Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 18
1,660
Views
ඒ වුණත් මට විශ්වාසයක් තිබුණේ නැහැ ඒ ගැන
 
මමත් ලිංගික ජිවිතයකට ආස කළා
 
 
22 හැවිරිදි කයිල් මෝටිස් ගැන මේ කතාව, ටිකක් විශ්මයජනක කතන්දරයක්.
 
ඇයගේ රූපය දකින ඕනෑම කෙනෙකුට ඇය සාමාන්‍ය ගැහැණු ළමයෙක් වුණත් ඒක එහෙම නෙවෙයි කිව්වොත් ඔබ පුදුමයට පත් වෙයි.
 
ඇරිසෝනා ප්‍රාන්තයේ ග්‍රම්බඩ්හි උපත ලබන මේ සුරූපිනියට තිබුණු අසාමාන්‍ය රෝගය හඳුනා ගන්නේ Mayer Rokitansky Kuster Hauser syndrome යන නමින්.
 
තව විදිහකින් කිව්වොත් මේ රෝගය හඳුන්වා දෙන්නේ යෝනි විවරයක් නොමැතිව උපත ලැබීමක් ලෙසයි.

මෙවැනි අසාමාන්‍ය තත්ත්වයක් තුළ ඇය ලෝකයට මුහුණ දුන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්.
 
ඇයට පාසලේදී වගේම සාමාන්‍ය ජිවිතයේ, සමාජයෙනුත් වසං වෙලා ජිවත් වෙන්න සිද්ධ වුණා. සමහරක් වෙලාවට ඇයව අනිත් අයගේ සමච්චලයට ලක් වුණා.
 
වෛද්‍යවරුන් කියා තිබුණේ ඇයට යෝනි මාර්ගයක් නොමැති බවත්, එමෙන්ම ඇයට ගැබ් ගැනීමට හැකියාවක් හෝ නැහැ කියලයි.
 
යොවුන් වියේ පසුවෙන ඕනම කෙල්ලෙකුට තියෙන හුඟක් හීන කයිල්ට තිබුණා වුණත් ඇය මේ රෝගී තත්ත්වය නිසා ඒ හීන යටපත් කරගන්නවා. ඉන් අනතුරුව ලෝකයට බයෙන් ජිවත් වෙන ඇයට ආදරය, විවාහය කියන දේවල් අතහරින්න සිද්ධ වෙනවා.
 
ඒ වුණත් ඇයට කළකිරීමෙන් කාලය ගත කරන්න වුණේ දින කිහිපයක් විතරයි. අහම්බෙන් මුණ ගැහෙන එක්තරා තරුණයෙක් ඇයගේ ජිවිතය සුබවාදී ලෙස වෙනස් කරන්න පටන් ගන්නවා.
 
ඔහුගේ නම රොබී. ඔහු අධ්‍යාපනය ලැබුවේ ඇයගේ පාසලේමයි. දිනක් ඇය මේසයක් මත හිඳ පාසල් වැඩකටයුතු කරන මොහොතක රොබී පැමිණ ඇයට කතා කරනවා. මේ විදිහට පටන් ගන්න මේ දෙන්නගේ හිතවත්කම අවසානයේ ආදරයක් බවට හැරෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ.
 
ඒත්.... කයිල්ට ඇයගේ අසාමාන්‍ය තත්ත්වය ඔහුට කියන්න ඕනි වුණා. එක්වරම කියන්න මැලි වුණත් මාසයක පමණ කාලයක් ගත වෙද්දි ඇය මේ ගැන පෙම්වතාට කියනවා.
 
ඔහු මොනා කියන්න ඇද්ද? ඇත්තටම ඔහු මුලින් අපහසුතාවයට පත්වුණා. ඒත් කයිල් ගැන ඔහුගේ හිතේ තිබුණු ආදරය මහා විශාල එකක් වුණා. ඔහු මේ තරුණිය තමන්ගේ සහකාරිය කරගන්න හීනය අතහරින්න කැමති වුණේ නැහැ.
 
ඒ අවංක ආදරය කොතෙක්ද යත් ඔහු ඔහුගේ මාසික වැටුපෙන් ඩොලර් 50ක පමණ මුදලක් ඇය වෙනුවෙන් වෙන් කරනවා. ඒ යෝනි මාර්ගය විවර කිරීමේ සැත්කම වෙනුවෙන්.
 
මේ ශල්‍යකර්මයට ඩොලර් 15000ක මුදලක් උවමනා වෙනවා. අවසානයේදී ඒ සම්පූර්ණ මුදල හොයාගන්න ඔහුට හැකිවෙනවා.
 
රොබීගේ අවංක ආදරයේ මහිමයෙන් ශල්‍යකර්මයට සාර්ථකව මුහුණ දෙන කයිල්, සාමාන්‍ය ගැහැණියක් බවට පත් වෙනවා.
 
පුංචි හේතුවලට ආදරය අත්හරින බොහෝමයක් පෙම්වතුන් අතරේ රොබී තමන් වෙනුවෙන් කරපු ඒ අසීමිත කැපකිරීම ගැන ඇය කියන්නේ මහ ගොඩක් ආදරෙන්.
 
“ඇත්තටම ඔහු අපේ ආදරේදී ලිංගිකත්වයට මූලිකත්වය දීලා කටයුතු කළේ නැහැ.. නමුත් මම ඒ දේවල් ඔහුගෙන් බලාපොරොත්තු වුණා. ඒ වුණත්, මට විශ්වාසයක් තිබුණේ නැහැ ඒ ගැන.. “
 
වෛද්‍යවරු පවා මෙහිදී සඳහන් කර තිබුණේ ඇයට මෙම සැත්කම සිදු නොකළා නම් ඇගේ ජිවිතයට පවා සෘණාත්මක බලපෑමක් සිදු වන්නට ඉඩ තිබූ බවයි.

පහත ජායාරූපවල සිටින්නේ කයිල් මොටිස්...
 
 
කයිල්ට වැළඳුනු රෝගය නම් කරනු ලබන්නේ Mayer Rokitansky Kuster Hauser syndrome (MRKH) ලෙසිනුයි. එනම් උපතින්ම යෝනි මාර්ගයක් රහිතව උපත ලැබීමයි.
 
 
ශල්‍යකර්මයට සියලු මුදල් එකතු වූ සතුට සමරන කයිල්.. මේ සඳහා ඩොලර් 15000ක මුදලක් අවශ්‍ය වුණා.
 
 
කයිල් ඇගේ සොහොයුරිය සමඟ..
 
 
ඇය තම දෙමව්පයන් සමඟ ලබාගත් ජායාරූපයක් පහතින්...
 
 
කයිල්ගේ ජිවිතයට නැවත ජීවය දුන් ඇගේ පෙම්වතා රොබී.. ඔහු තම මාසික වැටුපෙන් කොටසක් ඇය වෙනුවෙන් වෙන් කොට තැබුවේ, ඇගේ සැත්කම සිදුකොට ඇය සාමාන්‍ය ගැහැණියක් ලෙස දැකගැනීමේ බලාපොරොත්තුවෙන්...
 
 
“ඇත්තටම ඔහු අපේ ආදරේදී ලිංගිකත්වයට මූලිකත්වය දීලා කටයුතු කළේ නැහැ.. නමුත් මම ඒ දේවල් ඔහුගෙන් බලාපොරොත්තු වුණා. ඒ වුණත්, මට විශ්වාසයක් තිබුණේ නැහැ ඒ ගැන.. “ කයිල් සිය පෙම්වතාගේ කැපකිරීම සිහිපත් කරන්නේ එලෙසිනුයි.
 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top