Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 March 12
734
Views
ඕස්ට්‍රේලියාව සමඟ පැවැති තෙවැනි එක්දින තරගයේදී ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් ආමි හිස් වැසුම් පැළඳ ක්‍රීඩා කිරීම කාගෙත් අවධානයට ලක්වුණා.
 
නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේදී එවැනි දේවල් සිදුනොවිය යුතු බවට පාකිස්තානය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කර තිබෙනවා.
 
ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශ සීමා අරගලය හේතුවෙන් ඔවුන් වසර කිහිපයක සිට විරසකව සිටියි.

පසුගියදා ඉන්දියානු හමුදා භටයින්ට මරු කැඳවමින් එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් ඔවුන්ට ගරු කිරීමක් වශයෙන් ආමි හිස් වැසුම් පැළඳ ක්‍රීඩා කිරීමට ඉන්දියානු ක්‍රිකට් ආයතනය තීරණය කළා.
 
"ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන කාරණය යොදා නොගත යුතුයි. අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා ඒ සිද්ධිය. මේ සිද්ධියෙන් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව නරක අතට හැරී ඇති බවට අපි විශ්වාස කරනවා" යැයි පාකිස්තාන් ක්‍රිකට් සභාපතිවරයා පවසනවා.

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top