Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 19
555
Views
දැනට ඩුබායි හි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට අයත් බවට පැවසෙන සියලූම බැංකු ගිණුම් පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා. 

ඩුබායි සහ මෙරට බැංකු ගිණුම් 23කට වැඩි ප්‍රමාණයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් පරීක්ෂාවට ලක් කර ඇති බවටයි වාර්තා වන්නේ. 

බැංකු ගිණුම්වලට අමතරව මධුෂ්ට අයත් බව කියන වත්කම් පිළිබදව ද පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව සඳහන්.

ඔහුට අයත් ඩුබායි බැංකු ගිණුම් පිළිබදව තොරතුරු ලබා ගැනීම සඳහා නීතිමය කටයුතු ද ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ. 

දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ හෙරොයින්, කොකේන් සහ කප්පම් ගැනීම් මෙන්ම මුදලට සිදුකළ ඝාතන වලින් රුපියල් කෝටි 500කට වැඩි ප්‍රමාණයක් ඔහු උපයා ඇති බවයි. 

මේ අතර, මධුෂ් සමඟ ඩුබායි හි අත්අඩංගුවේ සිටින කෙසෙල්වත්තේ දිනුක නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. 

ඔහු චරිදු චනිල්ක සංකල්ප හෙවත් රයිනා නමින් හඳුන්වන 24 හැවිරිදි අයෙක්. කෙසෙල්වත්ත - වේල්ලවීදිය ප්‍රදේශයේදී පෙරේදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව මොහුට චෝදනා එල්ල වනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top