Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 20
1,379
Views

නිමාවුණු ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගය අවසානයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් එය සැමරු ආකාරය ගැන විවිධ කතා ඇතිවුනා.එයින් එක් සිදුවීමක් වුයේ කුසල් පෙරේරා විසින් මෙම තරගය ජය ගත්තේ පුහුණුකරු වෙනුවෙන් කිව ප්‍රකාශයයි.ඉතින් අපි බැලුවා ඉතිහාසයේ පලිගන්න ….සිහිකරන්න..ගරු කරන්න….තෑගි කරන්න ක්‍රිකට් යොදාගත්ත අවස්තාවන් කිහිපයක්..

බ්‍රයන් ලාර සිඩ්නි හීදි ලබා ගත් 277 සිහිවීමට ඔහු තම දියණියට සිඩ්නි ලෙස නම් තබන ලදි..

මාක් ටේලර් ලකුණු 334* ඉනීම නතර කිරීම…ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට ගරු කිරීමක් පිණිස ඔහුව අභිබවා නොගොස් ඉනීම නතර කිරීම

1992 පකිස්තාන් ලෝක කුසලානය ඔවුන්ගේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකය වෙනුවෙන් ක්‍රීඩා කළ බව පැවසීම..

දිනේෂ් රාම්ඩීන් විවියන් රිචට්ඩ්සන්ට අභියෝග කිරීම

ඇන්ඩෘ ෆ්ලින්ග්ටොප්ට එකට එක කිරීමක් ලෙස ගංගුලී තම ටීෂර්ට් එක ගලවා සතුටු වීම

තමාව කණ්ඩායමෙන් ඉවත් කර තැබීම ගැන අසතුට ප්‍රකාශ කිරීමට තමන් මාලිංගබව කඩුලු ත්‍රිත්වයක් ලබා ටීෂර්ටයේ නම පෙන්වීම

තමාගේ ශාරීරික යෝග්‍යතාවය ප්‍රශ්න කල අයට ශතකයක් ලබ අවසානයේ පුෂ් අප් මගින් තමන් තවමත් ෆිට් යැයි පෙන්නුම් කිරීම…..අවසානය නම් අහෝ දුකකි..තිතකි ඉරකී

වසර දෙකක් කන්ඩායමෙන් ඉවත් කොට තම කැදවීමක් ලද මාර්වන් අතපත්තු ඕස්ට්‍රේලියා වලදි වටිනා ලකුණු 80ක් ලබා හැරෙන තැපෑලෙන් තම සමුගැනීම ප්‍රකාශ කිරීම

ලාහොර් සිද්ධිය විඩෙන් විඩේ මතක් කිරීමට තිලාන්‍ යොදාගත් මැසින් ගන් සෙලිබ්‍රේෂන් එක….

තම දියණිය උපන් පසු ලබා ගත් ශතකය තම දියණ්යට තෑග්ගක් ලෙසලබා දීමට මහේල ඩුබායි හී ලබා ගත් ශතකය්‍ර්න් අනතුරුව එය සැමරූ අයුරු
තම මිත්‍රයා සිහිකිරීමට ඩේවිඩ් වෝනර් ක්‍රියා කල අන්දම

අලුත්ම එක දැඩි දෝෂ දර්ශනයට ලක්වන පුහුණුකරු වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟය ජය ගැනීම

මේ ඉතිහාසයේ එවැනි සුන්දර සිදුවීම් කිහිපයක් පමණි.

-Pradeep Lakmarley-

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top