Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 20
1,178
Views
ආගරපතන පොලිස් වසමට අයත් හොල්බෘක් වතුයායේ අලර්වල්ලි  ලොවර්ග්‍රැන්ඩ් ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි පිරිමි ළමයා අද (20) උදැසන ඔහු පදිංචි සිට නිවස අසලම පාරක සිට හමු වු බව ආගරපතන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආනන්දසිරි මහතා පැවසිය.

යදිස් විදුර්ෂන් නැමති අවුරුදු  2 වයසැති මෙම ළමයා නිවසේ සෙල්ලම් කරමින් සිටියදි ඊයේ (19) පස්වරු 3 සිට අතුරුදහන්ව ඇති බව පවුලේ ඥාතින් විසින් ආගරපතන පොලිසියට  පැමිණිල්ලක්ද කර තිබුණි.

එම පැමිණිල්ල අනුව ඊයේ රාත්‍රි ආගරපතන පොලිසියේ නිලධාරින්, පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින්  සහ ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුමක්ද දියත් කෙරිණි.

අතුරුදහන්ව සිටි ළමයා කිසියම් කෙනෙකු විසින් පැහැරගෙන ගොස් ළමයා සොයා මෙහෙයුමක් දියත් කර ඇති නිසා ළමයාව ආපසු නිවස අසලටම ගෙනවිත් දමන්නට ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරයි.
සොයාගත් ළමයා මේ වන විට ආගරපතන රෝහලට ඇතුලත් කර ඇති  අතර ළමයාට කිසිදු අනතුරක් සිදු වි නොමැති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top