Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 February 18
574
Views
ධනංජි තාරුකා කියන්නේ පුංචි තිරයේ දකින්න ලැබෙව දක්ෂ රංගන ශිලිපිණියක්. කෙටි කාලයක් තුළ දඟකාර, කටකාර චරිතවලින් ප්‍රේක්ෂක ආකර්ෂණය ආදරය දිනා ගත් ඇය පසුගිය 14 වනදා විවාහ දිවියට පිවිසුණා.

ඒ ඔහු වසර එකහමාරක් පමණ ආදරය කළ පෙම්වතා වූ සුදම් දෙව්නක වීරනායක සමඟයි. වසර එකහමාරක් කාලයක් පුරාවට ගෙවුණු ඒ ආදර කතාව ගැන ඇය පුවත්පතකට කියලා තිබුනේ මේ විදියට...

ධනංජිගේ ජිවිතේ විශේෂ වෙනසක් සිදුවුණා නේද?

ඔව්.. මම විවාහ ගිවිස ගත්තා. අපේ ආදර කතාවට අවුරුදු එකහමාරක් ගත වෙද්දි පවුල් දෙකේම සම්බන්ධය තව තවත් ගොඩනඟන්න අපේ විවාහ ගිවිස ගැනීම කරන්න හිතුවා. පෙබරවාරි 14 වැනිදා අපේ ගමේදී තමයි අපේ විවාහ විවාහ ගිවිස ගැනීමේ උත්සවය පැවැත්වුවේ.

ආදරවන්තයන්ගේ දිනයේ විවාහ ගිවිස ගැනීම සිදු කරන්න විශේෂ හේතුවක් තිබුණද?

අපේ විවාහ ගිවිස ගැනීම විශේෂ දවසක සිද්ධ වෙනව නම් හොඳයි කියලා හිතුවා. අපි මුලින්ම ජනවාරි මාසේ තමයි අපේ විවාහ ගිවිස ගැනීම සිදු කරන්න හිටියේ. ඒත් මගේ රූගත කිරීම් එක්ක ගැටලුවක් ආවා. අපේ හඳහන් බැලුවම පෙබරවාරි 14 සුබ වෙලාවක් තිබ්බා. ඉතින් මේ හැමදේම ගැන හිතලා තමයි පෙබරවාරි 14 වැනිදා විවාහ ගිවිස ගැනීම කළේ.

සාමාන්‍ය යෙන් විවාහ ගිවිස ගැනීමකට දෙවනි මනමාලයන් මනමාලියන් යොදාගන්නේ නැති තැම්. හැබැයි ඔබේ විවාහ ගිවිස ගැනීමේදී නම් දෙවැනි මනාල මනාලියන් දකින්න ලැබුණා..?

ඔව්. මගේ විවාහ ගිවිස ගැනීමේදී වෙනසක් කරන්න ඕනි කියලා හිතුවා. හොඳම යාළුවෝ යෙහෙළියෝ එකතු කරගෙන මගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය තවත් ලස්සන කරගන්න උත්සහ කළා. රුක්ෂානා, පබසරා, ධනංජනා, සූර්යා, ඉමේෂාන්, චතුරංග, ඉසුරු තමයි දෙවැනි මනාල මනාලියන් ලෙස හිටියේ.

ධනංජි බලාපොරොත්තු වුණ විදිහටම ජිවිතේ  ඒ විශේෂ දවස සැලසුම් කරගන්න පුළුවන් වුණාද?

ඔව් බලාපොරොත්තු වුණ විදිහටම හැමදේම ඉෂ්ඨ කරගත්තා. මම මේ වෙලාවේ මතක් කරන්නම ඕන කෙනෙක් ඉන්නවා. මම අවුරුදු දහසයේ ඉඳන්ම හැඩ ගැන්වුණේ මිෂෙල් වැන්ලන්ගන්බර්ග් අක්කා අතින්. ඉතින් මගේ වෙඩින් එකත් කවදහරි කරන්න දෙන්නේ එයාට කියලා හිතුවා. මගේ විවාහ ගිවිස ගැනීමේදී සියලුම වියදම් දරලා හැමෝම හැඩ ගැන්නුවේ ඇය. අපි සියලු දෙනාව ඇය ලස්සනට හැඩ ගන්වලා තිබුණා. ඇත්තටම මේ වෙලාවේ ඇයටත් මම ස්තුතිවන්ත වෙනවා.

ධනංජිගේ ජිවිතයට එකතු වුණ වාසනාවන්තයා කවුද කියලත් දැන් කියමු?

එයාගේ නම සුදම් දෙව්නක වීරනායක. එයා බිස්නස් කරන්නේ.

ධනංජිට සුදම්ව මුණගැහුණේ කොහොමද?

මම සුදම්ව අවුරුදු තුනක විතර ඉඳන් දන්නවා. අධ්‍යක්ෂකවරියක් මාර්ගයෙන් තමා එයාව මට මුණ ගැහුණේ. අපි ඒ කාලේ හොඳ යාළුවෝ විදිහට ආශ්‍රය කළා. ඒ කාලේ එයාලගේ ගෙදර යනවා.

එතකොට ආදර සම්බන්ධය පටන් ගත්තේ කොයි කාලේද?

අපි දෙන්නා යාළුවෝ විදිහට ආශ්‍රය කරද්දි අපි අතර විශේෂත්වයක් තිබුණා. එයා මට කතා කරද්දි වුණත් විශේෂ සැලකිල්ලක් තිබුණා. මමත් එයාට එහෙමයි. අපේ හිතේ ආදරයක් තිබීමට අපි යාළුවෝ නිසා කසාඳ බඳින තැන වෙනකල් හිතුවේ නැහැ. අපි ඒ දේවල් හිතන්න කලින් අපේ අම්මලා අපි දෙන්නා ගැළපෙනවා කියලා හිතලා විවාහය ගැන යෝජනාවක් කළා. දැන් අපේ ආදර කතාවක අවුරුදු එකහමාරක් වෙනවා. අපිටත් අපිව ගැළපෙනවා කියලා හිතුණා. ඒකයි අපි කල් නොයවා විවාහ ගිවිස ගැනීම සිදු කරන්න හිතුවේ.

සුදම්ව ජීවන සහකරුවා විදිහට තෝරාගන්න විශේෂ කාරණාවක් තිබුණාද?

ඇත්තටම සුදම් කියන්නේ බොහෝම නිවිච්ච, බෝහෝ තැන්වලදී ඉවසන, ඒ වගේම තැන්පත් කෙනෙක්. හැබැයි එයත්, මං වගේම දඟකාර කෙනෙක්. මටත් ඕනි වුණේ මම වගේම දඟකාර, කටකාර මං වගේම පිස්සු නටන කෙනෙක්ව. එයාව යාළුවෙක් විදිහට ආශ්‍රය කරද්දිත් පෙම්වතෙක් විදිහට ආශ්‍රය කරද්දිත් කිසිම වෙනසක් තිබුණේ නැහැ. එයා හොඳ තේරුම් ගැනීමක් එක්ක වැඩ කරන කෙනෙක්. ඉතින් මම හිතුවා එයා තමයි මට ගැළපෙනම කෙනා කියලා.

හරිම කාලේ විවාහය ගැන තීරණය ගත්තා කියලා හිතෙනවද?

ඔව්. දැන් වයසත් හරි. හරිම කාලේ විවාහය ගැන හරිම තීරණය ගත්තා කියලා හිතනවා.

විවාහ වුණා කියලා ධනංජි රංගනය අතහරින එකක් නැද්ද?

සුදම් කියන්නේ මාව හොඳටම අවබෝධ කරගත්ත කෙනෙක්. එයා කවදාවත් මට රංගන ක්ෂේත්‍රයේ වඩ කරන්න එපා කියන්නේ නෑ. මට ඕන වුණෙත් රංගන කටයුතුවලට නිදහස දෙන කෙනෙක්ව. සුදම් මට මගේ වෘත්තිමය ජිවිතයට උපරිම නිදහස දීලා තියනවා. මම කැමති විදිහට රංගන කටයුතු තෝරගෙන කරන්න මට ඉඩ ලැබිලා තියනවා.

මොනවද ඉදිරි සැලසුම්..?

හොඳ පවුල් ජිවිතයක් ගත කරන එක තමයි මගේ හීනය. හොඳ පවුල් ජිවිතයක් ගත කරන ගමන් කලා කටයුතුවලටත් සම්බන්ධ වෙලා හොඳ ගමනක් යන්න තමයි බලාපොරොත්තුව.

-තිළිණි කෞශල්‍යා විජේසිංහ-
(මව්බිම පුවත්පත)
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top