බව දැනගන්නට ලැබුණා. ඔහුද එම අවස්ථාවේදී ගිලන් රථය මඟින් කඩිනමින් රෝහලට රැගෙන යාමට කටයුතු කර තිබෙනවා. එහෙත් රෝහල්ගත කර සුළු වෙලාවකට පසු ඔහුද සිය ජිවිතයෙන් සමුගෙන තිබුණා.
 
-මිහිර විජේසේකර-
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top