Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 18
986
Views
මීට මාස කිහිපයකට කළින් අම්බානි පවුලේ සුපිරි විවාහ උත්සවයක් මොම්බායේදී පැවැත් වුණා. ඒ ඊෂා අම්බානිගේ විවාහ උත්සවයයි. ඒ උණුසුම ගෙවී යෑමට මත්තෙන් ලබන මාර්තු මාසයේ මුල් සතියේදී තවත් එවැනිම විවාහ උත්සවයක් පැවැත්වීමට අම්බානි පවුලේ සමාජිකයන් ළහි ළහියේම සූදානම් වෙමින් සිටිනවා.

මෙවර විවාහ වෙන්නේ ආකාශ් අම්බානි. මේ වනවිටත් ආකාශ් ෂර්ලෝකා සමඟ විවාහ ගිවිසගෙන අවසන්. ඔවුන් එලෙස විවාහ ගිවිස ගත්තේ පසුගිය ජුනි මාසයේදීයි.
 
එළැඹෙන පෙබරවාරි 23 සිට 25 අතර කාලයේදී ආකාශ් ”බැච්ලර් පාටියක්” පවත් වන්න අදහස් කරලා. මේ පාටිය ආකාශ් පවත්වන්න තෝරාගෙන තියෙන්නේ ස්විස්ටර්ලන්තයේ. මේ පාටිය සඳහා ආකාශ්ගේ සමීපතම මිතුරන් 500 කට පමණ ආරාධනා කරලලූ. ඒ අතර ආකාශ් ළඟින් ඇසුරු කරන කරන් ජොහාර් සහ රන්විර් කපූර් ගේ නම් තියෙනවලූ. කොහොම වුණත් ආකාශ් තමන්ගේ ඉන්දීය මිත්‍රයන් මේ පාටියට එකතු කර ගන්න ඕන නිසාම ඒ වෙනුවෙන් ගුවන් යානා 02 ක්ම වෙන් කරලා කියලත් ආරංචියි.
 
මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිත මේ සුපිරි විවාහ උත්සවය පිළිබඳ තවත් අපූර්ව තොරතුරු අපට ඉදියේදී දැක ගන්නත්” අහන්නත් ලැබේවි.

Image result for akash ambani

Related image


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top